මහන මැෂිමට නිවැරදිව නූල දමා ගන්නේ මෙහෙමයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

මහන මැෂිමට නිවැරදිව නූල දමා ගන්නේ මෙහෙමයි

මහන මැෂිමට නිවැරදිව නූල දමා ගන්නේ මෙහෙමයි

වර්තමානයේදී මහන මැෂිමක් දැකගත නොහැකි නිවසක් නැති තරම්. ඒ තරමටම වර්තමාන ගෘහණිය තමාට හැකි පමණින් කිසියම් හෝ ආකාරයක ඇඳුමක් මසා ගැනීමට වැඩි නැඹුරුතාවයක් දක්වයි. නිවසේ අනෙකුත් වැඩ කටයුතු අවසන් කර නිකරුණේ කාලය ගත කරනවාට වඩා තමාට මෙන්ම තමාගේ ආදරණීයන්ට අවශ්‍ය කරන ඇඳුමක් නිවසේදීම මසා ගැනීමට හැකි නම් එය කෙතරම් වටිනවාද. වැඩි ප්‍රමාණයකින් ඇඳුම් මැසීමට හැකියාවක් ඇති ගෘහණියන්ට ඒවා අලෙවි කර තමාගේ මුදල් පසුම්බිය සරුකර ගැනීමට වුවද අවස්ථාවක් පවතී. මහන මැෂිමක් භාවිතා කිරීමේදී ඒ සඳහා නූල දමා ගැනීම ඉතාමත් වැදගත් මෙන්ම කළ යුතුම කාර්යයක්. එසේ මහන මැෂිමට නූල දමා ගන්නා නිවැරදිම ආකාරය පිළිබඳව සැබැවින්ම ඔබ දැනුවත්ව සිටීද යන්න ගැටලුවකි. එම නිසාවෙන් දන්න නොදන්න සෑම කෙනෙකුටම මහන මැෂිමට නිවැරදිව නූල දමා ගන්නා ආකාරය පිළිබඳව කියා දෙන්නටයි මේ සූදානම. බලන්න මෙය ඔබට කෙතරම් වැදගත් කොටසක්ද කියලා.

 

ඇඳුමක් මසා ගැනීමේදී පළමුව මහන මැෂිම පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතුයි. මහන මැෂිමෙ ඔබ පරික්ෂා කළ යුතු ස්ථාන කිහිපයක්ම පවතින බව ඔබ දන්නවාද. නූල් දමා ඇති අන්දම, tension එකෙහි අනු අංකය, මසාගත යුතු අංකය යනාදිය පරීක්ෂා කිරීම අතරින් ප්‍රධාන තැනක් ගනී. සාමාන්‍යයෙන් මැහුම් සඳහා අංක 34 ට කරකවා ගත යුතුයි. රැලි කිරීම සඳහා අංක 45 අතරට අංකය තබාගත යුතුයි. සමහර මැෂින් වර්ග වල අංක තුනක් තිබෙන්නට පුළුවනි. මැෂිමට නිවැරදි ආකාරයට නූල දමා ගැනීමද ඉතාමත් වැදගත් කාර්යයක්. නිවැරදි ආකාරයට නූල දමා නොගතහොත් ඇඳුම මසන්නට පටන් ගත් මොහොතේ සිටම නූල කැඩී ගැලවී යාමට පුළුවන්. නැවත නැවත නූල දැමීමට සිදු වුවහොත් නූල පරීක්ෂාකර බලන්න ගෘහණියක් වශයෙන් ඔබට පුළුවන්. බොබින් එකට නූල් පුරවා ෂැටල් එකට ඇතුළු කර නූල එක් පැත්තකින් එලියට ගත යුතුයි. bobbin එක හොඳින් මැෂින් එකට සම්බන්ධ නොවුණහොත් යට නූල ගුලි ගැසී උඩට පැමිණෙයි. මතුපිට නූල ඉදි කටුවට ඇතුළු කිරීමේදී ඉහළම තැනට ඉඳිකටුව ඔසවා ගන්න. සමහර මැෂින් වල නූල ඉදිරිපස සිට පිටුපසට ඇතුළු කරනු ලැබේ. සමහර මැෂින් වල වම් පැත්තේ සිට දකුණු පැත්තට නූල ඇතුළු කරනු ලැබේ. හදිසියේ හෝ ඔබ දමා ඇති ඉදිකටුව කැඩුනහොත් නැවතත් අලුත් ඉදිකටුවක් සවි කිරීමේදී පවා හොඳින් එය සිදු කරගත යුතුයි.

 

නිවැරදි ආකාරයට මැෂින් ඉඳිකටුවට නූල දමා ගන්නා ආකාරය පියවර සහිතව ඔබට ඉදිරිපත් කිරීම වඩාත් වැදගත් වනු ඇත. මුලින්ම නූල් බෝලය හොඳින් රඳවා ගතයුතු අතර ඉහළ තිබෙන නූල් රඳවනය නැතහොත් thread guide වටා නූල යැවීම සහ දෙවැනි Thread guide එකට නූල ඇතුළු කිරීම සිදුකල යුතුයි. tension disk එක වටා නූල යැවීම සහ ස්ප්‍රින් එකට ඇතුළු කර පිටතට ගැනීමද මීළඟට කළ යුතු අතර ලිවර් එක ඉහලට ගෙන එහි සිදුරට නූල දැමීම කළ යුතුයි. පහල ඇති thread guide එකට නූල යොදා ගැනීම සහ අවසාන වශයෙන් ඉඳිකටුවට නූල දමා ගැනීම කළ යුතුයි. බොබින් එකට නූල දමන ආකාරය පිළිබඳවද අවධානය යොමු කළ යුතු වන අතර ඉඳිකටුව පහළට ගෙන බොබින් එකේ නූල උඩට ගැනීමද කළ යුතුයි.

 

 

 

 

 

 

 

 

 

By : Sachini Sooriyaarachchi

Photo Source : Internet

views

710 Views

Comments

arrow-up