තම්බපු බිත්තර වල වතුර හා කටු වල වටිනාකම දන්නවද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
02

තම්බපු බිත්තර වල වතුර හා කටු වල වටිනාකම දන්නවද?

තම්බපු බිත්තර වල වතුර හා කටු වල වටිනාකම දන්නවද?

ඔබ සෑම විටම බිත්තර තම්බා ගත් වතුර හා බිත්තර කටු විසි කරනවාද? අපි සාමාන්යයෙන් පුරුදුව සිටින්නේ එසේ කිරීමට. නමුත් එය ඔබේ ගෙවත්තට ඉතා විශාල වටිනාකමක් එක් කරන දෙයක් බව ඔබ දන්නවාද? ඒ කෙසේද යන්න දැනගන්න මේ ලිපිය ඉවර වෙනකන්ම කියවන්න..

 

 

කෙටියෙන්ම කිව්වොත් ශාක වර්ධනය කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන පෝෂකයක් තමයි කැල්සියම් කියලා කියන්නේ. මේ කැල්සියම් බිත්තර කටු වලත් බිත්තර තැම්බූ වතුරෙත් අඩංගු වෙනවා. පසෙහි PH අගය හොඳින් පවත්වාගෙන යාමට කැල්සියම් බෙහෙවින් ඉවහල් වෙනවා. බිත්තර තැම්බූ ජලයේ කැල්සියම් බහුලව තිබීම නිසාවෙන් ඔබේ ගෙවත්තේ ඇති ශාක වර්ධනය ඉතා ඉක්මනින් සිදුකරනවා. ඔබේ ගෙවත්තේ ඇති මල් හා පැලෑටි ආහාරයට ගන්නා හම්බෙල්ලන්, ගොළුබෙල්ලන් හා පණුවන් පලවා හැරීමටත් මේ බිත්තර කටු වලට හැකියාව තිබෙනවා. ඒ සදහා ඔබ බිත්තර කටු හොඳින් පොඩි කර ඔබේ පැලය වටා ඉසිය යුතු ය.

 

 

ඒ කටු කැබලි මදක් වැසෙන සේ පස් ටිකක් බුරුල් කර දමන්න. එවිට එහි ක්රියාකාරිත්වය ඉක්මන් වේවි. බිත්තර තම්බා ගන්න. පසුව බිත්තර පරිස්සමින් පිටතට ගෙන ටික වේලාවක් භාජනයේ ඇති වතුර සිසිල් වීමට ඉඩ හරින්න. කිසිවිටෙකත් බිත්තර තැම්බූ වතුර උණුවෙන්ම ඔබේ ගෙවත්තේ ශාක වලට යොදා නොගන්න. සෑම විටම බිත්තර තැම්බූ වතුර ශාක වලට දැමීමට පෙර කාමර උෂ්ණත්වයට සිසිල් විය යුතු බව මතක තබා ගන්න. පසුව ඔබ එම වතුර පැළය වටේට හා පැළය මතට ටිකක් වෙන්න ඉස ගන්න. මෙය ඔබට ස්ප්රේ කෑන් එකක් භාවිතා කරමින් සිදුකර ගැනීමටත් පුළුවන්. කෙසේවෙතත් බිත්තර කටු හා බිත්තර තැම්බූ වතුර අපතේ නොයැවීමෙන්, රසායනික පොහොර වර්ග නොදමා ස්වාභාවිකව අපට අපේ ගෙවත්තේ ඇති ශාක වර්ධනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

 

 

 

 

 

 

 

by kaushalaya De Silva

Photo source : Internet

views

984 Views

Comments

arrow-up