සතියෙන් දනහිස ලගට කොන්ඩෙ වවා ගන්න විස්මිත බේතක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
14

සතියෙන් දනහිස ලගට කොන්ඩෙ වවා ගන්න විස්මිත බේතක්

සතියෙන් දනහිස ලගට කොන්ඩෙ වවා ගන්න විස්මිත බේතක්

මෙන්න හිසකෙස් දිගුව තබා ගැනීමට කැමති පහසු සත්කාරයක්.අද අපි ඔබට කියල දෙන්නේ ඔබගේ හිසකෙස් ඝනකම්ව සහ දිගුව වවාගැනීමට දායක වන ස්වභාවික සත්කාරයක්. මෙම සත්කාරය මගින් ඔබගේ හිසකෙස් වලට අවශ්‍ය පෝෂනය ඉතා හොදින් සැපයෙන අතර ඔබගේ හිසකෙස් වල ඇති සියලුම රෝග වලට මෙම සත්කාරය මගින් සහනයක් ලබා ගන්නට පුලුවන්.අපි දැන් බලමු මෙය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල​,

 

 

හොදින් මතක තබා ගන්න මෙය සාදා ගැනීම සිදුකරද්දී මෙහි සදහන් වන දෑ පමනක් දැමීමට වග බලා ගන්න​.මොකද එහෙම කලොත් තමයි ඔබට මේකෙ උපරිම සාර්ථකත්වය කරා ලගා වීමට හැකියාව ලැබෙන්නේ.නැත්තම් සමහර අය ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි වැඩි සහ ඉක්මන් ප්‍රථිපල අපේක්‍ෂාවෙන් මෙහිදී මා සදහන් කරන මාත්‍රා වලට වඩා වැඩියෙන් එක් කර ගැනීම​.මේක මොනම වෙලාවකවත් කරන්න එපා.හැමවිටම මෙහි සදහන් කරනා ආකාරයටම කටයුතු කරන්න​.දැන් අපි බලමු හදන හැටි.පළමුව ඉගුරු කැබැල්ලක් ගෙන එහි පොතු හොදින් ඉවත් කර ග්‍රේඩ් කර ගන්න​.ඉන්පසුව එහි යුෂ ඉවත් කර ගන්න​. ඉගුරු ඔබගේ හිසකෙස් සුමුදු සහ සිනිදු කරවන අතර ඔබගේ හිසකෙස් වල ඇති හිස්හොරි ද පාලනය කරයි.ඔබගේ හිසකෙස් වල ඇති සියලුම ප්‍රශ්න මගහරවා නිල්වන් හිසකෙස් කලබක් ලබා ගැනීමට ඔබට ඉගුරු ඉතා හොද ඖෂධයක්.ඉන්පසු හොදින් පිරිසිදු කර ගන්න ලද භාජනයක් ගන්න​. පසුව ඉගුරු යුෂ ටික මෙම භාජනට දමා එයට ඔලිව් තෙල් මේස හැදි තුනක් එකතු කරන්න.ඉන්පසුව මෙම මිශ්‍රණය හොදින් මිශ්‍ර වන තුරු කලවම් කර ගන්න​.මෙම මිශ්‍රණය ඔබගේ හිසකෙස් වල සහ හිස් කබලේ අලේප කරන්න​.විශේෂයෙන්ම හානි වූ හිසකෙස් වල සහ හිසකෙස් නොමැති ස්ථාන වල මෙම ආලේපනය හොදින් ආලේප කරන්න​.හිසකෙස් වල අග ද මෙම ආලේපනය හොදින් ගල්වන්න​.මෙම තෙල් ඔබගේ හිස් කබලට අවශෝෂණය කර ගන්න තුරු හොදින් සම්භාහනය කරන්න​.මෙම තෙල් ඔබගේ හිස කෙස් වල ගල්වා පැයක් පමණ තිබෙන්නට හරින්න​.පැයකට වඩා තිබීම සුදුසු නොවේ.ඉන්පසුව ම්‍රුදු ෂැම්පු වර්ගයක් යොදා ඔබගේ හිසකෙස් සෝදා හරින්න​.මෙම සත්කාරය සිදුකිරීමෙන් පසු ඔබගේ හිසකෙස් ස්ට්‍රේට් කිරීම සුදුසු වන්නේ නැහැ.මෙම සත්කාරය සතියට තුන් වරක් කිරීමෙන් ඔබගේ හිස කෙස් වල ඇති සියලුම ප්‍රශ්න සැනෙකින් අවම කර ගැනීමට ඔබට පුලුවන්.ඉතින් ඔබත් දැන් තමාගේ කොන්ඩය පිලිබදව පසුතැවෙමින් සිටි කාලය ඉවරයි.මේක ඕනම කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන් ප්‍රතිපල ලබාගෙන තියනව දැනටමත් බොහෝ දෙනෙක් ඒ නිසා ඔබට බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් බවත් සදහන් කල යුතුමයි.

 

 

by sahan sandeepa

Photo Source: Internet

views

4206 Views

Comments

arrow-up