කාන්තාවන් දැනගත යුතුම සුවනාරී පරික්ෂාව

විවාහක කාන්තාවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ අනුව සෑම කාන්තාවක්ම සිදුකළ ගත යුතු ප කරගත යුතු පරීක්ෂණයක් ලෙස සුවනාරි පරීක්ෂණය හැඳින්වෙනවා. නමුත් සුවනාරි පරීක්ෂණය පිළිබඳ සැබෑවටම ඔබ විස්තර දන්නවාද? Pap smear, cervical cancer නැත්නම් සුවනාරි පරීක්ෂණය ගැනත් එම පරීක්‍ෂණයේ ප්‍රථිපල විග්‍රහ කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වෙනවා.
කාන්තාවන් මෙම පැප් පරීක්ෂණය සිදුකළ යුත්තේ ගැබ් ගෙල පිළිකාවක් මූලිකම අවස්ථාවේ හඳුනා ගැනීමටයි. 90% ගැබ් ගෙල පිළිකා සෑදෙන්නේ HPV නම් වෛරසය මගිනි. එය ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරසයකි. මෙම වෛරසය ජනගහනයේ 60% පමණ ව්‍යාප්තියක් ඇත. කෙසේ නමුදු වෛරසය ශරීර ගත වූ පමණින් ගැබ්ගෙල පිළිකා නොසෑදේ. බොහෝවිට ශරීර ප්‍රතිශක්තිය මගින් එය ඉවත් කෙරේ. එහෙත් දුම්බීම, නැවත නැවත වෛරසය ශරීර ගතවීම වැනි කාරණා නිසා වෛරසය මගින් පිළිකා ඇති කිරීමේ ප්‍රවණතාව වැඩි වේ. පැප් පරීක්‍ෂණය මගින් ගැබ්ගෙල පිළිකාව මූලිකම අවස්ථාවේදී (Early cancer stage) හෝ පූර්ව පිළිකා අවස්ථාවේදී (Pre-cancer stage) හඳුනාගත හැකි වේ. එයට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීම මඟින්, පිළිකාව නිට්ටාවටම සුව කරගත හැකිය.
මෙය යෝනි පරික්ෂාවකි. Spculum නමැති උපකරණය යෝනි මාර්ගය තුළට ඇතුළු කර ගැබ්ගෙල බුරුසුවකින් පිහිදා සෛල ලබාගනු ලැබේ. මේවා අන්වීක්ෂයෙන් පසුව පරීක්ෂා කෙරේ. මෙම සෛල වර්ණ ගන්වන ක්‍රම (staining) දෙකකි. පැරණි පරීක්ෂණය Papanicolaou stain ලෙස හැඳින්වේ. නවතම Liqiud base cytology ක්‍රමය වඩා නිරවද්‍ය වේ. මෙහි ප්‍රථිපල සති 3කින් පමණ ලැබේ. වෛරසය මගින් මුලින්ම ගැබ්ගෙල සෛල බෙදීමේ වේගය වැඩි කරයි. එය පිළිකා පූර්ව තත්වයක් (Pre-Cancer) ලෙස හැඳින්වේ. ගැබ්ගෙල පූර්ව පිළිකා තත්ත්වය මූලික පිළිකාවක් බවට පත්වීමට වසර 8ක පමණ කාලයක් ගතවේ. එම නිසා පළමූ ලිංගික සංසර්ගයේ සිට වසර 5කින් පැප් පරීක්ෂණය සිදු කිරීමට වඩා යෝග්‍ය වේ.
විවිධ රටවල මධ්‍යන වයසක් මේ සදහා තීරණය කර ඇත. එය එංගලන්තයේ අවු 25 ලෙසත් ඕස්ට්‍රේලියාවේ අවු 20 ලෙසත්, ලංකාවේ අවු 30 ලෙස ද හඳුන්වා ඇතත් කාන්තාවකට ඕනෑම අවස්ථාවක පැප් පරීක්ෂණයක් ඉල්ලා සිටිය හැක.
පරීක්ෂණයේ ගැටලුවක් නැති නම් එය වසර තුනෙන් තුනට කිරීම ප්‍රමාණවත් වේ. එහි යම් කිසි ගැටලුවක් ඇත්නම් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය. ගැබ්ගෙල සෛලවල අසාමාන්‍යතා ඇතිනම් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය අනුව අසාමාන්‍යතාව සුළු නම් පැප් පරීක්ෂණය මාස 6කින් නැවත සිදු කළ හැකිය. ඒ අනුව ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩි අවදානයක් යොමු කොට මෙවැනි සුවනාරී පරික්ෂා වෙත යොමුවන්න.
by Dilki Shamani
Photo source : Internet
1036 Views
Comments