කෘතීම සීනි ආදේශක වල තියෙන අවධානම

වර්තමානයේ ඉතා ජනප්‍රිය ක්‍රමයක් ලෙස සැලකෙන්නේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සීනි වෙනුවට ආදේශක ද්‍රව්‍ය භාවිතයට ගැනීම. නමුත් එවැනි භාවිතයන් ඔබේ මතකය සොරාගන්නා බව නවතම වෛද්‍ය සොයාගැනීමයි. අපට ඕනෑම රසයක් දැනෙන්නේ දිවේ තිබෙන රස අංකුර වලිනි. ඒ සංවේදන මොළයට ගොස් පසුව ඒවා කුමන ආකාරයේ රසකාරකයක් දැයි හඳුනා ගනියි. එම ක්‍රියාකාරීත්වය ඒ අයුරින්ම කෘත්‍රිම ආදේශක භාවිතයේදී ද සිදු වේ. නමුත් ආදේශකවල සංවේදනය නිසා සාමාන්‍යය ආහාරවල සංවේදන ඇති වන්නෙ නැත. සීනි වෙනුවට තිබෙන ආදේශකවලින් සිනි කිලෝග්‍රෑමයකින් ගත හැකි රස ප්‍රමාණය එක මිලිග්‍රෑම් ප්‍රමාණයකින් ගත හැකිය. එම නිසා සීනි වෙනුවට ඇති සමහර ආදේශක කොපමණ ශරීරයට බලපානවද යන්න පවා මෙතෙක් සොයා ගෙන නැත.
සීනි අඩංගු නොවන බවට සඳහන් ආහාර පාන වර්තමානයේ වෙළෙඳපොළේ වැඩි වශයෙන් තිබේ. අප ගන්නා ආහාරවල අඩංගු සෑම දෙයක්ම මොළයේ සෛලවලට ගමන් ගන්නේ නැත. නමුත් කෘත්‍රිම රසකාරකයක් හරහා ඔක්සිජන්, ප්‍රෝටීන් සහ සමහර ඖෂධ හැර අනෙක් ඒවා යෑමට ඉඩ නොදෙන මුත් කෘත්‍රිම රසකාරකයකට මොළයේ සෑම සෛලයකටම ගමන් කළ හැකිය. එයින් සිදු වන්නේ කලක් යන විට සමහර පුද්ගලයන්ගේ සිතීමේ හැකියාව අඩු වී අමතක වීමේ ගැටලු මතු වීමයි. චර්යා රටාවේ වුවද පැහැදිලි වෙනස්කම් ඇති විය හැකිය.
කෘත්‍රිම රසකාරක අපගේ අංකුරවල රැඳෙන බැවින් සාමාන්‍යයෙන් ආහාරවල ස්වාභාවික රසය නොදැනී යාමට පුළුවන. උදාහරණයක් ලෙස ඔබ මී පැණි වගේ රස ඇති හොඳින් ඉඳුණු අඹ ගෙඩියක් කෑවත් එහි නියම රසය දැනෙන්නේ නැත. කෘත්‍රිම රසකාරක අඩංගු බීම වර්ග පානයට හුරු වූ අයට මේ අවධානම වැඩිය. කුඩා කල සිට කෘත්‍රිම රසකාරක භාවිත කිරීමෙන් තරුණ අවධිය එළැඹෙන විට ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වීමේ අවධානම ඇත. කුඩා දරුවන් ගේ නම් බඩේ ඇසිඩ් ගතිය, නිතර වැසිකිළි යෑමේ ප්‍රශ්න ඇති වේ. කෘත්‍රිම රස කාරක කුඩා කල සිට භාවිතයෙන් තරුණ අවදියේම හෝ ළමා කාලයේදීම පවා දියවැඩියාව සෑදීමේ අවධානම වැඩි වේ. බර අඩු කර ගැනීමට සිතා සීනි වෙනුවට කෘත්‍රිම ආදේශක භාවිතයෙන් සිදු වන්නේ කලක් යන විට සිටියාට වඩා ස්ථූලභාවයට ද පත් වීමයි. බඩවැල් හානි වීම එයින් ශරීරයේ බැක්ටීරියා ක්‍රියාකාරිත්වය වෙනස් වීමද කෘත්‍රිම රසකාරක භාවිතයෙන් ඇති වේ.
සීනි නැතැයි යන ලේබල් වලට රැවටී එම ආහාර නොගත යුත්තේ එබැවිනි. සීනී ආහාරයට ගැනීමෙන් මතුවන ගැටලු වළක්වා ගැනීමට යැයි සිතා ආදේශක භාවිත කර වැඩි අවදානමක් ගන්නවා වෙනුවට නිවැරැදි විසඳුම වන්නේ සීනි ආහාරයට ගැනීම අවම කිරීමයි. එබැවින් වෙළඳපොළේ ඇති සීනි ආදේශක ද්‍රව්‍ය භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න.
by Dilki Shamani
Photo source : Internet
839 Views
Comments