ලියන් සුරලියන් කරන කුංකුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

ලියන් සුරලියන් කරන කුංකුම

ලියන් සුරලියන් කරන කුංකුම

වර්තමානයේ දී සෑම යුවතියක්ම සහ කාන්තාවක්ම කැමතියි අනෙක් කාන්තාවන්ට වඩා ලස්සනට හැඩට ඉන්න. තමාගේ සුන්දරත්වය පිළිබඳව යම් කෙනෙක් අගය කරනවා නම් ඊට වඩා සතුටක් කාන්තාවකට නොමැති තරම්. කාන්තාවකගේ සුන්දරත්වය යටතට ගැනෙන එක් දෙයකි ලප කැළැල්වලින් තොර සුන්දර සමක්. බොහෝවිට යුවතියන් විසින් බාහිර ආලේපන වලින් ලබාගන්නා තාවකාලිකව පැහැපත් බව නිසා මුහුණේ තිබෙන ස්වභාවික සුන්දරත්වය අහිමි කරගනී. දිගුකාලීන ස්වභාවික සුන්දරත්වය ලබාගැනීමට නම් කාන්තා ඔබට භාවිතා කළ හැකි දෙයකි කුංකුම.

 

 

ඉන්දියානු කාන්තාවන්ගේ රුව රකින රහස් පිළිබඳව කතා කිරීමේදී කුන්කුම රේනු ප්‍රධාන තැනක් ගනී. කුංකුම භාවිතය නිසා සිරුර දීප්තිමත් වන අතර සමේ ඇතිවන කළු ලප අඳුරු තැන් පැහැපත් කර සමේ තෙතමනය ආරක්ෂා කිරීමත් සිදුවේ. සියවස් ගණනාවක සිට පැවත එන ප්‍රධාන කුළුබඩුවක් වශයෙන්ද කුංකුම හඳුනාගත හැකියි. තවද සුවඳ ද්‍රව්‍යයක්, සායම් ද්‍රව්‍යයක් සහ ඖෂධීය ද්‍රව්‍යයක් වශයෙන්ද මේවා ප්‍රචලිත ය. කුංකුම නැතහොත් සැෆ්රන් යනු ඉතා කුඩා පැළෑටියකි. මේවා ලොව පවත්නා මිලෙන් අධික කුළු බඩු අතර ප්‍රධාන තැනක් ගන්නා කුළුබඩුවක් වශයෙන් ද හඳුනාගත හැකියි. එහි පිපෙන දම් පැහැති මල් වල කලංකයෙ රේණු වලින් කුංකුම සාදාගනී. යුවතියන්ගෙ සම පැහැපත් කරන රූපලාවන්‍ය ඔසු අතර කුංකුම වලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. සම මතුපිට ඇති අක්‍රීය සෛල ඉවත් කිරීමට, සම සුසිනිදු කිරීමට සහ රුධිර ශෝධනයට ඇති හැකියාව වැනි ගුණවලට අමතරව කුංකුම ප්‍රතිඔක්සිකාරකයක් වශයෙන් ද ක්‍රියා කරයි. එනම් වයස්ගත වීම වළක්වන නියෝජිතයෙකු වැනි සෞඛ්‍යමය වාසි රැසක් කුන්කුම මිනිසාට ගෙන දෙයි. කුංකුම භාවිතය තුලින් ඔබට නිවසේදීම අතුරු ආබාධ වලින් තොරව ස්වභාවික සුන්දරත්වයක් ලබා ගැනීමට හැකියාවක් පවතී. කුංකුම ආලේපයක් වශයෙන් මෙන්ම පානයක් වශයෙන් ද භාවිතා කළ හැකියි. පානයක් ලෙසට ලබාගැනීමේදී රේණු හතරක් පහක් එකතුකර ගැනීමට ඔබට පුළුවන්.

 

මේ සඳහා ඔබ විසින් උණුසුම් කිරි කෝප්පයක් භාවිතා කළ යුතුයි. saffron යනු උෂ්ණාධික කුළුබඩු වර්ගයක් නිසා කිරි සමඟ මිශ්‍ර කළ විට කිසිදු ගැටළුවක් නොමැතිව පානය කළ හැකියි. මේ සඳහා ඔබට පිටිකිරි හෝ එළකිරි වුවද භාවිතා කළ හැකි අතර කිරි පානය කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන කෙනෙකුට ඒ වෙනුවට උණු වතුර සමඟ ද කුංකුම පානය කළ හැකියි. කුංකුම සතුව පවතින ඖෂධීය ගුණ සහ සුන්දරත්වයේ රහස් පිළිබඳව දැන් ඔබට කිසියම් අවබෝධයක් ලැබී ඇති. ඔබත් සුන්දර වීමට සිහින දකින යුවතියක් නම් කුංකුම භාවිතයට ගැනීමට දෙවරක් නොසිතන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

1925 Views

Comments

arrow-up