දත් පිරවුම ගැන ඔබ දැනුවත්ද ?

- දත් කුහර ඇති වන්නේ ඇයි ?
ඔබ ආහාර ගත් පසු එම ආහාර වල කුඩා කැබලි දත් මත දිගු වෙලාවක් රැඳී තිබීමෙන් ඔබේ මුඛයේ ඇති බැක්ටීරියා ඒ මත ක්‍රියා කර අම්ල නිපදවන අතර එම අම්ල දත් වල කුහර ඇති කිරීමට හේතු වේ. එමෙන්ම තවදුරටත් එසේ ආහාර කැබලි එම කුහර වල රැඳීමෙන් කුහරය ව්‍යාප්ත වන සිඝ්‍රතාවද වැඩි වේ.
- දත් කුහර ඇති වූ විට කල හැක්කේ මොනවාද?
මෙලෙස කුහරයක් ඇති වූ පසු එම දත පිරවීම හෝ ගලවා ඉවත් කිරීමට සිදු වන අතර එලෙස දත් පිරවීමට හැකි ආකාර දෙකක් ඇත. ඒ සාමාන්‍ය පිරවුම හා ස්නායු පිරවුමයි.
දත් කුහරය දතේ එනමලයේ ගැඹුරට පමණක් විහිදී ඇති අවස්ථාවක නම් ඔබට වේදනාවක් නොදැනෙන නමුත් දතේ කුහරයක් පවතින බව ඔබට දැනේ. එලෙස හඳුනාගත් වහාම පළපුරුදු දන්ත වෛද්‍යවරයෙක් වෙතට යොමු වීමෙන් එම දත පහසුවෙන් පුරවා ගත හැකිය.
නමුත් ඔබ එම අවස්ථාවේ ප්‍රතිකාර සඳහා යොමු නොවුණහොත් තවදුරටත් දත ඇතුලට කුහරය ව්‍යාප්ත වීම නිසා දන්තිනය තුලට ද කුහරය ව්‍යාප්ත වේ. එහි සංවේදී ස්නායු පිහිටා ඇති නිසා කුහරය ඒ දක්වා ව්‍යාප්ත වීමෙන් ඒ මත ආහාර රැදී බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා ඉතා දැඩි වේදනාවක් ඇති වේ. මෙම අවස්ථාවේ සාමාන්‍ය පිරවුමක් සඳහා යොමු වීමට නොහැක. ඊට හේතුව ස්නායු දක්වාම කුහරය ව්‍යාප්ත වී තිබීමයි.
මෙම අවස්ථාවට පත්වූ පසු කුහරය ඇති වූ දත පහසුවෙන් පිරවිය නොහැක. එහිදී ස්නායු පිරවුමක් කරා යොමු වීමට සිදු වන අතර මෙම ක්‍රියාවලිය සඳහා දින 2ක් හෝ 3ක් දන්ත වෛද්‍යවරයා හමු විමට ඔබට සිදු වේ. එහිදී වෛද්‍යවරයා දතේ ඇතුලත ඇති සවේදී ස්නායු හා රුධිර වාහිනී සැපයුමද ඉවත් කිරීමෙන් අනතුරුව එම කුහරය සම්පුර්ණයෙන්ම පුරවයි.
නමුත් ඔබ දන්ත වෛද්‍යවරයා හමු වන අවස්ථාවේදී දත මෙලෙස පිරවීමට නොහැකි තරම් ඉතා පුළුල් හා ගැඹුරු ලෙස දිරා ගොස් ඇති නම් වෛද්‍යවරයාට එම දත සම්පුරණයෙන්ම ගලවා ඉවත් කිරීමට සිදු වනු ඇත.
ඒ අනුව දත් කුහර ඇති වීම වලක්වා ගැනීමට දිනපතා දෙවරක් නිසි පරිදි දත් මැදීම මෙන්ම දත් කුහර ඇති වූ වහාම දන්ත වෛද්‍යවරයා හමු වී නිසි ප්‍රතිකාර කරා යොමු වීමෙන් ඔබේ වටිනා දත් දෙපළ රැක ගැනීමට හැකි වනු ඇත.
by Sajini Ishanthi
Photo Source:Internet
4079 Views
Comments