COVID-19 හි දරුණු රෝග ලක්ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
15

COVID-19 හි දරුණු රෝග ලක්ෂණ

COVID-19 හි දරුණු රෝග ලක්ෂණ

කොරෝනා වයිරසය රටපුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීම සෑම දෙනාටම මේ වනවිට භීතියේ රැල්ලක් ඇතිකර තිබේ. කෙටියෙන්ම පැවසුවහොත් COVID-19 ජීවිතයට තර්ජනයක් වන වසංගතයක් බවට පත්ව ඇත. තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා මුහුණු ආවරණ පැළඳීම, අත් සේදීම සහ සමාජයේ දුරස්ථ භාවය තබා ගැනීම වැනි අවශ්‍ය යම් යම් පියවර ජනතාව විසින් ගනිමින් පැවතියද මේ පිළිබඳව මීටත් වඩා සැලකිලිමත් විය යුතුයි.

ඒ නිසාම අපි නැවත නැවතත් ඔබට මෙහි අවදානම මතක් කරනවා. රෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම සුවවීමේ ප්‍රතිශතය දැන් දිනෙන් දින ඉහළ යමින් පැවතුනත් මෙහි කෙළවරක් තවමත් පෙනෙන තෙක් මානයක නොමැත.

COVID-19 අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පරීක්ෂා කර බලන්නකි. ඔබේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා සමබර පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ද ඉතා වැදගත් වේ. දැන් ඔබේ පැවැත්ම සඳහා එය ඉතා වැදගත් ය.

කොරොන වයිරසය පුද්ගලයෙකුට ආසාදනය වූ විට වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, සුළු සීතල හෝ කැස්ස, ශරීර වේදනාව, හිසරදය, රසය නැතිවීම සහ සුවඳ නැති වීමයි. මෙම ලක්ෂණ වලින් පෙනී යන්නේ අප COVID-19 වසංගතයට ගොදුරු වී ඇති බවයි.

 



එ නිසාම මෙහි රෝග ලක්ෂණ පිළිබඳව අපි නැවතත් සලකා බලමු.

1. නොනැසී පවතින උණ නොසලකා හැරිය යුතුය

ඔබේ උෂ්ණත්වය 37.5 °C ට වඩා වැඩි නම් සහ එය පහළට නොයන්නේ නම් එය බරපතල ලකුණකි. ඇත්ත වශයෙන්ම, එය ඖෂධ නිසා පහළට ගියත්, නැවත ඉහළට පැමිණ නොනැසී පවතින උණක් නම්, ඒ ගැන සැලකිලිමත් වන්න.

2. දිගු කැස්ස

අපට දීර්ඝ කැස්සක් නතර නොවීම තිබෙන්නේද, එයද හොඳ සලකුණක් නොවේ. මෙම අවස්ථාවේ දී, ඔබට නිදා ගැනීමට නොහැකි තරමට කැස්ස ඇති අතර එය ඔබේ නිදාගැනීමේ රටාවන්ටද බාධාවක් වනු ඇත. මෙම බරපතල රෝග ලක්ෂණය පෙන්නුම් කරන්නේ පෙනහළු හා සම්බන්ධ වීමට පටන් ගෙන ඇති බවයි. මෙම තත්වය තුළ ඔබ හැකි ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හා සමඟ කතා කළ යුතුය.

3. හුස්ම හිරවීම

හුස්ම හිරවීම වැනි ප්‍රධාන රෝග ලක්ෂණයක් ද වහාම වාර්තා කළ යුතුය. ඔබ ඇවිදින විට හෝ වාඩි වී සිටින විට පවා හුස්ම හිරවීමක් වන්නේ නම්, ඔබ එය බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.

4. පාචන තත්ත්වයන්

පාචනය යනු කොරෝනා වයිරසයේ සාමාන්‍ය රෝග ලක්ෂණයකි. කෙසේ වෙතත්, එය නොනැසී පවතින්නේ නම් එය COVID-19 හි ලක්ෂණයක් වීමේ ඉඩකඩ වැඩිය. පාචනය සුව නොවන්නේ නම් සහ නතර නොවන්නේ නම් ඔබ රෝහල වෙත යා යුතුය. මෙය COVID-19 අවධියේ තවත් භයානක ලකුණකි.

 


5. පපුවේ වේදනාව

ඔබේ ශරීරයේ වෛරසය දරුණු අවධියකට ගමන් කරන්නේ නම්, ඔබට පපුවේ වේදනාව හෝ බරද ඇතිවිය හැකිය. එපමණක් නොව, එය අපගේ මොළයට ද බලපාන බැවින් මානසික ව්‍යාකූලත්වයක් ඇති විය හැකිය. මෙය පැහැදිලිවම පවසන්නේ අපගේ පෙනහලු අපගේ හදවතට සහ මොළයට ද බලපාන බැවින් එය සම්බන්ධ වන බවයි.

ලංකාව තුළ මේ වන විට මෙම COVID-19, නිදන්ගත රෝග ඇති අයට ඉතා වැඩි වශයෙන් බලපෑමක් ඇති කරන බව විවිධ මාධ්‍යයන් ඔස්සේ ඇසෙන්නට හා දකින්නට ලැබෙනවා. එ නිසා ඔබත් වෙන යම් රෝගී තත්ත්වයන් ඇත්නම් ඔබ ඉතාමත්ම සැලකිලිමත්ව මෙම වයිරසයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවත් අප මතක් කර සිටිනවා.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

668 Views

Comments

arrow-up