කාන්තා ඔබ අතින් සිදුවන fashion mistakes

කාන්තාවන් ඉතාමත් කැමතියි ලස්සනට අඳින්න පළඳින්න ෆැෂන් කරන්න සහ අන් අය අතර කැපී පෙනෙන්නට. ඇතැම් අවස්ථාවන්වලදී ඔබ නොසිතා සිදුකරන ක්‍රියාවන් හේතුවෙන් ඔබගේ විලාසිතාවන් ඔබට හරහට හිටින්නත් පුළුවන්. බොහෝ විට එවැනි දේට හේතුව වන්නේ ඔබ තුළ පවතින නොදැනුවත්කම විය හැකියි. අපි අද ඒ ගැන කතා කරමු.
වර්තමානයේදී බොහෝ කාන්තාවන් වයස් භේදයකින් තොරව leggings ඇඳීමට පුරුදු වී සිටි. ඒ සම්පූර්ණ ඇඳුමක් හෝ විලාසිතාවක් නම් නොවේ. මුලින්ම කාන්තා ඔබ එය තේරුම්ගත යුතුයි. එය පහසුවට අඳින නැත්නම් සීතලට අඳින අමතර ඇඳුමක් වශයෙන් නිර්මාණය කළ දෙයකි. මෙය ඇඟටම ඇලෙන ඇඳුමක් නිසාවෙන් තරමක් මැදි වයසේ කාන්තාවන්ට එනම් තරබාරු කාන්තාවන්ට කොහෙත්ම සුදුසු වන්නේ නම් නැහැ. එවැනි ඇඳුමක් ඇඳීම තුළින් එවැනි කාන්තාවන්ගේ අනවශ්‍ය මස්පිඩු එල්ලා වැටී දකින්නන්ට අවලස්සනක් පෙනේවි. ඔබ හැඩැති සිරුරක් සහිත යෞවන වියේ පසුවන යුවතියක් නම් මෙම විලාසිතාව ඔබට කදිමයි. නමුත් මෙහිදී යුවතියන් විසින්ද මතකයේ තබා ගත යුතු කරුණක් පවතී. එනම් මෙම විලාසිතාව ඇඳීමේදී ඒ සමඟම උඩට අඳින ඇඳුම බොහෝවිට දණහිස දක්වාවත් දික්විය යුතු බවයි. නැත්නම් එය ඔබට අවලස්සනක් ගෙන දෙනවා මෙන්ම අන් අයටද ඔබ විහිළුවක් විය හැකියි. ඔබ විසින් ඔබගේ පසුපස ප්‍රදේශය වැසෙන ආකාරයෙන් shirt blouse, බැගී ටීශර්ට් වගේ දිග ටොප් එකක් අදින්න පුලුවන්. එමෙන්ම කාන්තා ඔබ කොට ගව්මක් නැත්නම් සායක් අඳින විට එයට අඳින under skirt එල්ලී වැටී එළියට පෙනෙන එක නම් කොහෙත්ම සුන්දර නැහැ. එමෙන්ම ඔබේ කොට skirt එකේ පිටුපස හෝ ඉදිරිපස තිබෙන විවරයකින් ඔබේ අන්ඩර්ස්කර්ට් එකේ කාලක්ම පෙනීමත් සුන්දර නැහැ. එවිට ඔබ හැඳගෙන සිටින්නේ පරණ වී ඇති නැත්නම් අපිරිසිදු underskirt එකක් නම් දකින්නන් විසින් ඔබව අප්‍රිය කරාවි. ඔබ බොහෝ විට කොටට ඇඳුම් අඳින කාන්තාවක් නම් ඔබගේ ඇඳුම්වල උසට වඩා අඟල් දෙකක් වත් කොට under skirts භාවිතා කිරීමට අමතක නොකරන්න. තවද කාන්තා ඔබ සපත්තු මිළදී ගැනීමේදී කළු පැහැති ඒවා මිලදී ගැනීමට වැඩි නැඹුරුවක් පවතී. එයට හේතුව ඇසූ විට ඔබ විසින් පවසන්නේ කළු පැහැය ඕනෑම ඇඳුමකට ගැළපෙන බවයි. නමුත් එය ඔබ විසින් ගොඩනගාගත් වැරදි මතයකි. විලාසිතා පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් පවතීනම් එම වැරැද්ද ඔබ කෙදිනකවත් සිදු කරන්නේ නැහැ. විශේෂයෙන්ම ළා පැහැති ඇදුමක් සමග කළු සපත්තු හෝ සෙරෙප්පු පැළඳීමෙන් සිදුවන්නේ එම ඇඳුමේ සුන්දරත්වය යටපත් වීමයි. ළා පැහැති ඇඳුම් සමග ලා පැහැති සපත්තු හෝ සෙරෙප්පු භාවිතා කරනවා මිසක කළු පැහැති ඒවා භාවිතා කිරීම සුදුසු නොවේ.
මෙවැනි සුළු සුළු කරුණු බොහෝ විට ඔබගේ නොසැලකිල්ල නිසාවෙන් ඇතිවන ඒවා විය හැකියි. කාන්තාවක් වශයෙන් ඔබ ඔබගේ ආත්ම ගරුත්වය සහ පෞරුෂත්වය සමාජයක් ඉදිරියේ හොඳින් පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. එයට හානි කිරීමට හැකි එක් අංගයකි ඔබගේ ඇඳුම් විලාසිතා. කාන්තාවන් වශයෙන් ඔබ ඔබට ගැලපෙන අයුරින් විලාසිතා කිරීම වඩාත් හොඳයි. එවිට දියණියක් මවක් බිරිඳක් වශයෙන් ඔබට ඔබගේ පෞරුෂත්වය සහ ආත්ම ගරුත්වය පවත්වා ගන්නට හැකියාවක් ලැබේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
580 Views
Comments