ආලෝක සංවේදීතාව හෙවත් ෆොටෝෆෝබියා

ඇස්වල ඇතිවන ආලෝක සංවේදීතාව හෙවත් ෆොටෝෆෝබියා යනු කුමක්ද? දීප්තිමත් ආලෝකයක් දෙස බැලූ විගසම එහි දීප්තිමත් බව නිසා නිසා ඔබේ දෑස් ස්වයංක්රීයව වැසෙන බව ඔබ දැක ඇති. නමුත් ඔබ තත්පර කිහිපයකට පසු ආපසු ඇස් ඇර බැලුවහොත්, බොහෝ දේවල් ඔබට වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගනී. සාමාන්ය ඇස්වල ඇති තත්වය මෙයයි. නමුත් ඔබ ආලෝක සංවේදීතාව ඇති අයෙකු නම්, ඔබේ ඇස් වලට එවැනි දීප්තිමත් ආලෝකය ඉමහත් වේදනාවක් ගෙනදේවි. බොහෝවිට ඔබට රූප බොඳවී දැකිය හැකිය, ඔබේ ඇස් වේදනාවට පත් විය හැකිය, නැතහොත් ඔබට හිසරදයක් පවා ඇතිවිය හැකිය.
වෛද්‍යමය වශයෙන් ගත් කළ ආලෝක සංවේදීතාව, ෆොටෝෆෝබියා ලෙසද හදුන්වනවා. ඔබත් එවැනි ගැටලුවකට මුහුණ දෙනවාද? එසේ නම්, එය ඔබට අනතුරුදායක රෝගයක් පෙන්නුම් කළ හැකි බැවින් ප්රමාදයකින් තොරව ඔබගේ වෛද්යවරයා හමුවිය යුතුයි. ඔබේ ඇස් ආලෝකයට සංවේදී වීමට හේතුව ,
> ආලෝක සංවේදී ඇස් සහ ඉරුවාරදය
ආලෝක සංවේදීතාව ඉරුවාරදයේ සැලකිය යුතු රෝග ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මෙයින් ඇඟවෙන්නේ පුද්ගලයෙකුට ඉරුවාරදය ඇති වුවහොත් ඔහුට හෝ ඇයට දීප්තිය හෝ ආලෝකය දෙස බැලීමට අපහසු විය හැකි බවයි. ඔබගේ ඇස් සහ මොළය අතර ඉතා ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව වටහා ගන්න. මේ නිසා තත්පර සිය ගණනකින් ඔබට මිලියනයක් පමණ දේවල් හඳුනාගෙන දැක ගත හැකි වෙනවා. බොහෝ විට ඉරුවාරදය ගත් කළ ඔබට දරුණු හිසේ වේදනාවක් තිබේ නම්, දෘශ්ය හැකියාවට මෙය සෘජුවම බලපායි. එනිසා, ආලෝක සංවේදී ඇස් ඇති ඔබට හිසරදයත් තිබේ නම්, වහාම අක්ෂි වෛද්යවරයෙකු විසින් පරීක්ෂා කර බැලීම සිදු කරන්න.
> අසාත්මිකතා
ඇසෙහි ඇතිවන ආසාත්මිකතා ද, ආලෝක සංවේදීතාවයට හේතු විය හැකියි. එය බැක්ටීරියා හෝ වෛරස් නිසා ඇසෙහි ඇතිවන ආසාදනයකි. ඔබේ ඇස් රෝස පැහැයට හැරේ. මෙම අසාත්මිකතාවන් නිසා ඇසෙහි වේදනාව ඇති වේ. මේ ආකාරයේ ආසාදන හේතුවෙන්, ඔබේ ඇස්වලට දීප්තිමත් ආලෝකය දරා ගැනීමට නොහැකි වේ. මෙවැනි රෝග ලක්ෂණ මතු වූ වහාම ඔබගේ අක්ෂි වෛද්යවරයා හමුවන්න අමතක නොකරන්න.
> ඇස්වල ඉහළ පළමු ස්ථරයේ සීරීමක් ඇති වූ විට
අපගේ ඇසෙහි සිහින් පාරදෘශ්ය පටලයක් වැනි අවයවයක් ඇත. මෙය ඔබ ඇස් කැසීමක් හේතුවෙන් සීරීමකට ලක් වුවහොත්, ඔබේ ඇස් ආලෝකයට වඩා සංවේදී වන්නට ඇති ඉඩකඩ වැඩි වනවා. සමහර විට ඔබට ඇස්වල තියුණු වේදනාවක්ද, දැනෙනු ඇත. එවැනි තත්වයක් පවතින්නේද, ප්රමාදයකින් තොරව අක්ෂි වෛද්යවරයා හමුවීම අත්යවශ්ය වේ.
> වියළි ඇස් ඇස්වලට කදුළු අවශ්යයි.
එමනිසා සොබාදහම විසින් ඇස්වල කඳුළු සෑදීම සිදුවේ. නමුත් ඔබේ ඇස් වියළී ගියහොත් ඔබගෙ දෘශ්යයට එයින් බාධා ඇති වන අතර, එය ආලෝක සංවේදීතාවයටද හේතුවක් විය හැක. වියළි ඇස් ඇති කෙනෙකුගේ ඇස් රතු පැහැ වීම, වේදනාව සහ නොපැහැදිලි පෙනීම ඇති වෙයි. මෙම හේතූන් නිසා බොහෝ විට පුද්ගලයෙකුට ආලෝක සංවේදීතා ගැටළු ඇති විය හැකිය. එබැවින් ඉහත අප කී රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් වහාම අක්ෂි වෛද්යවරයකු හමුවීම සුදුසුයි.
by Kaushalya De Silva
Photo source : Internet
1011 Views
Comments