හදිසියකදී හැමෝම දැනගත යුතු ප්‍රතිකර්ම

එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන හදිසි අවස්ථාවන්වලදී මේ ප්‍රතිකර්ම පිළිබඳ අවබෝධයෙන් සිටින්න.
හදිසියේ තුවාලයක් වුණොත්,
RICE කියන වචනය මතක තියාගන්න. R-rest විවේකය ලබාදෙන්න. I-ice අයිස් කැට හෝ අයිස් වතුර තබා තුවාලය සිසිල් කරන්න. C- compress තුවාලය තද කරන්න. නැත්නම් බැන්ඩේජ් කරන්න. E-elevate ඔසවා තබන්න. තුවාල වුණු ස්ථානය හැකිතරම් හෘදයට වඩා ඉහළට ඔසවා තබන්න. එමගින් ලේ ගලා යාම අඩු වෙවී. තුවාලය පිරිසිදු කර බෙහෙත් දමනවා වෙනුවට තුවාලය මත ගොම හෝ අත්බෙහෙත් යෙදීමෙන් වලකින්න.
පිළිස්සීමක් වුනොත්,
සාමාන්‍ය ජනතාව හුරුවී සිටින සිග්නල් තීන්ත තේ කුඩු ආදිය ගාන්න එපා.
හැකි තරම් එම ස්ථානය සිසිල් කරන්න. ලඟම තියෙන පිරිසිදු වතුර එකකට එබුවත් කමක් නැහැ. දියබුබුළු කඩන්න එපා. පිලිස්සුන තුවාල මත විෂබීජ නිසා බෙහෙත් දැමීමට උත්සාහ කරන්න එපා. රෝහලකට වහාම රැගෙන යන්න. කෝමාරිකා වැනි දෙයක් ඇත්නම් තුවාලය මත තැබුවාට වරදක් නැහැ.
කටුවක් ඇනුණොත්,
හැකිනම් එය ගලවා ඉවත් කරන්න. ඉක්මනින්ම තුවාලය පිරිසිදු වතුරින් සෝදා අතරින් පැලැස්තරයක් දමන්න. ගැඹුරටම ඇනී ඇත්නම් කටු ඉවත් කිරීමට හදන්න එපා. ඇතුළට යෑම වැළැක්වෙන පරිදි රවුමට රෙදි තබා වෙලුමක් යොදා වහාම රෝහලට රැගෙන යන්න.
හදිසියේ කලන්තයකදී,
කලන්තයක් හැදුනු රෝගියා වහාම නිදි කරවලා කකුල් දෙක ඔසවා තබන්න. එහෙමත් නැත්නම් පුටුවක හිඳුවා ඔහුගේ දෙපා අතර හිස තබන්න. පිරිසිදු වාතාශ්‍රය ලබා දෙන්න. තද ඇඳුම් බුරුල්කර පවන් සලන්න. මුහුණ සිසිල් දියෙන් පිසදන්න. රෝගියා සිහියෙන් සිටී නම් උණුසුම් බීමක් අතට දෙන්න.
මුද්දක් වළල්ලක් වැනි යමක් හිර උනොත්,
අත ටික වේලාවක් ඉහලට ඔසවා තබන්න. අනතුරුව මුද්දක් නම් ඇඟිල්ලේ කොනේ සිට කුඩා ටේප් එකකින් වෙලාගෙන ඇවිත් මුද්ද අසලදී නවතා එතනින් මුද්ද පන්නන්න. ඉබේටම ගැලවී යාවි. එසේ ගැලවෙන්නේ නැත්නම් වෛද්‍යවරයකු මුණගැසෙන්න.
ඇසිඩ් ශරීරගත වුණොත්,
වමනය කරවන්න එපා. ඉක්මනින් කැල්සියම් කාබනේට් ටිකක් දියකර පොවන්න. මීට පහසුම දේ තමයි ගෙදර තියෙන හුණු නැත්නම් බිත්තියක් හාරා හෝ දිය කර පොවන්න ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න.
සර්පයකු දෂ්ට කළොත්,
මුලින්ම තුවාලය සබන් ගා හොඳින් සෝදන්න. රෝගියාට සිහිය ඇත්නම් පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් දෙන්න. කිසිවිටෙකත් ඇස්ප්‍රීන් හා මධ්‍යසාර දෙන්න එපා. තුවාලය කපා ලේ යවන්න කටතබා විෂ උරන්න වත් හදන්න එපා. හැම සර්පයෙක්ම විෂ සහිත නැහැ ඒ බව පවසා රෝගියාගේ බිය දුරු කරන්න.
නාසයෙන් ලේ ගැලීමකදී,
නාස්පුඩු අල්ලාගෙන විනාඩි 10ක් පමණ සිටන්න. නාසය මත අයිස් කැට හෝ සීතල වතුරෙන් තෙත්කළ රෙදි කැබැල්ලක් තබන්න. මුඛයෙන් හුස්ම ගැනීමට උපදෙස් දෙන්න.
by Dilki Shamani
Photo Source: Internet
793 Views
Comments