වැඩිපුර කෑවොත් අමතකවීම වැඩිවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

වැඩිපුර කෑවොත් අමතකවීම වැඩිවෙයි

වැඩිපුර කෑවොත් අමතකවීම වැඩිවෙයි

මෙච්චර දවසක් ඔබ හිතන් හිටියේ පමණට වඩා කෑවොත් අධික රුධිර පීඩනය කොලොස්ටරෝල් වගේ රෝගී තතවයන් ඇතිවෙනවා කියලා නේද? නමුත් ඔබ දන්නවාද පමණට වැඩියෙන් ආහාර අනුභව කරන වැඩිහිටියන්ගේ මතකය අහිමි වීමේ අවදානම අඩුවෙන් ආහාර අනුභව කරන පුද්ගලයන්ට වඩා දෙගුණයක් වැඩි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තියෙනවා. ඉහත පරීක්ෂණය සිදුකළ විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති ආකාරයට දිනකට කැලරි 2100ට වඩා වැඩියෙන් පරිභෝජනය කරන පුද්ගලයන්ගේ මතකය පිරිහීම අඩුවෙන් ආහාර ගන්නා පුද්ගලයන්ට වඩා දෙගුණයකින් වැඩි බව. ඒ අනුව අඩු කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් වයස්ගත පුද්ගලයන්ගේ මතකය තියුණු වන අතරම ඔවුන් ඇල්සයිමර් වැනි මතකය අහිමි වීමේ රෝග වැළදීමට ඇති අවදානම පහව යන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. ඉහත අධ්‍යනය සිදු කළ ඇමරිකානු වෛද්‍යවරුන් පිරිස සිය පර්යේෂණය සඳහා චිත්ත වික්ෂේපය රෝග තත්ත්වයෙන් පෙළෙන වයස අවුරුදු 70- 89 අතර පසුවන පුද්ගලයන් 1200 ක් සහභාගී කරගෙන ඔවුන්ව මතක පරීක්ෂාවකට ලක්කර තියෙනවා.
 

 

 


මේ පිරිස අතුරෙන් 163 දෙනෙකුගේ මතකය අහිමි වීමේ රෝගී තත්ත්වයට ගොදුරු වෙමින් සිටින බවත් දිනකට වැඩි කැලරි ප්‍රමාණයක් පරිභෝජනය කරන පුද්ගලයන් ඉහත රෝගයට ගොදුරුවීමේ අවදානම දෙගුණයකින් වැඩි බවත් එම පර්යේෂණයේදී අනාවරණය වුණා. මතක පරීක්ෂාවෙන් ලබාගත් දත්ත අධ්‍යාපන මට්ටම හෘදයාබාධ ඉතිහාසයේ දියවැඩියාව සහ විෂාදය වැනි මතකය අහිමි වීමට බලපාන වෙනත් හේතු සමඟ ගැළපූ පසුවත් ලැබුන ප්‍රතිඵලය එක සමාන බව පර්යේෂකයෝ පවසනවා. පරීක්ෂණයට ලක් කළ පිරිස දිනකට ලබාගන්න කැලරි ප්‍රමාණය අනුව කණ්ඩායම් තුනකට බෙදු අතර ඒ අනුව දිනකට කැලරි 600- 1500ක් ප්‍රමාණයක් පරිභෝජනය කරන පිරිස පළමු කණ්ඩායමයි. 1500- 2100 කණ්ඩායමයි. තුන්වන කණ්ඩායම වූයේ 2100ට අඅධිකව දිනකට කැලරි පරිභෝජනය කරන පිරිසයි. පළමුවැනි සහ දෙවැනි කණ්ඩායමක් අතර මතකයේ එතරම් වෙනසක් දක්නට නොලැබුණු අතර ඒ අනුව දිනකට කැලරි 2,100 ක ට අඩුවෙන් පරිභෝජනය කරන පුද්ගලයන්ට මතකය මතකය අහිමි වීමේ අවදානමකට ලක් නොවන බව තහවුරු කරගෙන තියෙනවා.

මේ පර්යේෂණය සිදු කර තියෙන්නෙ තියෙන්නේ ඇමරිකාවේ රුරුසෝනා ප්‍රාන්තයේ පිහිටි මායෝ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය යොනාස් ගෙඩා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින්. මේ නිසා වයස්ගත වීමත් සමග ඔබ ගන්නා ආහාර සීමා කරන්න. එවිට ඔබට නීරෝගී මනසක් ඇතිකරගෙන කරගෙන වයස්ගත වුවත් හොඳ මතක ශක්තියක් තබාගන්න ඔබට එය මහත් පිටුවහලක් වේවි.

 

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

571 Views

Comments

arrow-up