සතියෙන් බඩ අඩු කරමු

වර්තමානය වන විට අවාසනාවකට වගේ ඔබ අප හැමටම මූනදීමට සිදුවී ඇති පොදු ප්‍රශ්නයක් පවතී. මෙය අද කාලයේ ගෑනු පිරිමි/ තරුණ තරුණියන්ට /ලොකු කුඩා සෑම කෙනෙකුටම ඇති ප්‍රශ්නයකි.එනම් මේ උදරය ඉදිරියට නෙරා ඒමේ ප්‍රශ්නයයි. මේක අද වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට තියනවා.මහත් වෙන්නම ඕන නෑ මේ ගැටලුවට මුහුණ දෙන්න. අද ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නෙ තමන් ගෙ ඇග කෙට්ටු උනත් එහෙමත් නැත්තම් ඇග ගානට තිබ්බත් උදරය ඕනවටත් වඩා ඉදිරියට නෙරා ඒමයි.ඉතින් බොහෝ දෙනාට මානසික වදයක් ගෙන දීමට පවා අද මෙය සමත් වේ තිබෙනවා.බොහෝ දෙනා ඒ සදහා ජිම් ගියත් වැඩි පිරිසකට එසේ කරන්න වන්නේද නැත. මොකද කාර්‍යබහුලත්වයත් සමග වැඩි වෙනෙකුට මේ සදහා කාලයක් වෙන්කර ගැනීමට නොහැකිය. ඉතිමන් අන්න එවැනි ඔබ සදාහම අද මම මනා විසදුමක් ගෙනාවා.
දින හතකින් ඔබේ ඔබේ උදරය අඩු කරන විස්මිත පානය ගැන දැන් මම කියන්නම්.ඔබේ ශාරීරික පරිවුර්තීය ක්‍රියාවලිය මන්ඳගාමී නම් ශරීරයේ බර වැඩි වීමට සහ උදරය ඉදිරියට නෙරා ඒමට වැඩි ඉඩකඩක් තිබෙන බව හොදින් මතක තබා ගන්න.මම අද ඔබට කියන්න යන්නේ එම මන්දගාමීව පවතින පරිව්‍රුතීය ක්‍රියාවලිය දවස පුරාවටම වේගවත් කරන සාර්තක ස්වාභාවික ප්‍රතිකාරයක් පිලිබදවයි. දැන් අපි බලමු ඒ සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියල.
උතුරන වතුර ලීටරයක්,ග්‍රීන් ටී බෑග පහක්, දොඩම් ගෙඩියක්, නැවුම් මින් කොළ අහුරක්. දැන් අපි බලමු මෙය සකසා ගන්නේ කෙසේද කියා. පළමුව උතුරන ජල බදුනට ටී බෑග් එකතු කර මිනිත්තු තුනක් පමණ තිබෙන්නට ඉඩ හරින්න.ඉන් පසුව ටී බෑග කීපය ඉවතට ගෙන එය සිසිල් වන්නට ඉඩ හැරිය යුතුයි.එම කාලය අතරතුර දොඩම් ගෙඩිය පිරිසිදු කර ගෙන කොටස් කීපයකට කපා ගන්න.ඉන් අනතුරුව ඔබ කල යුතු වන්නේ සිසිල් වූ එම තේ ජලය වෙනත් බදුනකට වක් කොට කපා ගත් දොඩම් සහ මින් කොළ ඊට එක් කීරීමයි.පසුව එම මිශ්‍රණය රාත්‍රී පුරාවටම ශීතකරනය තුළ ගබඩා කර තබන්න.පරිබෝජනය කිරීමට ප්‍රථමව එම මිශ්‍රණය පෙරා ගත යුතුය.
දැන් මෙය ඔබට පරිබෝජනය කිරීමට සුදුසු තත්වයේ ඇත. දැ ඔබ මෙය භාවිතා කල යුතු වන්නේ මෙසේය.ආහාර ගැනීමට පෙර දිනකට තුන් වතාවක් දවස තුළ පානය කරන්න.මෙම ප්‍රතිකාරය මේ අයුරින් පුරා දින හතක් පුරාවට මා මේ කියූ අයුරින් ම භාවිතා කිරීමේදී ඔබටම ඔබේ සිරුරේ උදර ප්‍රදේශයෙන් කැපී පෙනෙන වෙනසක් දැක ගැනීමට පුලුවන්.මෙම පානය සකසා ගැනීමට භාවිතා කරන අමුද්‍රව්‍ය නිසා ශරීරයේ මේදය දහනය වීම අනිවාරයෙන්ම සිදුවෙන බව විවිධ පර්‍යේෂණ වලදී පවා සනාථ වී තිබෙනවා.මේ නිසා මා හට ඔබට වගකීමෙන් කියන්න පුලුවන් මෙය මෙහි සදහන් අයුරින්ම ඒ ඒ අදාල මාත්‍රා වලින්ම පමණක් භාවිතා කිරීමෙන් ඔබට ඉතාමත් සාර්ථක ප්‍රතිපල සතියක කාලයක් ඇතුලත ලබා ගැනීමට පුලුවන්.
by Sahan Sandeepa
Photo Source: Internet
3652 Views
Comments