පිළිකාවට හේතුවෙන මේ දේවල් අත්හරින්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
23

පිළිකාවට හේතුවෙන මේ දේවල් අත්හරින්න

පිළිකාවට හේතුවෙන මේ දේවල් අත්හරින්න

පිළිකා යනු නිශ්චිත වූ ශරීර කොටසක ඇති සෛල, පාලනයකින් තොරව ප්රතිනිෂ්පාදනය කිරීමට පටන් ගන්නා අතර එමඟින් ශරීරයේ අනෙකුත් කොටස් ආක්රමණය කිරීම හෝ පැතිරීම සිදු වේ. අනෙකුත් ශරීර කොටස් වලට පැතිර නොයන පිළිකාමය පිළිකාවන් වර්ග දෙකක්ද ඇත. වෛද්ය විශේෂඥයින්ට අනුව පිළිකා යනු බොහෝ රෝගාබාධ සමූහයකි.

 

- දුර්වල ජීවන රටාව

- දුර්වල ආහාර ගැනීමේ ක්රියාවලිය

- නිසියාකාරව ව්යායාම නොකිරීම

- දුම්කොළ ආශ්රිත පරිභෝජනයන්

- ජානමය ලෙස

- ආසාදන මගින්

 

 රසායනික ද්රව්ය හෝ විකිරණවලට පාරිසරිකව නිරාවරණය වීම යන කරුණු කාරණා මගින් පිළිකා වර්ධනය වනවා.

 

 

බොහෝ අධ්යයනවලින් හෙළි වී ඇත්තේ දුර්වල ආහාර ගැනීමෙන් හා ක්රියාශීලී නොවීමෙන් පිළිකා වැළඳීමේ අවදානම වැඩි වන බවයි. ලෝක පිළිකා පර්යේෂණ අරමුදලට අනුව ඇමරිකාවේ පමණක් පිළිකා රෝගීන්ගෙන් 20% ක් පවා දුර්වල ආහාර රටා, බර වැඩිවීම, මත්පැන් පානය කිරීම හා ශාරීරික ක්රියාකාරකම් වලට සම්බන්ධ නොවන බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, අනෙකුත් රෝග මෙන්ම, පිළිකා ද වළක්වා ගත හැකිය. ඔබට පිළිකා වැළඳීමේ අවදානම අඩු කළ හැකි වන්නේ,

 

- පලතුරු සහ එළවළු ඇතුළත් සමබර සෞඛ්ය සම්පන්න ආහාර සැලැස්මක් අනුගමනය කිරීම

- දුම්පානය නතර කිරීම

- ව්යායාම කිරීම හා

- සෞඛ්ය සම්පන්න ශරීර බරක් පවත්වා ගැනීම තුළිනි. දරුණුතම පිළිකා ඇති කරන ආහාර

 

සීනි සහ සීනි සහිත ආහාර

 

පිරිපහදු කළ සීනි සෞඛ්ය ගැටලු රාශියක් ඇති කරයි. මේ මගින් රුධිරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන අතර එමඟින් පිළිකා සෛල වර්ධනය වේ. සායනික පෝෂණ පිළිබඳ ඇමරිකානු සංගමය 2006 දී ලිපියක් පළ කර ඇති අතර එහිදී සීනි විශාල ප්රමාණයක් පරිභෝජනය කරන පුද්ගලයින්ට අග්න්යාශ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි බව ඔවුන් පැහැදිලි කරයි. ඔබ සීනි පරිභෝජනය සීමා කළ යුතුයි.

 

සැකසූ මස්

 

 

බේකන්, හැම්, සොසේජස් සහ මෙන්ම ලුණු ද අඩංගු ආහාර. පෝෂණ හා පිළිකා සඟරාව විසින් කරන ලද එක් අධ්යයනයකින් හෙළි වූයේ සැකසූ මස් පරිභෝජනය කිරීමෙන් කොලරෙක්ටල් පිළිකා මෙන්ම පුරස්ථ ග්රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වන බවයි. එබැවින්, ඔබට හැකි තරම් මෙම වර්ගයේ මස් වලින් වැළකී සිටින්න.

