මනෝචිකිත්සාවෙන් සුව කරන කායික රෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

මනෝචිකිත්සාවෙන් සුව කරන කායික රෝග

මනෝචිකිත්සාවෙන් සුව කරන කායික රෝග

මෑතකාලීන අධ්‍යයනයක් මඟින් පෙන්වා දී ඇත්තේ මනෝ චිකිත්සාව මඟින් මානසික සෞඛ්‍යය පමණක් නොව කායික සෞඛ්‍යය ද ඉහළ නංවන බව ය. විශේෂයෙන් ම මනෝ චිකිත්සාව මඟින් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නැංවෙන බව එම කැලිෆෝනියාවේ එම අධ්‍යනය පෙන්වාදෙයි. මෙහි දි පුද්ගලයන් 4000කගේ පමණ දත්ත විශ්ලේෂණයට බඳුන් කරන ලදි. ඔවුන් ගෙන් කොටසකට මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දුන් අතර ඉතිරිය පාලක කණ්ඩායම ලෙස භාවිත කෙරිණ. සෛල අතර සන්නිවේදනයට වැදගත් වන ප්‍රෝටීනයක් වන සයිටොකයින මට්ටම් මැනීම් හා වෙනත් ක්‍රම මඟින් මේ අයගේ ප්‍රතිශක්ති මට්ටම නිර්ණය කරන ලදි. එවිට පෙනීගියේ මනෝ චිකිත්සාව ලබා දුන් අයගේ ප්‍රතිශක්තිය අන් අයට සාපේක්ෂ ව සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැග ඇති වයි. ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයේ අනුග්‍රහය යටත් මහාචාර්ය Melba Vasquez විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් ද පෙනී යන්නේ මින් චිකිත්සාව මඟින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බවයි. එසේ වුව ද ඖෂධ සමාගම් වල ප්‍රචාරණ හා රූපවාහිනි දැන්වීම් වර්තමානය තුළ වැඩි පිරිසක් මානසික චරියාත්මක ගැලුවලට විසඳුම් සොයන්නට ඖෂධම සොයා යෑමේ ප්‍රවණතාවක් වර්ධනය වී ඇති බව ද අධ්‍යයනය පෙන්වා දෙයි.

මනෝ චිකිත්සාවෙහි ප්‍රභේද කිහිපයක් පවතියි.

1. ඥානාත්මක චිකිත්සා
2. අන්තර්පුද්ගල චිකිත්සා
3. මනෝවිද්‍යාත්මක චිකිත්සා
4. උපකාරක චිකිත්සා
5. කලා චිකිත්සා
6. ක්‍රීඩාමය චිකිත්සා
7. සත්ත්ව සහායක චිකිත්සා

 



මනෝ චිකිත්සාවේදි මූලිකව කරන්නේ රෝගියා සමඟ කතාබහ කිරීමයි. (සාකච්ඡා කරමින් ඔහුගේ/ඇයගේ ගැටලුව ගැන අවබෝධයක් ලබාගෙන ඉතා සමීප සුහද ආකාරයන් උපදෙස් ලබාදිමය. එනිසාම මෙය Talk Therapy ලෙස ද හඳුන්වයි. මෙහි දී රෝගියා හා උපදේශකයා අතර හමුවීම් සැසි(Sessions) ලෙස හැඳින්වේ . අවම වශයෙන් සතියකට වරක් වත් මේ සැසියක් පැවැත්විය යුතු ය. එවැන්නක කාලය දල වශයෙන් පැයකි. ඇතැම් විට මෙය ඊට වඩා වැඩි විය හැකි ය. Talk therapy ලෙස හැඳින්වුව ද වචනවලට අමතර ව වෙනස් සන්නිවේදන මෙවලම් ද ප්‍රතිකාරයේ දී උපකාර කරගත හැකි ය. උඳාහරණ ලෙස නාට්‍ය. චිත්‍රපට, වීඩියෝ. නවකතා. චිත්‍ර වැනි දේ යොදාගත හැකි ය. බොහෝ විට යම් ප්‍රතිකාරය සාර්ථක වන්නේ චිත්තවේග (emotions) පාදක කරගෙන පැනනගින විෂාදය වැනි රෝග සඳහා ය. රෝගියා සමග කරන කතාබහ කර චිකිත්සකවරයාට චිත්තවේග හඳුනාගැනීමට වැදගත් වේ. පවුල් ගැටලු ඇති වීමට මෙන්ම ඒවා විසඳුම් රහිතව දිගැසීමට එක් හේතුවක් වන් සන්නිවේදන දුබලතා ය. චිකිත්සකවරයා සාකච්ඡා තුළින් මේ බාධා මැඩලීමට කටයුතු කරයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

876 Views

Comments

arrow-up