ඇවිදීමෙන් ලැබෙන විස්මිත ඵල
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

ඇවිදීමෙන් ලැබෙන විස්මිත ඵල

ඇවිදීමෙන් ලැබෙන විස්මිත ඵල

රෝගා බාධ රැසකට සහනය ගෙන දෙන පුරුද්දක් ලෙසත් ඇවිදීම නිර්වචනය කරන්න පුළුවන්. ඉතින් ඇවිදීමේ පුරුද්ද නිසා ඔබට අත් වන විශ්මිත ප්‍රතිඵල ගැන මේ ලිපියෙන් දැනගන්න.

ඇවිදීම නිසා මිනිසාගේ මස් පිඬු සහ ඇටකටු ශක්තිමත් වෙනවා. මස් පිඬු වල ඇති මේදය ඉහල නම් තරබාරු බවත්, ශක්තිය අඩු වීමත් සිදු වෙනවා. නමුත් ඇවිදීම නිසා මස් පිඬු වල ඇති අතිරික්ත මේදය ඉවත් වී යනවා. තරබාරු පුද්ගලයන් සඳහා ඇවිදීම හොඳ ව්‍යායාමයක් බව නිර්දේශ කර ඇත්තේ ඒ නිසයි. ඒ වගේම ඇට කටු සන්ධි වල පවතින රෝගී තත්වයන් සුව කර දෙන්නත් මේ ඇවිදීමේ පුරුද්දට පුළුවන්.
දෑස් වල පීඩනය වැඩි වූ විට පෙනීමේ ගැටළු ඇති වෙනවා. නමුත් ව්‍යායාම සඳහා ඇවිදීමට පුරුදුව සිටින්නෙකුගේ දෑස් වල පීඩනය වැඩි වන්නේ නැහැ. මේ නිසා මැදි වියට ආසන්න වූවත්, ඔවුන්ගේ පෙනීම ආරක්ෂා වෙනවා.
ආතරයිටීස් රෝගය ඇවිදීමේ ව්‍යායාමය මඟින් සුව කර ගත හැකියි. තරබාරු පුද්ගලයන්ගේ, මැදිවිය පසු කරන ඇතැම් පුද්ගලයන්ගේ දෙපා ඉදිමීම සහ නහර ගැට ගැසීම වැනි තත්වයන් ඇති වෙනු දකින්න පුළුවන්. පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමය සිදු කරන පුද්ගලයන් තුල මෙවැනි ගැටළු දක්නට ඇත්තේ ඉතාමත් අඩුවෙනි.
හදිසි හෘදයාබාධ වලින් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන් මේ කාලයේදී වැඩි වී තිබෙනවා. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමෙහි යෙදෙන පුද්ගලයන්ගේ අධි රුධිර පීඩනය සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය වන නිසා ඔවුන්ට හදිසි හෘදයාබාධ ඇති වීමේ අවස්තාව අඩු වෙනවා.

 

 


කශේරුකා පද්ධතියේ ගැටළු ඇති වූ විට කොන්දේ වේදනාවන් ඇති වීම සාමාන්‍ය දෙයක්. විවිධ හේතුන් නිසා මෙවැනි තත්වයක් උදා විය හැකියි. නමුත් පුරුද්දක් ලෙස ඇවිදීමේ ව්‍යායාමයෙහි නිරත වීමට පෙළඹීම නිසා කොන්දේ ඇති විය හැකි ආබාධයනුත් සමනය වී යනවා. ඇවිදීමෙන් කශේරුකා පද්ධතියේ නම්‍යතාවය වැඩි වීම, ඉහිල් වීම සිදු වෙනවා. ඇවිදීම කියන්නේ ශාරීරික ව්‍යායාමයක්. නමුත් එය ඔබේ මනසට පවා හිතරකරයි. පුද්ගලයෙකුට මානසික රෝග වැළඳීමේ අවදානම අඩු කරන්න මේ ඇවිදීමේ පුරුද්දට හැකියාව තිබෙනවා.

ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් තමන්ගේ කාලයෙන් විනාඩි 15 – 30ත් අතර කාල සීමාවක් ඇවිදීමේ ව්‍යායාමය වෙනුවෙන් වෙන් කරන්න. ඔබ නොසිතු විරු ප්‍රතිලාභ රැසක් ඒ කෙටි කාල සීමාව තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔබත් දිනකට විනාඩි කිහිපයක් ඇවිදීම පුරුද්දක් කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

596 Views

Comments

arrow-up