ස්ට්‍රෙච් මාර්ක් නැති කරන තෙල් සත්කාර

අධික තරබාරු බව ගර්භණී අවධිය ආදී විවිධ හේතු කාරණා නිසා ශරීරයේ සම මත ඇදීමේ ලකුණු ඇතිවෙනවා. බොහෝවිට මෙවැනි සලකුණු නිසා අපේ සම අවලස්සන වෙනවා. මෙවැනි සලකුණු උදරය කලවා ඉන දෙපස ආදී ප්‍රදේශවල බහුලව දැක ගන්න පුලුවන්. මුළු සිරුරම එක හා සමාන වර්ණයකින් යුතුව සුන්දරත්වයකින් තබා ගන්න කාන්තාවන් ප්‍රියතාවක් දක්වනවා. සමේ ඇතිවන ඇදීමේ සලකුණු අවම කිරිමට තෙල් වර්ග කිහිපයකින් සත්කාර ලබා ගන්න පුළුවන්. මේ ඒ පිළිබඳ සටහනක්.
ආමන්ඩ් තෙල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
*ආමන්ඩ් තෙල් මේස හැඳි පහක්
*ලෙමන් යුෂ මේස හැන්දක්
ආමන්ඩ් තෙල් තරමක් රත්කරන්න. එයට ලෙමන් යුෂද එක් කරන්න. ශරීරයේ ආලේප කිරීමට සුදුසු වන ලෙස නිවුණු පසුව stretch mark මත ආලේප කර විනාඩි දහයක් පමණ සම්බාහනය කරන්න.
ඔලිව් තෙල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
*සුපිරිසිදු ඔලිව් තෙල්
*විටමින් ඊ කරල් එකක්
සුපිරිසිදු ඔලිව් තෙල් තරමක් රත්කරගන්න. එයට විටමින් ඊ කරල් මිශ්‍රකර දිනපතා රාත්‍රි නින්දට යාමට පෙර හොඳින් ආලේප කර විනාඩි කිහිපයක් අවම වශයෙන් සම්බාහනය කරන්න. ඉන්පසු සෝදාහරින්න.
අලිගැටපේර තෙල් සත්කාරය
අලිගැටපේර තෙල් තරමක් රත්කර සම මත ආලේප කරන්න. විනාඩි කීපයක් සම්බාහනය කරන්න.
ආගන් තෙල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
*ආගන් තෙල්
*ඔලිව් ඔයිල්
ආගන් සහ ඔලිව් තෙල් එකට මිශ්‍ර කර ස්ට්‍රෙච් මාර්ක්ස් මත ආලේප කරන්න.
ගොටුකොළ සහ පොල් තෙල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
*ගොටුකොළ ග්‍රෑම් සීයක් *පිරිසිදු පොල් තෙල් බෝතල් බාගයක්
*විටමින් ඊ කරලක්
පොල්තෙල් වලට ගොටුකොළ එක්කර අඩු ගින්දරේ ලිප තබා රත්කර ගන්න. පසුව හොඳින් නිවා ගනිමින් විටමින් ඊ කරලක් මිශ්‍රකර දිනපතා ආලේප කර සම්බාහනය කරන්න.
ලැවෙන්ඩර් තෙල් සත්කාරය
ලැවෙන්ඩා තෙල් රත්කර නිවා ස්ට්‍රෙච් මාර්ක්ස් මත ආලේප කරන්න.
පොල්තෙල් සත්කාරය
අවශ්‍ය ද්‍රව්‍ය
*සුපිරිසිදු පොල්තෙල්
*දොඩම් පොතු කිහිපයක්
පොල්තෙල් දොඩම් පොතු එකට මිශ්‍ර කර මද ගින්දරේ ලිප තබා රත් කර තෙල් නිවුනු පසුව stretch mark මත ආලේප කරන්න.
මේ විදියට ඔබේ සමෙත් තියන ස්ට්‍රෙච් මාක්ස් තෙල් සත්කාර වලින් අඩු කරගන්න උත්සාහ කරන්න. සිරුරට කිසිදු අගුණ බවක් නැති මේ පිරිසිදු තෙල් සත්කාර ස්වභාවික සත්කාර වෙනවා. ඒ නිසා භාවිතයේ අහිතකර ප්‍රතිඵල ඇති වීමක් නැහැ. ඔබත් උත්සහ කරලා බලන්න.
by Dilki Shamani
Photo Source: Internet
849 Views
Comments