දේශගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙන නිවාස
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

දේශගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙන නිවාස

දේශගුණික වෙනස්කම් වලට ඔරොත්තු දෙන නිවාස

ගෝලීය පාරිසරික විපර්යාසයන් තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතක් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ උෂ්ණත්වය ඉහළ යාමයි. එමෙන්ම වර්ෂාපතන රටාව වෙනස්වීමෙන් වර්ෂයකට ලැබෙන වැසි වසර පුරා කඩින් කඩ නොව අධික සුළං සහිත තද වැසි ලෙස වර්ෂයේ දින කිහිපයකට පමණක් සීමා වී ලැබිමෙන් නිවාසවලට ගං වතුර, අකුණු, විදුලි සැර, දේපල හානි, ගස් කඩා වැටීම් යනාදියෙන් නොසිතු විරූ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. සමකාසන්නයේ සිටින ශ්‍රී ලංකාවට හිරු එළිය වසර පුරා ලැබෙන නිසා උෂ්ණත්වය ඉහළ යාම තදින්ම බලපාන ගැටලුවකි.එබැවින් අනාගතය ගැන දෙවරක් නොව තෙවරක් සිතා ඔබේ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් සිදු කළ යුතුය.

 

 


ඒ අනුව පහත කරුණු පිළිබඳ දැනුවත්භාවයකින් ඔබේ නිවසේත් ඉදිකිරීම් සිදුකරන්න.
සැලැස්ම ඇඳීමේදී වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කිරීමට මුල් තැන දෙන්න. මන්ද නිවස සාදා නිම කළ පසු නැවත් කඩා බිඳ සකස් කිරීම ප්‍රායෝගික නොවන බැවිනි.

ඔබේ නිවස ඉදි කිරීම සඳහා සැලැස්ම ඇඳීමේ දී ඔබගේ හා ඔබේ පවුලේ අවශ්‍යතාවයට අනුව කාමර සංඛ්‍යාව, කාමරවල විශාලත්වය සහ නිවසේ අනෙකුත් අංශවල ප්‍රමාණය තීරණය කළ යුතුය. සැලසුම්ශිල්පියාගේ උපදෙස් ලබා ගත්තත් තමගේ අවශ්‍යතාවයට මුල් තැන දීමට බුද්ධිමත් වන්න.ඔබේ අවශ්‍යතාවයට වඩා වැඩි දේවල් ඉටු කිරීමට ගොස් නිකරුණේ මුදල් නාස්ති නොකරන්න.

නිවස සෑදීමට පටන් ගත් පසු අත්‍යවශ්‍ය දේට පමණක් මුදල් වැය කිරීමට වග බලා ගන්න. සුළු වියදම් යැයි ඔබ සිතන හැම දේම නිවස සදා නිම කිරීමට ආසන්න වන විට අපරාදේ යැයි සිතිය හැකිය. ඔබට මුදල් අඟ හිඟ වෙලාවේ දී පොඩි පොඩි වියදම් අවසානයේ දී ලොකු මුදලක් ඔබට ඉතිරි කරනු ඇත.

නිවස ඉදි කිරීම සඳහා ක්‍රොන්තාත්කරුවන්ට හෝ බාස්වරුන්ට භාර දුන් පසු ඔවුන් නිවස ඉදි කිරීමට යොදන අමුද්‍රව්‍යවල ප්‍රමිතිය ගැන ඔබ සොයාබලන්න. මේ පිළිබඳ නිසි අවබෝධයක් නැති නම් දන්නා කෙනෙකුගෙන් හෝ අන්තර්ජාලයෙන් දැනගන්න. නැත්නම් ඔබේ මුදල්වලට නිසි සාධාරණයක් ඉටු නොවනු ඇත.

සම්පත් අවමව භාවිතා කර නවීන විද්‍යානූකූලව නිෂ්පාදනය කරන නිවාස සෑදීමට ගන්නා අමුද්‍රව්‍යවල විකල්ප භාවිත අද වෙළඳපොලට පැමිණ තිබේ. වහලය සඳහා, සිවිලිම සඳහා, නිවසේ පොළව සඳහා, ගෘහ භාණ්ඩ සඳහා, උළුවහු දොර ජනෙල් සඳහා සවිශක්තිය පිරි අඩු පිරිවැයක් යන දිගු කල් පැවැත්මක් ඇති පරිසර හිතකාමි ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කළ හැකිය.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 
views

569 Views

Comments

arrow-up