රුව සුරකින සෞඛ්‍ය උපදෙස්

අපි හැමෝම ලස්සනට ඉන්න කැමති. අන් අය අතරේ කැපී පෙනෙමින් සමාජ පිළිගැනීමට ලක් වෙනවා නම් කොතරම් හොඳද? ලස්සනට ඉන්න විලාසිතා කරන්න ගොඩක් දෙනෙක් පෙළඹිලා ඉන්නවා.ඒවගේම බොහෝ දෙනෙක් සිතන්නේ ලස්සන මුහුණේ පමණක් තිබීම ප්‍රමාණවත් කියලා. ඇත්තෙන්ම වැරදි වැටහීමක්.
ලස්සනට ඉන්න කෙනෙකුගේ පෙනුම ඉරියව් සිතුම් පැතුම් ආදී සියලු දේම එකතු විය යුතුවෙනවා. පිරිසිදුකම අංක එක. ඇතැමෙක් හැම විටම හිස මැනවින් පිරිසිදු කර තබා ගත යුතු බව දන්නේ නැහැ. හිසේ සිට එකතු වන දහඩිය කුණු ඉවත් කළේ නැත්නම් හිසකෙස් තුවාල අපි ඇති වෙන්න පුළුවන්. මේනිසා තම හිස කෙස් වර්ගයට ගැලපෙන ෂැම්පු වර්ගයක් තෝරා ගත ගතයුතු වෙනවා. සෑම ශැම්පු වර්ගයකම එය සුදුසු වන්නේ කුමන වර්ගයේ කෙස් වලට යන දේ සඳහන් කරනවා. ඒ අනුව තෝරා ගැනීම සුදුසු වෙනවා.
දහදිය දුඟද ලස්සනට බාධාවක්. තවත් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි දහදිය දුගඳ. මෙයත් කෙනෙකුගේ ලස්සනට බාධාවක්. බොහෝ දෙනෙක් හිතන්නේ මේ දුගඳ ඇතිවීමට හේතුව සිරුරෙන් අපවිත්‍ර දෑ ඉවත් වන නිසා බවයි. මේ දුගඳ ඇතිවීම වළක්වන්න බැහැ කියන එක. නමුත් මෙසේ සිදුවන්නේ නැහැ. ඒ පිළිබඳව අවබෝධයක් තිබීම ඉතාම වැදගත්. අපේ මුළු සිරුරෙන්ම දහඩිය පිට වෙනවා. මේ දහඩිය දුඟද දහඩිය සිරුරින් ඉවත් වන නමුත් අපි අඳින ඇඳුම් ගැන සැමවිටම සැලකිලිමත් වෙන්න ඕන. ඇඳුම් සැමවිටම සෝදා පිරිසිදු කළ යුතු ඇඳුම් විය යුතුයි. කිහිලි පෙදෙස හොඳින් සෝදන්න. නැත්නම් ඇඳුම් වලින් දුගඳ හමන පටන් ගන්නවා. මේනිසා ඒ පිළිබඳව වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.
ලස්සන සුන්දර සිනහව ආභරණයක්. ඊළඟට ඔබ සැලකිලිමත් යුත්තේ ඔබේ දත් පිළිබඳවයි. ලස්සන සිනහව සැම කෙනෙකුටම ආභරණයක්. නමුත් ඔබේ දත් අව පැහැ ගැන්වී ඇත්නම් එය ඔබේ පෙනුමට බාධාවක්. උදෑසන මෙන්ම රාත්‍රී නින්දට යන්න පෙර පෙර දත් පිරිසිදු කළ යුතු අතර සෑම කෑම වේලකටම දත් පිරිසුදු කළ හැකිනම් එය වඩාත් සුදුසුයි. පිරිසිදු දත් දෙපලක් ලබාගැනීම සඳහා දන්ත වෛද්‍යවරුන්ගේ පිහිට පතන්න ඔබට සිදුවේවි. සෑම රජයේ වෛද්‍ය රෝහලකින්ම මෙම සේවාව නොමිලේ කරගත හැකි වෙනවා. ලස්සන දත් දෙපලක හිමිකරුවකු වෙන්න උත්සාහ කරන්න.
අත් සහ පාදවල නියපොතු පිරිසිදුව තබාගන්න තබා ගන්න. ඔබේ නියපොතු කොතරම් දුරට පිරිසිදු හා ලස්සන තබා ගන්නවාද? සමහරු නිතරම නියපොතු හපන්න කැමති. මෙය ඉතාම නරක පුරුද්දක්. ඒ වගේම අන්න ඔබව පිළිකුල් කිරීමකට ලක් කරන්න පුළුවන්. මෙසේ නියපොතු සැපීමට හේතුව බොහෝවිට මානසික ප්‍රශ්නයක් විය හැකියි. එසේනම් ඔබට විශ්වාස කෙනෙකු නැතහොත් ඒ සම්බන්ධ වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කිරීමෙන් එම ගැටලුව විසඳාගත යුතු වෙනවා.
මේවා හරිම වටින සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිත පුරුදු වෙනවා. මේ නිසා මේ දේවල් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා ඔබේ රුව ලස්සන කරගන්න උත්සහ කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
581 Views
Comments