ස්මාට්ෆෝන් එකේ සැඟවුණු මාරයා

ස්මාට් ෆෝන් එක අද වන විට වැඩිදෙනෙකුගේ අත්‍යාවශ්‍ය උපාංගයක් බවට පත්ව තිබෙනවා. නමුත් නිතර ස්මාට් ෆෝන් එක භාවිතා කිරීම නිසා විවිධ රෝගාබාධ වැළඳෙනවා. ජංගම දුරකථනයේ අනතුරුදායකම බලපෑම් එල්ල කරන්නේ තිරයෙන් පිටවන blue light නැත්නම් නිල් ආලෝකයයි.
මේ Blue Light කියන දේ අපිට සූර්යයාගෙන් දවල් කාලයේ ලැබෙනවා. නමුත් දවල් කාලයේදී එය ඇස්වලට හානියක් කරන්නේ නෑ. නමුත් රාත්‍රී කාලයේදී එක එල්ලේ ජංගම දුරකතනය දෙස බලා සිටින්නන්ට නම් මෙම නිල් ආලෝකය මගින් සිදුකරන හානිය ප්‍රබලයි. නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ ඇති මෙලටෝනින් කියන හෝර්මෝනය නිපදවීමට බාධා කරනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුර ශාන්ත බවට පත් කරන්නේ.
• ඔබේ නින්ද සොරාගනී
මුලින් කිව්වා වගේ මෙලටෝනින් කියන අපේ සිරුර ශාන්ත බවට පත්කරන හොර්මෝන ක්‍රියාකාරීත්වය නිල් ආලෝකය නිසා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මෙලටෝනින් මගින් තමයි අපේ සිරුරේ Rest Cycle නැත්නම් විවේක චක්‍රය නිසි පරිදි පවත්වා ගන්නේ. මෙම හොර්මෝනය අඩපණ වීමෙන් නිදාගන්න වේලාව මොකක්ද වැඩ කරන වෙලාව මොකක්ද කියන එක සිරුරට අඳුනගන්න බැරිවෙලා යනවා. ඒ නිසා නින්ද නොයාමේ ගැටලු ඇතිවෙනවා. මෙම විවේක චක්‍රය අක්‍රමවත් වීම නිසා ඇතිවන අනෙකුත් හානි තමයි හදවත් රෝග, ප්‍රතිචාර දැක්වීමේ පමාව, කෙටි අමතකවීම්, මානසික ආතතිය, සම ඉක්මනින් වයසට යාම, ශරීර බර වැඩිවීම, පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යාම.
• පෙනීම දුබල කරයි
රෑ කාලයේ නිදාගැනීමට පෙර ජංගම දුරකතන භාවිතය නිසා ඇසට එක එල්ලේ ගලා එන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටිවිතානයට, කහ බින්දුවට දැඩි ලෙස හානි වෙනවා. විශේෂයෙන්ම කහ බින්දුව පරිහානියට පත්වීම නිසා ඔබ ඉදිරියේ තිබෙන රෑප ඇසට නාභිගත කරගෙන බැලීමට අපහසු වෙන්න පටන් ගන්නවා. ජංගම දුරකතන තිර දෙස මෙන්ම පරිගණක තිර දෙස දිවා රාත්‍රී බලා සිටින්නන්ට ඔවුන් ඉදිරියේ තිබෙන රෑප බොඳ වී පෙනෙන්න ගන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වයස්ගත වීමටත් පෙර ඉක්මනින්ම ඇසේ සුද මතුවීමේ අවදානමකුත් ඇතිවෙනවා.
මේ රාත්‍රී කාලයේදී මිනිස් ඇසට හා සිරුරට හානි කරන නිල් ආලෝකයට අපි ගොදුරු වන්නේ ජංගම දුරකතනවලින්ම පමණක් නෙවෙයි. පරිගණක තිර හා රෑපවාහිනි තිරවලින්ද මේ විදිහටම නිල් ආලෝකය අපේ ඇස්වලට වැටෙනවා. ජංගම දුරකතනවල මේ නිල් ආලෝක ධාරාවලින් රාත්‍රී කාලයේදී අපේ ඇස් පරිස්සම් කරගන්න නම්, මූලිකවම ඉතින් කළ යුතු දේ වන්නේ ජංගම දුරකතන භාවිතය අඩු කිරීම තමයි. මේ නිසා ඔබේ ශරීර සෞඛ්‍යය සුරැකෙන අයුරින් දුරකථන සහ තාක්ෂණික උපකරණ භාවිතයට හුරු වන්න.
by Dilki Shamani
Photo source : Internet
872 Views
Comments