අකලට හිසකෙස් පැසීමට ස්වාභාවික විසදුම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
22

අකලට හිසකෙස් පැසීමට ස්වාභාවික විසදුම

අකලට හිසකෙස් පැසීමට ස්වාභාවික විසදුම

පොදුවේ ගත් කල අකලට හිසකෙස් සුදු වීම පුරුෂයින් හා ස්ත්‍රීන් යන දෙගොල්ලන්ටම බලපාන ගැටළුවකි. එලෙස අකලට හිසකෙස් පැසීම කෙනෙකුගේ ආත්ම විශ්වාසය පවා බිඳ වැටීමට බලපානවා.

එ නිසා බොහෝ දෙනා විටන් විට මේ සඳහා විවිධ වූ ප්‍රතිකාර ක්‍රම සොයමින් ඒවා කිරීමට උත්සාහ කරනවා. අකලට හිසකෙස් සුදු වීම වැළැක්වීමට විවිධාකාර රූපලාවණ්‍ය නිෂ්පාදන සෑම තැනකම පාහේ සොයා ගත හැකි නමුත්, සාමාන්‍යයෙන් ඒවා රසායනික ද්‍රව්‍යවලින් පිරී තිබෙන නිසා භාවිතයට නුසුදුසු වේ. ඊට අමතරව ඒවා දිගුකාලීන විසඳුමක්ද නොවනවා.

කනගාටුවට කරුණක් නම් වයස අවුරුදු 30 අතර වැඩි පිරිසක් මෙම අකලට හිසකෙස් පැසීමේ ගැටළුවට මුහුණ පෑමයි. ඒ සඳහා ස්වාභාවික විසඳුමක් ඇත්නම් අපගේ සෞඛ්‍යයටද හානියක් නොවේ.

සුදු වූ හිසකෙස් අඳුරු කළ හැකි මෙම පුරාණ වට්ටෝරුව ඔබේ හිසකෙස් මත මිනිත්තු 5 ක් තබා ගැනීම ප්‍රමාණවත්.

 


උපදෙස් සහ භාවිතා කරන ආකාරය:

1. මධ්‍යම හා විශාල අර්තාපල් ගෙඩි 5 ක් 6 ක් හොඳින් සෝදා පොතු ඉවත් කරගන්න.

2. වතුර කෝප්ප 2 ක් භාජනයකට දමා ඉවත් කරගත් අල පොතු ටික දමා ගන්න. ලිප තබා ගින්දර අඩු කර විනාඩි 15 - 20 ක් පමණ හොඳින් රත් කරගන්න. ලිපෙන් බා හොඳින් නිවෙන්නට හරින්න.

3. මිශ්‍රණය සිසිල් වූ පසු, ජලය වෙනත් භාජනයකට පෙරා අර්තාපල් පොතු ඉවත් කරගන්න. පෙරාගත් ජලය වීදුරු බෝතලයක තබා ගන්න. වඩා හොඳ සුවඳක් ලබාගැනීම සඳහා ඔබට ලැවෙන්ඩර් වැනි තෙල් බිංදු කිහිපයක් එකතු කර ගත හැකිය.

4. ඔබේ කොණ්ඩය සාමාන්‍යයෙන් සෝදාහැර, ඔබේ හිසකෙස් අවසානයට සෝදා ගැනීමට පෙර මිනිත්තු එකක් හෝ දෙකක් කන්ඩිෂනර් හිසකෙස් මත තබන්න. සුදු හිසකෙස් ඇති අයෙකුගේ හිසකෙස් සාමාන්‍යයෙන් වියළි ස්වාභාවයක් ගන්නා බැවින් එය නිසි ලෙස තෙත්ව තිබිය යුතුය.

5. බේරා බෝතල් කළ අර්තාපල් වතුර ටිකක් ඔබේ කොණ්ඩයට දමා හොඳින් සම්බාහනය කරන්න. සෝදා හරින්න එපා.

 


6. ඔබේ කොණ්ඩය සාමාන්‍යයෙන් ලෙස වියළා ගන්න.

7. කිසි විටෙකත් සකස් කරගත් අර්තාපල් වතුර ශීතකරණයේ නොතබන්න. එය අවසන් වූ විට නැවතත් පෙර අප සදහන් කළ ආකාරයට සාදාගන්න.

8. සති කිහිපයක් හෝ මාස කිහිපයක් සෑම දිනකම හෝ සතියකට 2-3 වතාවක් මෙම සත්කාරය ඔබේ හිසකෙස් වලට කරන්න.

මෙහි ධනාත්මක ප්‍රතිඵල දැකීමට කාලය ගතවන බැවින් මදක් ඉවසිලිවන්තව මෙම සත්කාරය දිගටම සිදු කරන්න.

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

502 Views

Comments

arrow-up