 

දුම් ගැසූ හෝ අච්චාරු දමන ලද ආහාර

 

මෙම වර්ගයේ ආහාර නිතිපතා පරිභෝජනය කිරීම ඉතාමත්ම අහිතකර ය. දුම් ඇල්ලීමේ ක්රියාවලියේදී විෂ මස් වලට උරා ගන්නා අතර අච්චාරු දමන ලද ආහාරවල, ආහාර ජීර්ණයේදී එන්-නයිට්රෝසෝ ලෙස වෙනස් වන නයිට්රේට් අඩංගු වන නිසා පිළිකාවට තුඩු දෙයි. තවද ඒවායේ ආයු කාලය දීර්ඝ කර ගැනීම සඳහා ඒවා කල් තබා ගන්නා ද්රව්ය එක් කරනු ලැබේ. කල් තබා ගන්නා ද්රව්ය අධික ලෙස පරිභෝජනය කිරීමද පිළිකාවට හේතු විය හැක.

 

පාන් පිටි

 

අප දිනපතා පරිභෝජනය කරන බොහෝ ආහාර සෑදීමට සුදු පිටි භාවිතා කරයි. පිරිපහදු කළ පිටි වල විශේෂයෙන්ම අඩංගු වන්නේ අධික කාබෝහයිඩ්රේට් ප්රමාණයක්. සමහර අධ්යයනයන්ට අනුව, කාබෝහයිඩ්රේට් විශාල ප්රමාණයක් පරිභෝජනය කරන කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩිය. මෙම වර්ගයේ පිටි ද රුධිරයේ සීනි මට්ටම වේගයෙන් වැඩි කරයි. සම්පූර්ණ හාල් පිටි, කුරක්කන් පිටි වැනි සෞඛ්ය සම්පන්න විකල්ප තෝරාගන්න.

 

 

මයික්‍රෝවේව් පොප්කෝන්

 

මයික්රෝවේව් වල සාදන පොප්කෝන් වල ඉතා හානිකර විෂ ද්රව්යයක් වන පර්ෆ්ලෝරූක්ටැනික් අම්ලය අඩංගු වේ. බොහෝ අධ්යයන මගින් මෙම විෂ ද්රව්යයේ රිණාත්මක බලපෑම් සනාථ කර ඇති අතර එය වකුගඩු හා මුත්රාශයේ පිළිකා සමඟ සම්බන්ධ කර ඇත. මෙම අම්ලය ගැහැණු වඳභාවයට හේතු විය හැකි බව වෙනත් අධ්යයනවලින් ද පෙන්වා දී ඇත. මයික්රෝවේව් පොප්කෝන් වල ප්රොපයිල් ගැලට් වැනි GMO ද අඩංගු වේ.

 

පොටටෝ චිප්ස්

 

අර්තාපල් අල චිප්ස් නිෂ්පාදනය කිරීමේ ක්රියාවලියට අධික තාපයක් අවශ්ය වන අතර එමඟින් පිළිකා කාරකයක් වන ඇක්රිලමයිඩ් සෑදේ. අර්තාපල් චිප්ස් වල පුරස්ථ ග්රන්ථිය, ආහාර ජීර්ණය, ඩිම්බකෝෂය සහ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි රසායනික ද්රව්යයක් අඩංගු බව පිළිකා පිළිබඳ ජාත්යන්තර සඟරාව පවසයි. මීට අමතරව අර්තාපල් චිප්ස් වල කැලරි, මේද හා ලුණු අධිකව ඇති අතර එය තරබාරුකම, අධික කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය ඇති කරයි. දේශීය අල වර්ග හෝ නිවසේදීම අර්තාපල් අල චිප්ස් ඔලිව් තෙල් වැනි තෙල් වර්ගයක් සමඟ ඔබේම චිප්ස් සාදා ගන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. ඔබට ඇපල්, බතල කෙසෙල් චිප්ස් ද සාදා ගත හැකිය.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

710 Views

Comments

arrow-up