රෑට පාඩම කරනකොට නිදිමත හැදෙනවට විසදුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

රෑට පාඩම කරනකොට නිදිමත හැදෙනවට විසදුම

රෑට පාඩම කරනකොට නිදිමත හැදෙනවට විසදුම

මුලින්ම ඔයා තීරනේ කරන්නෝන ඔයා රෑට පාඩම් කරන්න් පුලුවන් කෙනෙක්ද නැත්තම් උදේත පදම් කරන්න් පුලුවන් කෙනෙක්ද කියල​, මොකද මහර අය ඉන්නවමොකද ගොඩක් අය ඉන්නව කොච්චර දවල්ට නිදාගෙන රෑට පාඩම් කරන්න හැදුවත් එයාලට රෑට පාඩම් කරන්න බැහැ.ඉතින් ඔයා රෑට පාඩම කරන් කෙනෙක් නම් විරතක් නම් ඔයාට මේ කියන කරුණු ටික ගොඩක් වැදගත් වෙයි. ඔන්න එහෙනම් මම කරුණු වශයෙන් කරන්නෝන මොනවද කියල කියන්නම්.
පළමුනිම දේ තමයි ඔයා මෙහෙම රෑට නැගිටල පාඩම් කරන කෙනෙක් නම් අනිවාරයෙන් දවල්ට චුට්ටක් විතර නිදා ගන්නත් අමතක කරන්නත් එපා.මොකද ඔයා ගොඩක් වෙලාවට රෑ වෙනක්ම් පාඩම් කරද්දි ඔයාට නිඳ කියන දේ අත්‍යාවශ්‍යම දෙයක් වෙනව​, ඉතින් ඔයාල හැම තිස්සෙම උත්සහ කරන්න ස්කෝලෙ ගිහින් හෝ අමතර පන්තියට ගිහින් හෝ ආපු ගමන් පැය බාගයක් විතර නිදාගෙන ඉදල වැඩ කරන්න පටන් ගන්න​.එතකොට ඔයාත රෑට හැදෙන සම්බාවිතාවය අඩු වෙනව​.


මීලග දේ තමයි ගොඩක් වෙලාවට අපි රෑට පාඩම කරද්දි අපේ මේසයේ කුඩා ටේබල් ලෑම්ප් එකක් තියාගෙන තමයි අපි පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නෙ,ඉතින් ගොඩක් අය කරන්නෙ කාමරේ ලයිට් එක ඕෆ් කරල මේ ලෑම්ප් එක විතරක් ඔන් කරගෙන පාඩම් කරන එක ඉතින් මෙහෙම උනාම ඔයාගෙ මුලු කාමරේම අදුරුයි,ඉතින් එහෙම උනාම ඔයාට තව ටිකක් නිදිමත හැදෙන්න තියෙන හැකියාව වැඩියි.ඉතින් හැම තිස්සෙම ඔයා උත්සාහ කරන්න පාඩම් කරන වෙලාවට ඔයාගෙ කාමරේ ආලෝකමත්ව තබා ගන්න​.හොද එලියක් තියන ලයිට් එකක් භාවිතා කරන්න​.

 

 


අනිත් දේ තමයි ගොඩක් වෙලාවට අපි පාඩම් කරනකොට මේසෙ ඉදන් පාඩම් කරන්නෙ නෑ.ඇත්තටම කිව්වොත් දැන් ඔයා උනත් ගොඩක් වෙලාවට කැමති ඇදේ ඉදන් පාඩම් කරන්න වෙන්නැති.ඉතින් මෙහෙම උනාමත් ඔයාට නිදිමත කියන දේ අනිවාරයෙන්ම හැදෙනව​.ඉතින් හැම තිස්සෙම ඔයා උත්සාහ කරන්න කොච්චර අමාරු උනත් ඔයාගෙ මේසෙ ඉදගෙන පාඩම් කරන්න පටන් ගන්න​,එතකොටත් ඔයාට මේ නිදිමත හැදෙන එක අඩු කර ගන්න පුලුවන්.


මීලග දේ තමයි ඔයා කන කෑම​, ගොඩක් වෙලාවට ඔයා පිශ්ඨය අධික ආහාර රෑට කනව නම් ඔයාට නිදිමත හැදෙන්න තියෙන හැකියාව තවත් ගොඩක්ම වැඩී.ඉතින් ඇත්තතම මේ ගැන කතා කලොත් ගොඩක් වෙලාවට ඔයා රෑට බත් කනව නම් නැත්නම් සීනි ඇති ආහාර ගන්නව නම්, තෙල් ජාති තියන කෑම ගන්නව නම් මේ වගේ දේවල් ඔයා පාවිච්චි කලොත් ඇත්තටම කිව්වොත් ඔයාට නිදිමත හැදෙන්න තියන හැකියාව ගොඩක් වැඩී.ඉතින් හැම තිස්සෙම ඔයා උත්සාහ කරන්න රෑට කනකොට විටමින් සී තිබෙන ආහාර ගන්න​.එහෙමත් නැත්තම් ඔයාට පුලුවන් කෙති ආහාරයක් රෑට ගන්න සුප් එකක් හෝ වැනි වෙනත් සරල ආහාරයක් ගන්න​.


ඊලග දේ තමා අපි අනිවාරයෙන්ම කල යුතු දෙතක් වන්නේ, පාඩාම් කරද්දී අපි අනිවාරයෙන්ම හොදට වතුර බොන්න ඕන​.මේ වතුර බීම මගිනුත් ඔයාට නිදිමත හැදෙන එක ඉක්මනින්ම අඩු කර ගන්න පුලුවන්.ඒ වගේම ඔයාට හිතෙනව අති වතුර බොන්නෙ නැතුව ඒ වෙනුවට වෙනත් බීම ජාති වගේ දේවල් පවිච්චි කරන්න හිතෙනව ඇති,නමුත් ඒ වගේ දේවල් කරන්න එපා මොකද ඒවායේ තිබෙන සීනි වැඩි නිසා ඔයාට අනිවාරයෙන්ම නිදිමත හැදෙන්න පුලුවන්.ඒ නිසා අනිවාරයෙන් වතුරම බොන්න​.


මේ කියන ටික කලොත් ඔයාට අනිවාරයෙන් ම සාර්ථකව පාඩම් වැඩ කර ගන්න පුලුවන්.

 

 

by sahan sandeepa

Photo Source: Internet

 

views

2440 Views

Comments

arrow-up