සුව පහසු නින්දකට උපදෙස්
ඔබටත් රාත්‍රියට නින්ද නොයන ගැටළු තිබෙනවාද ? එයට හේතුව මානසික ආතතිය විය හැකියි. නිසියාකාරව ඔබට නින්ද නොයන්නේ නම් ඔබගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ගැනීම සුදුසු අතර සුව පහසු නින්දක් සඳහා ඔබ අනුගමනය කළ යුතු ක්‍රම කිහිපයක් වෛද්‍යවරුන් විසින් සනාථ කර තිබෙනවා. මෙන්න ඒ මේ පුරුදු කිහිපය සිදු නොකිරීමෙන් ඔබට සුවබර නින්දක් ලබා ගත හැකි වනවා ඇත.
නින්දට පෙර දුම්බීම සිදු නොකිරීම
යම් කෙනෙකුට දුම්බීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පැවසීම එම කෙනාට කියනා තරම් පහසු කාර්යයක් නොවන්නට පුළුවන්. එහෙත් මෙම පුරුද්ද ඔබ නැති කරගැනීමෙන් සුවබර නින්දක් වගේම දුම්බීම අවම කරගන්නට ඇති හැකියාවත් වැඩි වෙනවා. නින්දට පෙර දුම් බීමෙන් නින්දෙදී ඔබට ශ්වසන අපහසුතා ඇති වන්නට ඉඩකඩ වැඩි බැවින් වරින් වර ඔබට නින්දෙන් ඇහැරවන්නට හැකියාව ඇත.
නින්දට පෙර කෝපි පානය
කැෆේන් වැනි පාන වර්ග නින්දට පැය 6 කට පමණ පෙර සිට නැවැත්විය යුතුයි. කෝපි වැනි දෑ අපි සාමාන්‍යයෙන් රාත්‍රියට පානය කරන්නේ නින්ද නොයා මදක් අවදි ව සිටින්නටයි. එනිසා මෙයත් ඔබගේ නින්දට බාධාවක් වනවා.
මත්පැන් පානය නින්දට පෙර සිදු නොකිරීම
මත්පැන් භාවිතයත් දුම්බීමට හා සමාන වනවා. එය ඔබේ නින්දට හිතකර නොවේ. මත්පැන් පානයෙන් පසු ඉතා ඉක්මනින්ම නින්ද ගියද, නින්දෙහි දෙවන භාගයේදී ඔබට විවිධ අපහසුතා ඇතිවන්නට පටන්ගැනීමත් සමඟම ඇහැරීම සිදුවන බව පවසනවා. ඊට අමතරව මධ්‍යසාර පානය මගින් ඔබ නින්දෙදී ගෙරවීම හා ඊට පසුදින උදෑසන නැගටීමට අපහසුතාද ඇති කරවයි.
පමණට වඩා ආහාර නොගන්න
බොහෝ දෙනෙකු සිතන්නේ තමන්ගේ කුස හොඳින් පිරුණු පසු හොඳ නින්දක් ලබා ගැනීමට හැකි වන බවයි. එහෙත් අධ්‍යයනයන්ට අනුව ඔවුන් පවසන්නේ නින්දට පැය 03 කට පෙර වත් රාත්‍රි ප්‍රධාන ආහාර වේල ගත යුතු බවයි. එසේ නැති වුවහොත් නින්දෙදී ඇතිවන අපහසුතා මෙන්ම තරබාරුකම හා වෙනත් හෘද රෝග ඇතිවීමට ඉඩකඩ වැඩි බවයි. නින්දට පෙර බඩගිනි වේ නම් පමණක් කුඩා ස්නැක් එකක් ගන්නට පුළුවන්.
වැඩිපුර වතුර පානය නොකරන්න
නින්දට යාමට පෙර වැඩිපුර වතුර පානයෙන් ඔබගේ නින්දට බාධා ඇති කරයි. නිතර නිතර වැසිකිළි යාමට ඇහැරීම මෙයට හේතුවයි. එනිසා ඔබ ඒ ගැන සැලකිලිමත් වන්න.
අමතර කාර්යයන් සඳහා ඔබ නිදාගන්නා ඇඳ භාවිතා නොකිරීම
නින්දට පෙර ඇදේ සිට රූපවාහිනිය නැරඹීම , ජංගම දුරකථන භාවිතය , කාර්යාලයේ රාජකාරී යන දේ ඇඳ මත සිට නොකළ යුතුයි. එයින් ඔබේ දිගින් දිගටම එයටම පුරුදු වනවා මිස නින්දට හුරු කිරීමක් සිදු වන්නේ නැහැ. එම වෙනස ඔබව රාත්‍රියේ විටින් විට ඇහැරවීම සිදු කරනවා. මෙම පුරුදු සිදුකිරීමෙන් ඔබගේ නින්දට බලපාන ගැටළු මඟ හරවා සුව පහසු නින්දක් ලබා ගත හැකි වේවී.
by Kaushalya De Silva
Photo source : Internet
834 Views
Comments