ඔබත් කෙට්ටුද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
26

ඔබත් කෙට්ටුද?

ඔබත් කෙට්ටුද?

වැඩිදෙනෙක් තරබාරු බවට විසඳුම් සොයන විට තවත් බොහෝ දෙනකුට බලපා ඇති ගැටලුවක් තමයි කෙට්ටු බව. නමුත් කෙට්ටුව සෞඛ්‍ය විද්‍යාත්මකව ගැටලුවක් නොවන බව ඔබ දන්නවාද ? සාමාන්‍ය දේහ බර සහිත සෞඛ්‍ය සම්පන්න සිරැරක් ඔබට හිමිනම් කෙට්ටුව ගැන තැවි තැවී නොසිටිය යුතු බවයි වෛද්‍ය උපදේශය වන්නේ. නමුත් ඔබ කෙට්ටුව ගැන සැලකිලිමත් විය යුත්තේ එය ශරීරයේ බර අඩුවීමත් සමඟ එන නිදන්ගත හෝ එය ප්‍රතිකාර ගතයුතු මට්ටමේ කෙට්ටුවක් වූ විටයි. එවැනි තත්වයක් බොහෝය් රෝගාබාධයක කැපීපෙනෙන ලක්ෂණයක් විය හැක.


යම් අයෙකුට කෙට්ටු ශරීරයක් උරුම වීමට බලපාන හේතු බොහෝමයක් තිබේ. පුද්ගලයකුගේ වයසට සාපේක්ෂව ඇති දේහ බරත් සමඟ සලකා බලමින් කෙට්ටුව ගැන කතා කළයුතුයි. ඔබේ ශරීරය කෙට්ටු වුවත් වයසට හා උසට සාපේක්ෂව තිබිය යුතු දේහ බර ඇත්නම් එවැනි කෙට්ටුව මට්ටු කරන්නට දැඟලීම සාර්ථක නොවේ.

 


පුද්ගලයකුගේ දේහ බර ඔහුගේ හෝ ඇයගේ වයස, ස්ත්‍රී පුරැෂ භාවය, ජන වර්ගය, ජානමය බලපෑම, දේහ බර පිළිබඳ ඉතිහාසය, සමස්ත සෞඛ්‍ය තත්ත්වය යන සාධක මත රඳාපවතී. එබැවින් ඔබ දැන් සිටින වයසේදී ඔබේ මව්පියන්ද කෙට්ටු ශරීරරයකට උරුමකම් කීවා නම්,ඉන් තහවුරු වන්නේ ඔබ සතුව කෙට්ටු ජානය පවතින බවය. එවැනි අවස්ථාවක කෙට්ටුවට පිළියම් කළ නොහැක.


මීට අමතරව කෙට්ටු වීමට බලපාන වෙනත් හේතු කිහිපයක්ද දැකිය හැක. ඉන් ප්‍රධාන වන්නේ මානසික ආතතියයි. මේ සමඟම සිතේ කනස්සලු ස්වභාවය සහ ආහාර අරුචිය ඇතිවේ. ප්‍රමාණවත් පරිදි ලැබිය යුතු නින්ද හා විවේකය ශරීරයට නොලැබීම අනෙක් කරුණයි. එමෙන්ම ඔන අධික ලෙස වෙහෙසවන ක්‍රියාකාරකම්වල සහ ශරීර අභ්‍යාසවල යෙදීමද මෙම තත්වය ඇතිවීමට හේතුවකි.


මීට අමතරව ඔබේ කෙට්ටු වීමට හේතුව යම් ශාරීරික රෝගී තත්ත්වයක් විය හැක. එවැනි අවස්ථා සුදුසු වෛද්‍ය පරීක්ෂණ මගින් තත්ත්වය තහවුරු කිරීමට හැකියාව ඇත. එවැනි රෝගී තත්ව අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාව, ගැස්ට්‍රයිටිස්, උදරය සහ අන්ත්‍ර ආශ්‍රිත ආබාධ, ආහාර ජීර්ණයේ ආබාධ, හෝර්මෝන පද්ධතියේ ආබාධ මෙන්ම ආහාර රටාවේ ඇති ව්‍යාකූලත්වය ප්‍රධාන වේ.

 


සිරුරේ කෙට්ටු බවට බලපාන මෙවැනි හේතු අතරින් ඔබට බලපාන කාරණාව කුමක්දැයි හඳුනා ගැනීමට මානසික වෛද්‍යවරු මෙන්ම පෝෂණ වෛද්‍ය උපදේශයන්ද ලබාගැනීමත්, නිසි පරීක්ෂාවන්ට ලක්වීමත් ඉතා සුදුසුයි.
සිරුරේ කෙට්ටු බව සහ අඩු දේහ බර පුද්ගල සෞඛ්‍යට අයහපත් ලෙස බලපායි. නිසි වෙලාවට අවශ්‍ය පමණට පෝෂණීය ආහාර නොගැනීම නිසා කෙට්ටුවීම සිරුරේ ප්‍රතිශක්තිකරණයට මූලිකවම බලපායි. එලෙස ප්‍රතිශක්තිය හීනවීම නිසාම නොයෙකුත් ලෙඩරෝග වලට පහසුවෙන් ගොදුරු වියහැක. මීට අමතරව කෙට්ටුබව නිසා ශරීරයේ ශක්තිය අවමවේ. සිරුරේ සාමාන්‍ය ජෛව ක්‍රියාවලිය අඩපණවී යයි. ඔබට යම් රෝගී තත්වයක් නිසා කෙට්ටු නොවේ නම් වැදගත්ම කාරණාව නම් තමන්ගේ කෙට්ටු බව ගැන අනුන්ගේ විවේචන නොතකා හැරීමයි. එබැවින් සිරැරට ගැලපෙන විලාසිතාවලට ඇඳුම් ඇඳීමත්, කෙට්ටුව වදයක් ලෙස සිතීම වළක්වා ධනාත්මකව සතුටින් සිටීම ඉතාම වැදගත් බව මතක තබාගන්න.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2294 Views

Comments

arrow-up