අවුට් ඩේටඩ් ගෘහ අලංකරණ විලාසිතා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

අවුට් ඩේටඩ් ගෘහ අලංකරණ විලාසිතා

අවුට් ඩේටඩ් ගෘහ අලංකරණ විලාසිතා

ගෘහ අලංකරණ විලාසිතා කලින් කලට එළියට ඇවිත් යලි බැහැලා යනවා. ටික කාලෙකට කලින් බොහොම ප්‍රසිද්ධියට පත් වුනු, මිනිස්සු උනන්දුවෙන් අනුගමනය කරපු විලාසිතා කීපයක් මේ වෙද්දී බැහැර වෙමින් පවතිනවා. හැබැයි සමහර ගෘහ නිර්මාණශිල්පීන් මේවා ගැන යාවත්කාලීන නොවීම නිසා අලුත් ගෘහ අලංකරණ විලාසිතා ගැන නොදැන ඉන්න පුළුවන්. ඉතින් ඔබේ අලුත් නිවස ගොඩ නගද්දී ඔවුන් ඔබට මේ ගෘහ අලංකරණ විලාසිතා යෝජනා කරන්න ඉඩ තියෙනවා. හැබැයි මේ වසර අවසාන වෙද්දී මේ විලාසිතා සම්පුර්ණයෙන්ම බැහැර වීමට ඉඩකඩ වැඩි. ඉතින් මේ ගැන දළ අවබෝධයක් තිබීම ඔබට ඉතාම වැදගත් වේවි.

1. බාත්රූම් එකට ප්ලාස්ටික් රාක්ක

සෙරමික් ටයිල් අල්ලන ලද නාන කාමරයක් තුල ප්ලාස්ටික් රාක්කයක් තිබීමෙන් නාන කාමරයේ සුඛෝපභෝගී පෙනුම පහල බසින බව වර්තමාන අදහසයි.. එවැනි ප්ලාස්ටික් රාක්කයක් නාන කාමරයේ ඇති ඉඩ කඩ අහුරන එකත් තව ගැටළුවක්. විශේෂයෙන්ම ප්‍රමාණයෙන් කුඩා නාන කාමරයකට නම් ප්ලාස්ටික් රාක්කයක් කොහොමවත් ගැලපෙන්නේ නැහැ. රාක්ක වෙනුවට අද වැඩිදෙනා පාවිච්චි කරන්නේ සින්ක් එක යට ඇති කුඩා කබඩ් එකක්. ඒ තුල ඔබේ ෂැම්පු, සබන්, දත් බුරුසු ආදිය තැම්පත් කරන්න පුළුවන්.

2. කතිර හැඩති දැව පොලව

දැවමය බිමක් නිවසකට පෞරාණික පෙනුමක් ලබා දෙනවා. මේ හැඩය අතීතයේ බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. හැබැයි දැන් වැඩිදෙනා විශ්වාස කරන්නේ එවැනි බිමක් නිවසකට ලබා දෙන්නේ අවුල් වුනු සංකීර්ණ පෙනුමක්. ඔබේ නිවසට චාම් සහ සරල පෙනුමක් ලබා ගන්න අවශ්‍ය නම් එවැනි ක්‍රම අනුගමනය කරන්න එපා.

3. ලෝහමය භාණ්ඩ

පැරණි කාලයේ ලෝහමය භාණ්ඩ වලට ලැබුනේ ඉහල ස්ථානයක්. නමුත් වර්තමානයේ කියන්නේ ලෝහමය භාණ්ඩ වල ඇති අඳුරු සහ සිසිල් බව නිවසේ සුන්දරත්වය අහිමි කරන බවයි. ඒ වෙනුවට සැහැල්ලු ළා වර්ණ සහිත ගෘහ භාණ්ඩ නිර්දේශ කරනවා.

4. ග්‍රැනයිට් මතුපිට

කාලයකට ඉහත ග්‍රැනයිට් භාවිත කර නිවෙස් සැකසීම ඉතා ජනප්‍රිය ක්‍රමවේදයක් වුනා. නමුත් වර්තමානය වෙද්දී ග්‍රැනයිට් වලට ලැබෙන ඉල්ලුම ක්‍රම ක්‍රමයෙන් පහල බසින් තියෙනවා. ඒ වෙනුවට plain matte හෝ glossy shades තෝරා ගන්නා ලෙස ගෘහ නිර්මාණ ශිල්පීන් යෝජනා කර සිටිනවා.

5. බීන්බෑග් පුටු

මෙම වර්ගයේ පුටු මුලින්ම ගෙන ආවේ ආයතන සහ සමාගම් වලට. ඔවුන්ගේ අපේක්ෂාව වුනේ තම සේවකයන්ට වෙහෙසකාරී අවස්ථා වලදී සුවපහසුවක් සැලසීමයි. නමුත් මෙම වර්ගය ඉතා ඉක්මණින් ජනප්‍රියතාවයට පත් වී, නිවෙස් වල භාවිතයට ගැනුනා. නමුත් අද වන විට මෙහි ජනප්‍රියතාවය පහල බැහැලා අවසන්. ඒ වෙනුවට ගෘහ නිර්මාණ ශිල්පීන් නිර්දේශ කරන්නේ නවීන පෙනුමැති ආසන.

ඉතින් මේ යල් පැනගිය විලාසිතා ඔබේ නිවසට එක් කරගන්න සූදානම් වෙන්න එපා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

511 Views

Comments

arrow-up