සම පැහැපත් කරන කස්තුරි කහ

දකුණු ඉන්දියාව කියන්නේ සුරූපිණියන්ගේ දේශයක් කියලා ලෝකයේ හැම තැනම ප්‍රසිද්ධයි. මේ තරම් ලස්සන වෙන්න රහස මොකද්ද කියන එක බොහෝ දෙනෙක් හොයන්න පටන් ගත්තා. ඊට හේතුව වෙන්නේ ඉන්දියාවේ හටගන්නා කස්තුරි කහ ආහාරයට සහ රූපලාවන්‍ය සත්කාර වලට යොදාගැනීම බව ඔවුන්ගේ නිගමනය වුණා. කස්තුරිකා ශාකයේ මූල උතුරු ඉන්දීය ලදුන්ගේ ජීවිතයේ අංගයක් බවට පත්වෙලා තියෙන්නේ වසර හාරදාහක් පමණ අතීතයේ සිටමයි. මේ කහ වලින් ලැබෙන විශ්මිත ප්‍රතිඵල මොනවද කියලා අපි බලමු.
වයස්ගත වීම පාලනය කරනවා
උතුරු ඉන්දියානු ගැහැනුන් කස්තුරි කහ ආලේපය මගින් සම වඟින් සම වයසට යාමේ ඇතිවන ලක්ෂණ පාලනය කරගන්නවා. කස්තුරි කහ වල අඩංගු ප්‍රතිදාහක හා ප්‍රතිඔක්සිකාරක බොහොමයක් සම අළුත්වැඩියා වීම වේගයෙන් සිදු කරනවා. සාමාන්‍යයෙන් අපි කුඩා කාලයේදී වේගයෙන් වැඩෙනවා. වයස සමග සම අළුත්වැඩියා වෙන වේගය අවම වෙනවා. මියගිය සෛල කොටස් සමෙන් ඉවත් නොවීම නිසා සම මහළු පෙනුමක් ගන්නවා. මේ නිසා කස්තුරි කහ ඊට හොඳ ප්‍රතිඵල ගෙන දෙනවා.
හිරු රශ්මියෙන් සම රැක දෙනවා
සම ඇදෙන සුළු බව නැතිවීම සමය ගැඹුරු රැළි හටගැනීමට සම අව පැහැවීමට නහර මතු වීමට හිරු රශ්මිය හේතුවෙනවා. අපේ රටවල් වල හිරු රශ්මිය ගොඩක්. වැඩි නමුත් උතුරු ඉන්දියානු ලදුන් ඉතාම පැහැපත්ව සුන්දරව ඉන්නේ මේ ඉර එළියේ හානිදායක බලපෑම් වලට විරුද්ධව කස්තුරිකා තුළ ඇති කර්කියුමන් ඉතා තදින් ක්‍රියාකරන නිසයි.
තෙල් සහිත සම යථා තත්ත්වයට ගෙන එනවා
සමේ තෙතමනය රැක ගැනීමට සමේ තෙල් ග්‍රන්ථි මගින් තෙල් ශ්‍රාවය කරනවා. මේ ක්‍රියාවලිය අධිකව සිදුවීම රෝගයක්. මේ නිසා සමේ කුරුලෑ ආසාදන ඇතිවෙනවා. නමුත් කස්තුරි කහ වල ඇති මේද අම්ලය මගින් තෙල් ශ්‍රාවය වීමේ ග්‍රන්ථි පාලනය කරනවා.
හමේ වර්ණය පැහැපත් කර ලප කැලැල් ඉවත් කරනවා
ඉන්දියාවේ ගැහැණු ළමයි හැමදාම උදේට කස්තුරි කහ වතුරෙන් මූණ හෝදනවා. ඒවා කිරි සමග මුසු කර මුහුණේ ආලේප කරනවා. එමගින් හිරු එළිය නිසා හටගන්න අදුරු බව සහ ලප කැළැල් නිසා හටගන්න මුහුණේ ඇති වර්ණ වෙනස්කම් මකා දමනවා. සමේ වර්ණය දීප්තිමත් කිරීමත් සජීවි බව වැඩි කිරීමටත් සමත් වෙනවා.
සම පෝෂණය කර සම රැක දෙනවා
දේශගුණයේ පවතින කටුකත්වය සහ වයසට යාම සමඟ අපේ සමේ තෙතගතිය නැති වෙනවා. වියලි සම නිරෝගී පෙනුමෙන් යුතු සමක්. වියලි සම නොයෙක් ආපදාවට ලක් වෙනවා. ඒ නිසා කස්තුරි කහ වල ඇති කර්කියුමින් සම ගැඹුරටම කාවැදී ඒ තුළින් සම පෝෂණයකර සම රැක දෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
2431 Views
Comments