වර්ණ ගැන්වූ කොන්ඩයකට කදිම මෝස්තරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
02

වර්ණ ගැන්වූ කොන්ඩයකට කදිම මෝස්තරයක්

වර්ණ ගැන්වූ කොන්ඩයකට කදිම මෝස්තරයක්

බොහොමයක් යුවතියන්ගේ සුන්දරත්වය රඳා පවතින්නේ ඇයගේ කෙස් කළඹ මතයි. කෙස් කළඹ අලංකාර අයුරින් සකසා ගැනීමට හැකියාවක් පවතී නම් යුවතියන්ගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනේවි. හිසකෙස් පිළිබඳව කතා කරන විට හිසකෙස් වර්ණ ගැන්වීමට වැදගත් ස්ථානයක් හිමි වෙයි. වර්තමානය වන විට හිසකෙස් වර්ණ ගැන්වීමට තරුණ යුවතියන් දක්වන්නේ දැඩි කැමැත්තක්. අද වන විට සියයට අසූවක් පමණ යුවතියන් හිසකෙස් වර්ණ ගන්වා තිබෙන බව ඔබ දන්නවාද. එලෙස වර්ණ ගන්වන ලද කෙස් කළඹකට සිදුකළහැකි කොණ්ඩ මෝස්තරයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි මේ සූදානම. බලන්න එය ඔබට කෙතරම් හොඳින් ගැළපේවි ද කියලා.


ප්‍රථමයෙන්ම කොණ්ඩය කන ලඟින් දෙකට බෙදා ගන්න. ඉන් අනතුරුව පිටුපසට ඉතිරි කළ කොණ්ඩයේ ඉහළ කොටස් බැක්කෝම්බ් කර ගන්න. එලෙස බැක්කෝම්බ් කරගන්නේ කොණ්ඩ මෝස්තරයට සරිලන ආකාරයේ උසක් ලබාගැනීම සඳහායි. එම බැක්කෝම්බ් කරන ලද කොණ්ඩය පීරා pins ගසාගන්න. ඉන් අනතුරුව එම බැක්කෝම්බ් කර pins ගසාගත් කොන්ඩ කොටසට රබර් බෑන්ඩ් එකක් දමා ගන්න. ඉන් අනතුරුව එම රබර් බෑන්ඩ් එක වටා බන් එකක් තබා නැවත පින්ස් ගසාගන්න. පසුව බන් එක මතින් කොණ්ඩය දකුණු පසට වන්නට තබා නැවත pins ගසා රඳවා ගන්නට ඔබට පුළුවනි. දකුණුපසට රැඳවූ කොන්ඩ කොටස නැවත වම්පසට තබා පින්ස් ගසාගන්න. එමගින් එම බන් එක හොඳින් වැසී පැවතිය යුතුයි. ඉන් අනතුරුව ඉදිරිපස වම් පැත්තට වන්නට ඉතිරි කළ කොන්ඩ කොටස ගෙන සයිඩ් ෆින්ච් එකක් සකස් කරගන්න. ඉතිරි කොන්ඩ කොටස පීරා දකුණු පසට ගෙන නැවතත් pins ගසා රඳවාගන්න. ඉන් අනතුරුව දකුණු පසට ගත් කොන්ඩ කොටස ගොතමින් වම්පසට ගන්න. මෙම ගෙතුමේදී කොණ්ඩෙ කොටස් එකතු කරන්නේ යටි අතට බව හොඳින් මතකයේ තබාගන්න. ගොතාගත් කොණ්ඩය වම් කණ ළඟ මුදුවක් ආකාරයට රඳවා කොණ්ඩ මෝස්තරය නිමා කර ගන්න. කොණ්ඩ මෝස්තරය තවත් අලංකාර කර ගැනීමට ඔබට අවශ්‍ය නම් hair ornament එකක් එක් කරගැනීමට පුළුවනි. මෙවැනි විලාසිතාවක් උත්සව අවස්ථාවකට සහභාගී වීමේදී සකස් කර ගැනීමට හැකියාවක් පවතිනවා ඔබටත් අන් අය අතර කැපී පෙනෙන යුවතියක් වන්නට හැකියාවක් ලැබෙනු ඇත. ඇතැම් යුවතියන් තමාට සහ තමාගේ මුහුණට නොගැළපෙන කොණ්ඩා මෝස්තර දමා ගැනීම තුළින් පවතින සුන්දරත්වය පවා අහිමිකරගත් අවස්ථා ඔබ දැක ඇති. එමනිසාවෙන් හොඳින් පුහුණු වී ඇති රූපලාවණ්‍ය ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙත ගොස් මෙවැනි කොණ්ඩා මෝස්තරයක් සකස් කර ගැනීමට ඔබ වග බලා ගන්න.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

610 Views

Comments

arrow-up