කාර්යාලයේදී ඇතිවන stress පාලනය කරගන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

කාර්යාලයේදී ඇතිවන stress පාලනය කරගන්නේ මෙහෙමයි

කාර්යාලයේදී ඇතිවන stress පාලනය කරගන්නේ මෙහෙමයි

ඔබ කාර්යාලයක සේවය කරන කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයෙක් නම් කාර්යාලයේ පවතින අධික වැඩ නිසාවෙන් ඇතිවන මානසික ආතතිය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඇතැම් අවස්ථාවන්වලදී ඔබට රැකියාව අතහැර දමා යාමට තරම් සිතී ඇති අවස්ථා තිබෙන්නට පුළුවනි. කාර්යාලයේ දී ඇතිවන අධික මානසික ආතතියෙන් මිදීමට කළ හැකි උපක්‍රම කීපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


කැෆෙන් බහුල ආහාර පාන මගින් මනසේ නොසන්සුන්තාවය සහ කෝපය වැඩිකරන බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඒ වෙනුවට මනසට වඩාත් සැහැල්ලු සන්සුන් බවක් ගෙනෙන පාන වර්ග ලෙස සිසිල් වතුර, greentea, උණුසුම් එළකිරි හෝ කිරි වීදුරුවක්, පලතුරු යුෂ, ඉඟුරු ප්ලේන්ටි යන දේ වැඩිපුර භාවිතයට ගන්නා ලෙස පර්යේෂකයන් නිර්දේශ කොට තිබේ. එවැනි පාන වර්ග සිරුරට ලබාගැනීම තුළින් කාර්යාලයේදී ඔබට ඇතිවන මානසික ආතතිය යම්තාක් දුරකට අවම කරගත හැකියි. තවත් ඔබට කාර්යාලයෙදි stress අවම කරගත හැකි දෙයක් තමා චුයින්ගම්. ඒවා සැපීම ඔස්සේ මොළයේ ලේ ගමනාගමනය විධිමත් කිරීමට උදව් වන අතර stress relief food එකක් විදියට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබේ. ඒ හින්දා ඔෆිස් යනකොට චුයින්ගම් රැගෙන යන්න ඔබත් අමතක කරන්න එපා. stress සහ depression යන අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් දෙකටම මූලික හේතුවක් ලෙස විනීත බව සහ අධික ඉවසීම හඳුනාගෙන ඇති බව ඔබ දන්නවාද. ගෙදරදී ඔබ ආදරය කරන මිනිසුන්ගේ හිත රිදවන්න බැරිකමට ඔබේ කෝපය දුක කලකිරීම පාලනය කරගෙන අධික ඉවසීමෙන් කටයුතු කරන චරිතයක් නම් ඔබගේ මනස ඇතුලෙ කැකෑරෙන එම අයහපත් සිතිවිලි පීඩනයක් වෙලා ඉන් හානි කරන්නේ ඔබේ ම මානසික සෞඛ්‍යයට සහ ශාරීරික සෞඛ්‍යයට බව අමතක නොකරන්න. එම නිසාවෙන් ඔබගේ නිවසේදී කාර්යාලයේදී බැරි දේට බැහැ කියන්නත් නැහැ කියන්න එපා කියන්නත් පුරුදු වෙන්න. අවශ්‍ය විට හෝ විරෝධය පාන්න ප්‍රතික්ෂේප කරන්න වගේම පහදා දෙන්නටත් ඔබට පුළුවන්. එමෙන්ම ඔබට ඇතිවන මානසික ආතතියට බොහෝ දුරට ඔබගේ ආහාර රටාවන් ද බලපෑ හැකියි. එමනිසා stress relief foods අපගේ ශරීරයට ලබා ගැනීම ඉතාමත් වැදගත්. එවැනි ආහාර තුළින් ශරීරයේ අඩංගු සෙරටොනින් ප්‍රමාණය අඩු නොවී තබා ගැනීම සඳහා උදව් වන බව ඔබ දන්නවාද. බිත්තර, වට්ටක්කා ඇට, ඩාර්ක් චොක්ලට්, යෝගට්, ඔමේගා ත්‍රී බහුල මැකරල් යනාදී ආහාර වැඩියෙන් ශරීරයට ලබා ගැනීමට හැකියාවක් පවතී නම් ඔබගේ සිතේ ඇති වන මානසික ආතතිය බොහෝ දුරට අවම කරගැනීමට ඔබට හැකියාවක් ලැබේවි. මෙවැනි සුළු සුළු ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිල්ලක් දැක්වීම තුළ ඔබටත් කාර්යාලයේ දී ඇතිවන අනවශ්‍ය මානසික පීඩනය අවම කරගැනීමට හැකියාවක් ලැබේ. මානසික ආතතිය යනු සුළුවෙන් සැලකිය යුතු කාරනාවක් නොවේ. දිගින් දිගටම මානසික ආතතිය පැවතීමෙන් සිදුවන්නේ අනවශ්‍ය ආකාරයෙන් ඔබ රෝගියෙකු බවට පත්වීමයි. හැකි පමණ මානසික ආතතිය අවම කර ගනිමින් සතුටින් කාර්යාලයේ වැඩකටයුතු කර ගැනීමට ඔබත් උත්සාහ කරන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

717 Views

Comments

arrow-up