දේශීය අත් බෙහෙත්

ශ්‍රි ලාංකිකයන් වන අපට ආවේණික වූ ස්වාභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් විවිධ රෝග සදහා විවිධ වූ අත් බෙහෙත් සකස් කර ගනී. එවැනි ඔබට එදිනෙදා වැදගත් වන අත් බෙහෙත් කිහිපයක් අද අප ඔබවෙත ගෙන එමු.
සෙම් ගෙඩි
# උගුර සේදීමට හැකි වයසේ දරුවන්ට ලුණු මිශ්‍ර මද උණුසුම් ජලයෙන් දිනකට කිහිප වරක් උගුර සේදීම .
# සර්ව විශාදී තෙල් හෝ බටු තෙල් බෙල්ල දෙපස ආලේප කර බුලත් කොලයක් හෝ ගම්මිරිස් කොලයක් පහනින් රත්කර තැවීම .
# වදකහ ලුණු වතුරින් ගලගා ඇඹුල් දොඩම් යුෂින් අනා උගුරේ ගෑම.
කැස්සට
# බටු තෙල් හෝ ශූලහර තෙල් ස්වල්පයක් රත්කර මද උණුසුමින් පපුවේ සහ පිටේ ගෑම.
# පාවට්ටා කොළ සහ පොතු ,එළබටු කොල සියුම්ව කොටා උතුරන වතුරින් මිරිකා සීනි මීපැණි වැඩිපුර දමා පැණියක් මෙන් සකසා දවසට 7 – 8 වරක් තේ හැඳි 1බැගින් පෙවීම .
# ඇඹුල් දොඩම් ඉස්මට සූකිරි කුඩු දමා වරින්වර තේ හැඳි 1බැගින් පෙවීම .
# ඇඹුල් දොඩම් යුෂ තේ හැඳි 2ක් ,අමු ඉඟුරු යුෂ තේ හැඳි 1ක්,සීනි සහ මීපැණි තේ හැඳි 1බැගින් මිශ්‍ර කර තේ හැඳි 1/2 බැගින් වරින්වර පෙවීම .
උගුරේ වේදනාව
# උගුර සේදිය හැකි වයසේ දරුවන්ට උණු වතුරට ලුණු කුඩු තේ හැඳි 1ක් දියකර මද උණුසුමින් යුතුව දිනකට තුන් වරක් උගුර සේදීම .
# ඇඹුල් දොඩම් ඉස්ම සහ ඉඟුරු ඉස්ම මිශ්‍ර කර ඊට මීපැණි ස්වල්පයක් දමා දවසට දෙතුන් වරක් පෙවීම .
# සර්ව විශාදී තෙල බෙල්ල දෙපස ආලේප කර බුලත් කොලයක් හෝ ගම්මිරිස් කොලයක් පහනින් රත්කර තැවීම.
සෙම්ප්‍රතිශ්‍යාව
# අමු ඉඟුරු ස්වල්පයක් සමඟ බැදපු කොත්තමල්ලි වැඩිපුර ප්‍රමාණයක් දමා තැම්බූ වතුර නිවෙන්නට තබා සීනි ස්වල්පයක් දමා පෙවීම .
# බටු තෙල් ස්වල්පයක් රත්කර මද උණුසුමින් පපුවේ ,පිටේ සහ දෑලවර ආලේප කිරිම .
# ඉඟුරු ඉස්ම තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර වරකට තේ හැඳි 1/2 බැගින් දිනකට සිවුවරක් පෙවීම.
by Kaushalya De Silva
Photo Source: Internet
2555 Views
Comments