රතුකුරුස ඉතිහාසය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

රතුකුරුස ඉතිහාසය

රතුකුරුස ඉතිහාසය

අද වන විට රතුකුරුස සංවිධානය පිළිබඳ වැඩි කතාබහකට ලක්වෙනවා. ඒ මේ පවතින ව්‍යසනයට සහන සැලසීම සදහා රතු කුරුස සංවිධානය අති මහත් දායකත්වයක් සිදුකරන නිසයි. ඔබ රතුකුරුස සංවිධානයේ ඉතිහාසය ගැන දන්නවාද? මේ ඒ පිළිබඳ සටහනක්.

රතුකුරුස සහ රතු චන්ද්‍රවංක සංවිධානය තරම් ලොව පුරා ප්‍රකට සහ පැරණි සංවිධානයක් තවත් නැති තරම්. ඕනෑම රටකදී රතු රතුකුරුස සංවිධානය හඳුනාගන්න පුළුවන්. මේ වන විට රතු කුරුස සංවිධානය පිහිටුවා ගත වී ඇති කාලය වසර 150ක් පමණ වන බව ඔබ දන්නවාද? ලෝකයේ කොතැනක හෝ යුද ගැටුමක් ජලගැල්මක් සුළි සුළඟක් හෝ වෙනත් ආපදාවක් සිදු වෙනවා නම් රතු කුරුස සංවිධානය එතන සිටිනවා. රතුකුරුස සංවිධානයේ මූලික අරමුණ වන්නේ ගැටුම් වලින් හා විපත් වලින් දුකට පත්වන ජනතාවට සහන සැලසීම. රතුකුරුස සංවිධානය සහ රතු අඩසඳ යනුවෙන් සංවිධාන දෙකක් ඇත්තේ බොහෝ මුස්ලිම් රටවල රතුකුරුස සංවිධානයේ ලාංඡනය අඩසඳ හෙවත් චන්ද්‍රවංකය නිසයි.

 

 

 


මෙම සංවිධානයේ ඉතිහාසය ඉතා ඈතට දිව යනවා. එදා ලෝකයේ සිදුවු යුද්ධ වලින් මියගිය මිනිසුන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි. අතපය අහිමි වූ තුවාල වූ පිරිස ඊටත් විශාලයි. සෑම රටකටම පාහේ යුද්ධය සිදුවූ වන නිසා මෙය බොහෝ දෙනෙකුට අමුත්තක් ලෙස සැලකුවේ නැහැ. කොහොම වුණත් යුද්ධයෙන් විපතට පත්වන අයට සහන සැලසීමේ ක්‍රමයක අවශ්‍යතාවය බුද්ධිමතුන් වටහා ගත්තා. මුලින්ම රටවල් 16 ක නියෝජිතයන් ජිනීවා නුවරට රැස්වී බහු පාර්ශ්වික සාකච්ඡා පැවැත්තුවා. ඔවුන් ගිවිසුමකට අත්සන් කළ මෙම ගිවිසුම 1863 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වුණා. මේ වන විට ලෝකයේ සියලුම රටවල් පාහේ ජිනීවා ගිවිසුමට අත්සන් කර තියෙනවා. මෙම ගිවිසුමට අත්සන් තැබීම තුළින් රටවල් එකඟ විය යුතු කාරණා කිහිපයක් තියෙනවා.

ඉන් පළමුවැන්න නම් මිතුරාට වේවා සතුරාට වේවා තුවාල සිදු වූයේ නම් සියලු දෙනාම එක හා සමානව සැලකිය යුතුයි. පුද්ගලයන්ගේ ගරුත්වය සහ අයිතිවාසිකම් හා ආගමික අනන්‍යතාවයන් ගරු කළ යුතු අතර එය දෙවන කාරණයයි. සාධාරණ නඩු විභාගයකින් තොරව කිසිවකුට දඬුවම් කළ නොහැකි වීම අනෙක් කාරණයයි. පිටුවහල් කිරීම ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම තහනම් සිව්වන කාරණයයි. වැදගත්ම කාරණය වන්නේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිතයන්ට සිරකඳවුරු වලට ඇතුළු වීමේ නිදහස හිමිවීමයි. මෙහි නිර්මාතෘ ඩුනාන්ඩ්ගේ උපන් දිනය මැයි 8 වැනිදා. එම නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් සෑම වසරකම මැයි 8 වැනිදා ලෝක රතුකුරුස දිනය ලෙස සලකනවා. ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානයට අදාළ ජිනීවා සම්මුතියට අත්සන් කර තිබෙන්නේ 1959 පෙබරවාරි 28 වැනිදා. මෙම සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විස්ටලන්තයේ ජිනීවා නුවරයි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

6841 Views

Comments

arrow-up