නිවසකට උළුවහු තැබීම

නිවසක උළුවහු තැබීමේ සුබ අසුබ පල පිලිබඳ සටහනක් මේ.
*යම් නිවසකට වහලෙන් පමණක් ගෙට ඇතුළුවීමට දොරටුව තබා ඇත්නම් එම නිවස දුරුව නම් වෙනවා. එම නිවසේ වාසය කරන අයට දන ධාන්‍ය සියලු සැප සම්පත් ළඟා කර දෙනවා.
*නැගෙනහිර දිශාවෙන් පමණක් ගෙට ඇතුළුවීමට දොරකඩවල් තබා ඇති නිවස ධාන්‍ය නම් වෙනවා. එම නිවසේ ජීවත්වන අයට ක්‍රමානුකූලව ධන ධාන්‍ය සම්පත් ළඟා කර දෙනවා.
*දකුණු දිසාවෙන් පමණක් පිට සිට නිවසට ඇතුළුවීමට දොරටුව හෙවත් උළුවහු තබා ඇති නිවස ජය නමින් හඳුන්වනවා. එම නිවසේ ජීවත් වන්නට ජයග්‍රාහී භාවය ළඟා කර දෙනවා.
*නැගෙනහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් පිට සිට ගෙට ඇතුළුවීමට දොර ඇති නිවස නන්ද නම් වෙනවා. එම නිවසේ වසන්නන්ට නොවරදවාම ස්ත්‍රී හානි ගෙන දෙනවා.
*බස්නාහිර දිශාවෙන් පමණක් නිවසට ඇතුළුවීමට දොර තබා ඇත්නම් එම නිවස බර නමින් හඳුන්වනවා. එම නිවසේ ජීවත්වන අයගේ සියලු සැප සම්පත් විනාශ කරනවා.
* බස්නාහිර දිශාවෙන් හා නැගෙනහිර දිශාවෙන් නිවසට ඇතුළු වීමට දොරවල් තබා ඇති නිවස කාන්ත නිවස නම් වෙනවා. එම නිවසේ ජීවත් වන්නන්ට දූදරුවන්ගේ ලාභ ඇති වෙනවා.
*දකුණු දිශාවෙන් සහ බස්නාහිර දිසා යන දෙකෙන් නිවසට ඇතුළුවීමට උළුවහු තබා ඇති නිවස මනෝරාමා නම් වෙනවා. එම නිවසේ ජීවත් වන්නන්ට සියලු යස ඉසුරු ළගා කරදෙනවා.
*බස්නාහිර දිශාවෙන් දකුණු දිශාවෙන් නැගෙනහිර දිශාවෙන් එන තුන් දිශාවෙන්ම නිවසට ඇතුළුවීමට උළුවහු තබා ඇති නිවසක් සුමුඛ නමින් හඳුන්වනවා. එම නිවසේ වාසය කරන අය නිතර අසහනකාරී භාවයෙන් පසු වෙනවා. පිරිහීමේ දොරටුව නමින් එය හඳුන්වනවා.
* නැගෙනහිර දිශාව උතුරු දිශාව යන දෙකෙන් නිවසට ඇතුළුවීමට දොරවල් තබා ඇති අය උග්‍ර නමින් හඳුන්වනවා. එම නිවසේ වාසය කරන්නන්ට අනේක විධ කරදර උපද්‍රව ඇති කරනවා.
*උතුරු දිසාවෙන්ද දකුණු දිශාවෙන්ද ඇතුළුවීමට දොරටුව තබා ඇති නිවාස රිපුද නම් වෙනවා. එම නිවසේ ජීවත්වන අයට නිතරම සතුරු කරදර උපද්‍රවයන් ළඟා කර දෙනවා.
* උතුරු දිශාවෙන් නැගෙනහිර දිශාවෙන් දකුණු දිශාවෙන් යන තුන් දිශාවෙන්ම නිවසට තබා ඇති නිවස ධනජ නම් වෙනවා. එම නිවසේ ජීවත්වන අයට නිතරම
ධන සම්පත් ලගා වෙනවා.
*බස්නාහිරින් සහ උතුරු දිශාවෙන් දොරටු තබා ඇති නිවස නාශ නම් වෙනවා. එම නිවස වාසය කරන සියලු සැප සම්පත් විනාශ කරනවා.
*උතුරු දිශාව සහ බස්නාහිර දිශාව නැගෙනහිර දිශාවෙන් උළුවහු තබා ඇති නිවස අක්‍රනන්ද නම් වෙනවා. එම නිවසේ ජීවත් වන අයට නිතරම දුක ශෝකය ළඟා කර දෙනවා.
* උතුරු දිශාවෙන් බස්නාහිර දිශාවෙන් දකුණු දිශාවෙන් යන තුනෙන්ම උළුවහු තබා ඇති නිවස විපුල ලෙස හඳුන්වනවා. එම නිවසේ වාසය කරන අයට ආශ්චර්යය ලබා දෙනවා.
* උතුර බස්නාහිර බස්නාහිර දකුණ නැගෙනහිර යන සතර දිසාවෙන්ම නිවසට ඇතුළුවීමට උළුවහු තබා ඇති නිවස විජය නම් වෙනවා. එම නිවසේ වාසය කරන අයට නිරතුරුවම වස්තුව ජයග්‍රාහී බව සැපත සතුට සියලු සුබපල ඇති කරනවා.
by Dilki Shamani
Photo Source: Internet
4496 Views
Comments