ගෘහණියන්ට වැදගත් එළිමහනේ ආහාර පිසීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
16

ගෘහණියන්ට වැදගත් එළිමහනේ ආහාර පිසීම

ගෘහණියන්ට වැදගත් එළිමහනේ ආහාර පිසීම

ආදි කාලයේ මිනිසා ආහාර අමුවෙන් ගැනීමට පුරුදු වී සිටියත් වර්තමානය වන විට එම තත්ත්වය වෙනස් වී ආහාර යම් යම් ක්‍රමවේද අනුව සකස් කර පරිභෝජනයට ගැනීමට පුරුදු වී සිටි. නිවසක මුළුතැන්ගෙය තුළ ආහාර සකස් කරගැනීමට භාවිතා වන විවිධ උපකරණ රාශියක් පවතී. එහෙත් විනෝද චාරිකාවකට හෝ නිවසින් බැහැරව ගිය විට එළිමහනේදී ආහාර පිළියෙල කරගැනීම තරමක් දුෂ්කර කාර්යයක්. තරමක් දුෂ්කර වුවත් මුළුතැන්ගෙයි ආහාර පිසිනවාට වඩා එළිමහනේ ආහාර පිසීම තුළින් කිසියම් වෙනස්ම වූ ආශ්වාදයක් ලබාගැනීමට පුළුවනි.

නිවසක් තුළදී ආහාර සකස් කරගැනීම ඉතා පහසු කටයුත්තක් නොවේ. ආහාර බහාලීම සඳහා විවිධ භාජන වර්ගද, පිස ගැනීම සඳහා විදුලි ලිප්, ගෑස් ලිප් සහ ස්ථිරව සකස් කරන ලද දර ලිප් භාවිතා කෙරේ. නමුත් එළිමහනේදී ආහාර පිසීමට ඉහත සියලු පහසුකම් අපට සපයා ගැනීමට හැකියාවක් නොමැත. නමුත් ඔබට එළිමහනේ ආහාර පිසීම පිළිබඳව යම් කිසි සැලැස්මක් මූලිකවම සකසාගතහොත් එම කාර්යය තරමක් දුරට පහසු කරවා ගැනීමට හැකිවේවි. ඔබ එළිමහනේ සිටින දින ගණන සහ ඒ සඳහා සහභාගි වන පවුලේ සාමාජිකයන් ගණන අනුව අවශ්‍ය වන ආහාර ප්‍රමාණ සහ ආහාර වර්ග එම සැලැස්මට එක්කර ගත යුතුයි. එමෙන්ම ඉක්මනින් පිස ගත හැකි සහ ස්වභාවික පරිසර තත්ත්වයන් යටතේ වැඩි කලක් තබා ගත හැකි ආහාර වර්ග තෝරා ගැනීමද වැදගත්. එමෙන්ම ආහාර පිස ගැනීම සඳහා ජලය ලබා ගැනීමට පහසුවෙන් කැඩී බිඳී නොයන ආරක්ෂිත භාජන රැගෙන යාමද කළ යුතු වන අතර ආහාර පිසීමට අවශ්‍ය මිරිස් තුන-පහ වැනි දේ කුඩා ඇසුරුම්වල බහා සකස් කර ගැනීමද කළ හැකියි.

 

 

 


එහෙත් කැලෑවක අතරමං වූ විට හෝ කැළෑ ගවේෂණය, වන ශිල්පය ආදී එළිමහන් ක්‍රියාකාරකම් වලදී ආහාර සපයා ගැනීම, භාජන රහිතව ආහාර පිස ගැනීම ආදී කාර්යයන් තරමක් දුෂ්කරයි. එහිදී වැල් අල වර්ග, කොළ වර්ග, ගෙඩි වර්ග, එළවලු වර්ග සහ මාළු වර්ග තම්බා හෝ පුළුස්සා ආහාරයට ගත යුතුයි. ඒ සදහා පවතින සම්පත් උපයෝගී කරගනිමින් ලිපක් නිර්මාණය කර ගැනීමට ඔබට හැකි නම් එය වඩාත් ප්‍රයෝජනවත් වේවි. ගල් තුනේ ලිප, අගල් ලිප, ගල් පෙලි ලිප, ඒකක ලිප, කරු දෙකේ ලිප, පැතලි ගල් ලිප සහ ටින් පෝරණුව යනාදී ඕනෑම ලිපක් එළිමහනේ ආහාර පිසීමට භාවිතා කළ හැකියි. ආහාර පිසීමට ලිපක් දැල්වීමේදී ඔබ විසින් සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් ද පවතී. සුළං හමන දිශාවට විරුද්ධ දිශාවෙන් ගිනි දැල්වීම සිදුකළ යුතු වීම, එම ස්ථානයේ ඇති බොරලු තන පිඩලි කොළ රොඩු ආදිය ඉවත් කර ගත යුතු වීම ඉන් කිහිපයකි. පරිසරයෙන් සොයා ගන්නා ආහාර අවම පහසුකම් යටතේ විවිධ උපකරණ නිර්මාණය කර ගනිමින් භාජන රහිතව විවිධ ක්‍රමවේද අනුගමනය කර ගනිමින් පිස් ගැනීම ඇත්තෙන්ම විනෝදජනක අත්දැකීමක්.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

1437 Views

Comments

arrow-up