මංගල ගමන ප්‍රමාද වීම පිළිබඳව ධනාත්මකව සිතමු.
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

මංගල ගමන ප්‍රමාද වීම පිළිබඳව ධනාත්මකව සිතමු.

මංගල ගමන ප්‍රමාද වීම පිළිබඳව ධනාත්මකව සිතමු.

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ මේ දිනවල බොහෝ දෙනා සිත් තැවුලෙන් පසු වෙනවා .ඒ අතරින් විශේෂයෙන්ම කණස්සල්ලෙන් පසුවෙන කණ්ඩායමක් ලෙස මේ වසරේ විවාහ වීමට බලා සිටි මනාල යුවල් හැදින්විය හැකිය.

 

තම විවාහය සඳහා බොහෝ කල් සිට සූදානම් වී නමුත් මෙම වසංගත තත්ත්වය හේතුවෙන් තම මංගල ගමන පමා වීම නිසා බොහෝ මනාල යුවල වල් සිත් තැවුලෙන් පසු වෙන බව අපි දන්නවා .මෙම ලිපිය ගෙන එන්නේ එසේ සිත් තැවුලෙන් පසු වෙන ඔබව ධනාත්මක මාර්ගයක් පෙන්වා දීමටයි.

 

යුවතියක් වශයෙන් මනාලියක් වීමට ප්‍රථම ඇය විසින් ඇයගේ රූපලාවණ්‍ය කටයුතු සඳහා රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගැනීම ,අවුරුද්දක පෙර සිට උත්සව ශාලා තෝරා ගැනීම ,ආභරණ තෝරා ගැනීම ,මල් සැකසුම්, ඡායාරූප ශිල්පියා තෝරා ගැනීම් ආදී මෙකී නොකී සියලුම දේට ඇය වඩාත් යුහුසුළුව උනන්දුවෙන් ලැහැස්ති වෙනවා .ඒ සියලුම කැප කිරීම් කළේ ඇයගේ මංගල දිනය කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදු කර ගැනීමටයි .සැහැල්ලුවෙන් ජීවිතය ගත කළ තනිකඩ තරුණයාද මෙතෙක් දවසක් ඔහු ගත කළ ජීවිතයෙන් මිදී අලුත්ම ජීවිතයකට යාම සඳහා ඉතා උනන්දුවෙන් වගකීම් සහගතව කටයුතු කිරීමට පෙළබෙනවා.

 

එහෙත් රටේ දැනට පවතින තත්ත්වය සමග ඔබට පමණක් නොව ලෝකයේම මංගල උත්සව ප්‍රමාද වී තිබෙන බව ඔබ සිහි තබා ගත යුතුයි.මේ පිළිබඳ ඔබ සිත් තැවුලෙන් සිටිනවා ඇති .ඒ ගැන කනස්සලු නොවී ප්‍රමාද වීම පිළිබඳව ධනාත්මකව සිතීමට ඔබට හැකිනම් එය ඔබ ඔබටම කරගන්නා යහපතක් වනු නියතයි .ඔබගේ මංගල දිනය තවත් සුන්දර කර ගැනීමට නැවත වරක් ඔබට ලැබෙන වරප්‍රසාදීය කාල වකවානුවක් යැයි හැමවිටම ඔබ මෙනෙහි කරන්න.

 

ඇයි අපි එහෙම කියන්නේ ? එනම් මේ නිසා සිදු වූ ලොකුම වටිනාකම සිදුවූයේ ඔබටයි ඊට හේතුව වන්නේ විවාහය සඳහා ඔබ පෙර සිටම සූදානම් විය යුතු සියල්ල ඔබ දැනටමත් සූදානම් වී හමාර නිසා ඔබ අනවශ්‍ය සිත් තැවුලක් ඇති කරගත යුතු වන්නේ නෑ. මෙහිදී යුග දිවිය ආරම්භ කිරීමට ඔබ දෙදෙනා විසින් යොදා ගත් දිනයේ පමණක් වෙනස් වූ බව ඔබ සිහි තබාගන්න එහෙයින් ඔබ හදිස්සි වී අපගේ සංස්කෘතිය මගින් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන වත් පිළිවෙත් වලින් දුරස් නොවීමටද වගබලා ගත යුතුයි මන්ද ඉදිරියේදී ඔබගේ දරුවන්ට පවා පෙන්වීමට ඉතිරි වන්නේ මෙම මතක සටහන් පමණක් බව හැම විටම මතකයේ තබා ගන්න.

 

 

 

 

 

 

 

 

 

By : Dilki Shamani

Photo Source : Internet

views

545 Views

Comments

arrow-up