පිළිකාව මුලින්ම හදුනාගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
29

පිළිකාව මුලින්ම හදුනාගන්න

පිළිකාව මුලින්ම හදුනාගන්න

මිනිස් ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වීමට කුමන ආකාරයක හේතුවක් බලපෑවද එය මුල් කාලයේදීම හදුනාගැනීමට හැකි වේ නම් , එයට යම් ආකාරයක හෝ ප්‍රතිකර්මයක් කළ හැකියි. එමගින් පුද්ගලයාගේ ජීවිතයට එයින් සිදුවන අවදානම බොහෝ සෙයින් අවම කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එහෙත් එය කියනා තරමටම පහසු කාර්යයක් නොවනු ඇත. එයට හේතුව වන්නේ පිළිකා කාරකයන් අපගේ ශරීරයට ඇතුළු වී ක්‍රියාකාරී වන්නේ අපද නොදැනුවත්වමය.

 

සාමාන්‍යයෙන් ශරීරයේ සෛල විභජනය වීම ( සෛල බෙදී යාම ) හොඳ පාලනයකින් යුතුව අප ශරීරය තුළ සිදුවනවා. එහෙත් මේ පිළිකාවන් හටගැනීම තුළින් එම ක්‍රියාවලිය නොදැනුවත්වම අක්‍රමවත් වීමට පටන් ගනී. එය පාලනය කරගත නොහැකි තත්වයකටද පත් වෙයි. මෙලෙස සාමාන්‍යයෙන් පටකයන් විනාශ වෙමින් පිළිකා සෛල ඉතා සීඝ්‍රයෙන් ව්යාප්ත වීමක් සිදුවනවා. රුධිර හෝ වසා නාල වලට ඇතුළු වීම තුළින් ක්රම ක්‍රමයෙන් ශරීරයෙහි ඇති අනෙකුත් අවයව කරාද එය පැතරවීම සිදුවනවා. ශරීරයේ අභ්‍යන්තරයෙහි සිදු වන මෙම ක්රියාවලිය යම් පුද්ගලයෙකුට හදුනා ගැනීම අපහසු වෙනවා. සමහර පිළිකා සෛල ශරීරය තුළ වර්ධනය වසර තුනේ සිට අට දක්වා කාලයක් ව්‍යාප්තිය සඳහා ගත වන අතර අවාසනාවකට මෙන් අප මෙය හදුනාගන්නේ එහි උච්චතම තත්වයට පත් වූවාට පසුවයි.

 

 

වෙනත් රෝගයන් මෙන් නොව පිළිකා සෛල ශරීරයෙහි වර්ධනය වීමෙන් පසු කෙතරම් ප්‍රතිකාර කළද ජීවිතයට ඇති අවදානම අඩු කිරීමට නොහැකි නිසාවෙන් ඔබ ගැනත් ඔබගේ හිත මිත්‍රාදීන් ගැනත් සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුණහොත් ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් මෙය දැරිය නොහැකි වේදනාවක් මෙන්ම ඉතා කටුක අත්දැකීමක් වන බැවිනි. සිරුරෙහි ඇති වන යම් යම් වෙනස්වීම් සමඟම අපට පෙර පිළිකා අවස්ථාව හදුනා ගැනීමට හැකි වනු ඇත. මෙවැනි වූ ලක්ෂණ ඔබට හෝ ඔබ දන්නා අයෙකුට ඇත්නම් වහාම වෛද්ය උපදෙස් වලට යොමු වීම ඉතාමත්ම වැදගත්.

 

- කටහඬ වෙනස් වීමක් හෝ කල් පවතින කැස්සක් ඇත්නම්

- සුව නොවන තුවාලයක් වේ නම්

- ඉන්නෙකු , ගැටයක හෝ ලපයක ඇති වන හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍රයෙන් වර්ධනය වන්නේ නම්

- පියයුරු හෝ යම් ස්ථානයක ගැටයක් හෝ ඝන වීමක් ඇති වේනම්

- කල් අල්ලා පවත්නාවූ ගිලිමෙහි අපහසුතාවයක් හෝ අජීර්ණ තත්වයක් වේනම්

- මල හෝ මුත්රා යාමේදී රුධිර වහනය වීමක් සමඟ අපහසුවක් දැනෙන්නේ නම්

- යෝනි මාර්ගයෙන් අක්රමවත් වූ රුධිර හෝ ස්රාව වහනයක් වැනි කරුණු කාරණා පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් ඔබ පසු විය යුතුයි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

576 Views

Comments

arrow-up