සමට ගැලපෙන ආලේපන වර්ග තෝරා ගන්න

අප එදිනෙදා භාවිතා කරන මොයිස්චරයිසර් මුහුණේ සුන්දරත්වය වැඩි කිරීමට උපකාරී වෙනවා. එහෙත් ඔබේ මුහුණේ සුන්දරත්වය නැති කිරීමටත් මෙයම හේතුවක් වන බව ඔබ දන්නවාද?
එ නිසාම ඔබේ සමට ගැලපෙනම මොයිස්චරයිසර් තෝරා ගැනීම කළ යුතුයි. ඒ සදහා මුලින්ම ඔබේ සම කුමන වර්ගයකට අයත්ද යන්න හදුනා ගැනීම කළ යුතුයි. එවිට ඔබට ඕනෑම ආලේපනයක් මිලදී ගැනීමට පෙර ඔබේ සමට ගැලපෙනවාද නැතිද යන්න නිගමනය කළ හැකියි.
බොහොමයක් තරුණ තරුණියන් සම ගැන සැලකිලිමත් නොවී මොයිස්චරයිසර් තෝරා ගැනීම සිදු කරනවා. ඔවුන් වෙළෙඳපොළට ගොස් වෙළෙඳ හිමියා හෝ එහි සේවක සේවිකාවකගෙන් අසා ඔබ මොයිස්චරයිසර් මිලදී ගන්නා අවස්ථා ඇත. රූපලාවණ්‍යය පිළිබඳව දැනුමක් නොමැති වෙළෙඳ සේවකයන් ඔහුට හෝ ඇයට සුදුසු යැයි සිතන ක්‍රීම් වර්ගයක් තෝරා දෙනු ලබයි. එසේ ඔබ ගන්නා මොයිස්චරයිසරයෙන් ඔබට දැඩි බලපෑමක් එල්ල විය හැකියි.
අප මේ සදහා උදාහරණයක් ගෙන බැලුවහොත් සාමාන්‍යයෙන් වියළි සමකට මොයිස්චරයිසරයක් සෑදෙන්නේ මුහුණේ ඇති වියළි ගතිය අඩු කිරීමටයි. එවැනි වූ ක්‍රීම් වර්ගයක් තෙල් සහිත සමකට ආලේප කළ විට සිදුවන්නේ කුරුලෑ බිබිලි මුහුණේ තවත් වැඩි වීමක්, එහි අනෙක් පැත්තට සිදුවන ක්‍රියාකාරිත්වයද එලෙසමයි. එනම්, තෙල් සහිත සමකට ගැලපෙන ආලේපන වියළි සමකට ගැල්වීම අහිතකර ප්‍රථිඵල ගෙන දෙයි. එහි ඇති මධ්‍යසාර ප්‍රතිශතය වැඩි වීම හේතුවෙන් එවැනි ආලේපනයක් ඔබේ සමේ ගැල්වීමෙන් සම රැලි වැටීමට පටන් ගනී.
මුහුණේ කුරුලෑ වැඩිව පවතින අයෙකුගෙන් එයට හේතුව සොයා බැලුවහොත් ඔහු හෝ ඇය භාවිතා කරන මොයිස්චරයිසරය හෝ ෆේස් වොශ් එක වන්නට පුළුවන්. එනිසා නිවැරදි වූ ආලේපන ඔබේ සමට තෝරා ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු බව මතක තබා ගන්න.
ඔබේ සම ඉතාමත්ම සංවේදී ඉන්ද්‍රියක්. එනිසාම නොගැලපෙන ආලේපන නිසා ඇලර්ජි තත්ත්වයන්ද ඇති වීමේ ඉඩකඩ වැඩියි. එනිසා දකින දකින අතට අසුවන විවිධ වූ ආලේපන වර්ග ගැනීමෙන් මෙන්ම ගෑමෙන්ද වලකින්න. එය ඉතා අයහපත් පුරුද්දක්. එමගින් ඔබේ සමට ඉතා අහිතකර සෘජු බලපෑමක් ඇති කරයි. ඊට අමතරව පමණට වඩා මුහුණ සේදීම ද නොකළ යුත්තකි.
ඔබේ සමට ගැලපෙනම ආලේපන පමණක්ම තෝරා ගන්නට ඔබේ රූපලාවණ්‍යය ශිල්පිනියගෙන් හෝ ශිල්පියාගෙන් අසා දැනගන්න. ඔබේ සම කුමන වර්ගයට අයත්ද යන්න ඔබ දන්නවා නම් නිශ්පාදනවල ඇති ලේබලයේ එම නිශ්පාදනය සුදුසු වන්නේ කුමන සමකට ද යන්න සදහන් කර ඇත. එය කියවා සුදුසුම ආලේපන තෝරා ගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1469 Views
Comments