සුන්දර මුහුණකට විටමින් සී පේෂල් සත්කාර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
20

සුන්දර මුහුණකට විටමින් සී පේෂල් සත්කාර

සුන්දර මුහුණකට විටමින් සී පේෂල් සත්කාර

ඕනෑම කාන්තාවක් කැමති ලස්සනට ඉන්න, ලස්සනට අඳින්න පළඳින්න, ගමන් බිමන් යන්න. එම නිසාවෙන්ම වර්තමානයේ දී බොහොමයක් කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු උදෙසා දක්වන්නේ දැඩි උනන්දුවක්. මෙහිදී කාන්තාවන් විසින් තමාගේ මුහුණ පිළිබඳව අනෙකුත් ශරීර අංග වලට වඩා අවධානයක් යොමු කිරීමක් ද දක්නට ලැබේ. මක්නිසාද අනෙකුත් ශරීර අංග වලට වඩා කැපී පෙනෙන්නේ මුහුණ නිසාවෙනි. දිනෙන් දින දියුණුවන තාක්ෂණයත් සමඟ රුව ලස්සන කිරීම සඳහා ලෝකයේ දියුණු රටවල් විසින් නව නිෂ්පාදන නිපදවීම නිරන්තරයෙන්ම සිදුවන ක්‍රියාවලියකි. ඇමරිකාවේ රූපලාවණ්‍ය පර්යේෂණායතනයක් විසින් සොයාගත් එවන් අලූත් නිෂ්පාදනයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


පේශල් කිරීම යනු ඔබ කවුරුත් දන්නා සත්කාරයක්. මුහුණේ සම නිරෝගීව තබා ගැනීමටත්, ආරක්ෂා කර ගැනීමටත්, පැහැපත් කර ගැනීමටත්, තරුණ පෙනුම රැක ගැනීමටත් බොහෝ දෙනෙක් පේශල් ප්‍රතිකර්ම සඳහා යොමු වෙයි. එවැනි පේෂල් ක්‍රම අතරින් විටමින් සී පේෂල් සත්කාරය ඉතාමත් ප්‍රතිඵලදායක සත්කාරයකි. කිසිදු වයස් සීමාවකින් තොරව ඕනෑම අයෙකුට කරගත හැකි නිසාත් ක්ෂණිකව ප්‍රතිඵල ලැබීම නිසාත් දියුණු රටවල මෙය වඩාත් ජනප්‍රිය පේශල් ප්‍රතිකර්මයක් බවට අද වන විට පත්ව තිබේ. මෙම ප්‍රතිඵලදායක පේෂල් සත්කාරයේ පවතින විශේෂත්වයක් වන්නේ එහි දී ගල්වන ආලේපන සහ පැක් වලට වැඩි වශයෙන් විටමින් සී සහ alphahydroxy අම්ලය ඇතුළත් කොට සුළු වශයෙන් තවත් විශේෂිත ඖෂධ කිහිපයක් සංයෝග කර තිබීමයි. එම alpha hydroxy අම්ලය ද පළතුරු යුෂ වලින් ලබා ගන්නා ඖෂධයකි. මෙම alpha hydroxy අම්ලයේ පවතින ගුණාත්මකභාවය පිළිබඳව ඔබ දන්නවාද. එය සමේ රෝම කූප තුළට ඉතා තදින් කිඳා බැස මැරුණු සෛල ඉවත් කොට ඉතා සාර්ථකව සම පවත්වාගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි. මුහුණේ පැහැය අඩු වීම, රැලි වැටීම, පේශි එල්ලා වැටීම සහ ලප ඇතිවීම ආදී සියලු දේට මූලික හේතුවක් වන්නේ මැරුණු සෛල තෙල් සමඟ මුසු වී සමේ සියුම් කුහර තුළ දිගු කලක් පැවතීමෙන් ඒ ඇතුලත ඇති ඉලාස්ටික් තන්තු සහ කොලැජන් තන්තු දුර්වල වීමයි. වයස අවුරුදු 16 වන තෙක් ස්වභාවිකවම මැරුණු සෛල ශරීරයෙන් ඉවත් වන අතර ඉන් අනතුරුව එය කෘතිමව සිදුකර ගැනීමට සිදුවේ.

 

 

මෙම පේෂල් ප්‍රතිකර්මය ආරම්භ කිරීමේදී මුලින්ම ක්ලෙන්සර් කර සම හොඳින් පිරිසිදු කර ගත යුතුයි. ඉන් අනතුරුව ස්ක්‍රබ් කර සමෙහි ඉතා සියුම් කුහර තුළ ඇති තෙල් ,කුණු සහ මැරුණු සෛල කොටස් ඉවත් කළ යුතුයි. එලෙස ඉවත් නොකිරීමෙන් ගල්වන පැක් එකේ ඇති අඩංගු ඖෂධීය කොටස් සමට උරා ගැනීම ප්‍රමාද කරවයි. ස්ක්‍රබ් කිරීමෙන් අනතුරුව මසාජ් කිරීම ද කළ යුතු අතර එමගින් මුහුණේ සමට රුධිර සැපයුම වැඩි වේ. ඉන් අනතුරුව විටමින් සී, alphahydroxy අම්ලය සහ අනෙකුත් ඖෂධීය කොටස් අඩංගු පේෂල් පැක් එක ගල්වා මිනිත්තු 15ත් 20ත් අතර කාලයක් තිබිය යුතුය. මෙය වඩාත් ඉක්මනින් ප්‍රතිඵල ලැබිය හැකි පේෂල් සත්කාරයකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ බොහෝමයක් රූපලාවණ්‍යාගාරවල දී ඔබටත් මෙම ප්‍රතිකර්මය සිදු කර ගනිමින් එහි වෙනස අත්විඳීමට හැකියාවක් පවතින බව සතුටට කරුණකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

views

1585 Views

Comments

arrow-up