සිරුරට මුංඇට සත්කාර

මුළුතැන්ගෙයි තිබෙන බොහෝ අමුද්‍රව්‍ය සාමාන්‍යයෙන් අපි රූපලාවණ්‍ය සත්කාර සඳහා යොදාගන්නේ එහි ඇති ස්වාභාවික පෝෂණ ගුණයන් නිසාමයි. මේ සූදානම් වන්නේ ඔබට පහසුවෙන් භාවිතා කළහැකි තවත් පෝෂණීය සත්කාරක මාධ්‍යක් ගැන ඔබට කියන්න. මුංඇට ගුණදායක ධාන්‍ය වර්ගයක් බව කවුරුත් දන්නා කරුණක්. එපමණක් නොව අතීතයේ සිට රූපලාවණ්‍ය සත්කාර සඳහා ද මුංඇට භාවිත කර ඇත. සමට අවශ්‍ය නිරෝගී බව, පෝෂණය හා පැහැපත් බව ඇති කිරීමේ විශේෂ හැකියාවක් සහිත මුංඇට ඕනෑම සමකට උචිත වීමද විශේෂත්වයක්.
• ඔබේ කුරුලෑ සහිත මුහුණට මුංඇට රැයක් පෙඟෙන්න තබා පසුදා හොඳින් අඹරා එළඟි තෙල් සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කර සිසිල් ජලයෙන් සෝදා හරින්න. මිශ්‍රණය ශීතකරණයේ කල් තබා ගත හැකි නිසා සතියකට තෙවරක්වත් මෙසේ කිරීමෙන් මුහුණේ ඇති කුරුලෑ, ලප කැළැල් ඉක්මනින් ඉවත් කර ගත හැකියි. එසේම මුංඇට ඇල්දියෙන් අඹරා, ඔබේ සමේ කැළැල් මතුපිට ආලේප කරන්න. දින කිහිපයක් කිරීමෙන් ක්‍රමක්‍රමයෙන් ලප කැළැල් මැකී යන අයුරු දැක ගන්න පුළුවන්.
මුංඇට අමු පිටි ස්වල්පයකට මී කිරි, මී පැණි සහ කහ ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍රකර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ ඇති විෂබීජ නැති කර , ලප කැළැල් ඉවත් කරයි. තවද කහ, යෝගට් හා මුංඇට පිටි මිශ්‍රණය ද කුරුලෑ සමට වඩාත් සුදුසුයි. එයට කැමැති නම් දෙහි ස්වල්පයක් එක්කර ගන්න.
• ඔබට ඇත්තේ වියළි සමක්ද? එහෙනම් රැයක් මුං ඇට පෙඟෙන්න තබා මී කිරි සමඟ මිශ්‍ර කර මුහුණේ සහ ගෙලෙහි අලේප කරන්න. මෙය සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙයි.
• ඔබේ නිරෝගී කෙස් කළඹ රැකගන්න මෙය හිසකෙස් ආශ්‍රිත සියලු රෝගවලට ගුණදායක සත්කාරයකි. මුංඇට පිටි සහ උඳු පිටි සමව ගෙන ඇල් දිය ස්වල්පයකින් මිශ්‍රකර හිසේ ආලේප කරන්න. දින කිහිපයක් ගැල්වීමෙන් හිස්හොරි කරදරයෙන් මිදීමට මෙන්ම අකලට හිසකෙස් හැලී යෑමද පාලනය කරගත හැකියි.
• දීප්තිමත් සමක් උරුම කරගන්න රැයක් පෙඟෙන්න තබා අඹරා ගත් මුංඇටවලට මී පැණි සහ පොල්තෙල් ස්වල්පය බැගින් එක්කර හොඳින් මිශ්‍ර කර ෆේස් මාක්ස් එකක් සාදා ගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 20කට පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න. දවසක් හැර දවසක් මෙසේ ආලේප කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
මුංඇට පෙඟෙන්නට දමා හොඳින් අඹරා එයට බිත්තර සුදු මද සහ මී පැණි එක්කර මුහුණේ සහ ගෙලෙහි ආලේප කරන්න. විනාඩි 30 - 45 ක් පමණ තිබෙන්න හැර සෝදා හරින්න.
මෙවැනි ඉතා පහසු ක්‍රම මගින් ඔබේ මුළු සිරුරටම පෝෂණීය සත්කාරයක් ලබාගන්න.
by Dilki Shamani
Photo source : Internet
866 Views
Comments