Narcissism තත්ත්වයට අත වනන ඔබේ සෙල්ෆි

වර්තමානයේ දී යන යන තැන සෙල්ෆි ගැනීම සෑම දෙනෙකුගේම පුරුද්දක් බවට පත් වී තිබේ. සෙල්ෆි ගැනීම සාමාන්‍යයෙන් කිරීම වරදක් නොවුනත් ඊට ඇබ්බැහි වෙමින් සිදුකළහොත් එය ඔබට අහිතකර වන බව ඔබ දන්නවාද. selfie නමැති වචනය විශ්ව ශබ්දකෝෂයට එක් වූයේ මෑත කාලයේදී. තමාගේ selfie සමාජය මාධ්‍ය ජාලාවලට දමමින් අන් අයගේ ආකර්ශනය දිනා ගැනීමට වර්තමාන තරුණ පරපුර දක්වන්නේ ඉමහත් කැමැත්තක්. තමාගේ ස්වාමිපුරුෂයා හෝ බිරිඳ පවා සෙල්ෆිය ඉදිරියේ පඹයෙකු බවට පත් කරන තරමටම වර්තමානය වන විට සෙල්ෆී ගැනීම උන්මාදයක් බවට පත් වී අවසානයි. smart ජංගම දුරකථන පැමිණිමට පෙර නිවසේ ගෘහණියන්ගේ මූලික අවධානය යොමු වූයේ රූපවාහිනියේ විකාශය වන ඉන්දියානු කතාමාලාවන් නැරඹීම කෙරෙහි ය. නමුත් smart ජංගම දුරකථන පැමිණීමෙන් පසුව එම තත්ත්වය වෙනස් විය. සෑම මොහොතකම සෙල්ෆි ගැනීමට ඇබ්බැහි වූ කාන්තාවන් මොනතරම් අප අතර සිටිනවාද. ඇත්තෙන්ම මෙය විවාහ දිවියට විශාල තර්ජනයක් බවට පත්වෙයි.
2016 වර්ෂයේ දී ෆ්ලොරීඩා ජනපද සරසවියේ අධ්‍යනයකට අනුව සොයාගෙන ඇත්තේ නිතර පවුල් සංස්ථාව වාද විවාදවලින් උණුසුම් වීමටත්, ඊර්ෂ්‍යාව තරගකාරීත්වය යනාදිය ඇතිවීමටත් සෙල්ෆි මුල් වන බවයි. සෙල්ෆි වලට ඇබ්බැහි වීම අඹු සැමි සබඳතාවයෙ ගුණාත්මකභාවය අතිශය පහත හෙලීමට සමත් වන බව තවදුරටත් ඔවුන් විසින් සනාථ කර ඇත. තම සහකරුගේ හෝ සහකාරියගේ සෙල්ෆි වලට ලැබෙන ප්‍රතිචාර නිසා යුග දිවියේ පැවැත්ම පිළිබඳව බියක් ඇතිවීම පුදුම විය යුතු කාරණයක් නම් නොවේ. එවිට අනෙකාගේ සමාජ වෙබ් අඩවියට නිරන්තරයෙන් පිවිසීමෙන් ආතතියක් පීඩාවක් ඇති වේ. එවිට ඔවුන් දෙදෙනාටම තමන් යුග දිවිය සතුටින් සැනසීමෙන් ගත කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඇහිරී යන බව ඔබ දන්නවාද. මේ සියල්ලකගේම අවසානය දික්කසාදය විය හැකියි. මෙහි පවතින භයානක තත්ත්වය වන්නේ සෙල්ෆි වලට ඕනෑවට වඩා ඇබ්බැහිවීම තුළින් narcissism තත්ත්වයට පත්විය හැකි වීමයි.
තමන්ගේ පෙනුම පිළිබඳව මේනියාවක් ඇති කරගන්නා මෙවැනි අය සෙල්ෆි සමාජ වෙබ් අඩවිවලට දමමින් වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට උත්සාහ දරයි. comments වැඩි වන තරමටම සෙල්ෆි සැපයුම ද වැඩිවේ. සැමියා සහ බිරිඳ අතර ඇති වන්නේ ආත්මීය බැඳීමකි. එම බැඳීම අතරට ඔබ කොහේවත් නැති සෙල්ෆි ලං කර ගන්නේ කුමක් නිසාද. එමගින් සිදුවන්නේ දෙදෙනා අතර පවතින එම බැඳීමට හානි වීමයි. ස්මාට් ෆෝන් එක දෙස නොව ඔහුගේ හෝ ඇයගේ දෙනෙත් දෙස දෑස් යොමු කරන්න. එවිට ඔබටත් ඔබගේ පවුල් ජීවිතය වඩාත් සුන්දර කර ගැනීමට හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
474 Views
Comments