විද්‍යාව සහතික කළ කැස්සට හොඳම පැණිය

නිතර ඇතිවන කැස්ස හෙම්බිරිස්සාව කියන්නේ අද වන විට මාරාන්තික රෝගයක පෙරලකුණුයි. කැස්ස සමනය සඳහා සිදුකළ නවතම සොයාගැනීමක් පිළිබඳ තොරතුරු මෙහි දැක්වේ. මෑතකදී බ්‍රිතාන්‍ය ජාතික බටහිර ළමා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ඔලිවර් බෙවින්ග්ටන් කළ එළිදරව්වද ඉහත කී කතාව තහවුරු කරන්නකි. වෛද්‍ය බෙවින්ටන් පෙන්වා දී ඇත්තේ දරුවන්ගේ කැස්ස සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේදී නිර්දේශ කරන සිරප් වර්ග හෙවත් කැස්ස පැණිවලට වඩා දෙහි දොඩම් යුෂ සහ මී පැණි සුසංයෝගය වඩාත් ගුණදායක සහ ප්‍රතිඵලදායක විශ්වාසවන්ත ප්‍රතිකාරයක් බවය. කැස්ස සඳහා බොහෝවිට හේතුකාරක වන වෛරස ආසාදන බොහෝමයක් ප්‍රතිජීවක ද්‍රව්‍ය රහිතව, ඇඳ විවේකය ලබා වැඩිපුර දියර වර්ග පානය කිරීමෙන්ම පමණක් සුවකරගත හැකි බව වෛද්‍යවරයා කියයි. එවන් තත්ත්වයක් යටතේ ශරීරයට අහිතකර ද්‍රව්‍ය ඇතුළත් ඖෂධ ලබාගන්නවා වෙනුවට ගුණාත්මක බවෙන් ඉහළ සහ ආරක්ෂාවක් සහිත මීපැණි දොඩම් පැණිය භාවිතාව සාර්ථක බව ඔහු පෙන්වා දෙයි.
දෙහි දොඩම් යුෂ තුළ සරුසාර ලෙස විටමින් සී අන්තර්ගතය. දෙහි ගෙඩියක යුෂ තුළ කෙනෙකුට දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණයන් තුනෙන් එකක් අඩංගුය. විටමින් සී ප්‍රතිශක්තිකරණ පද්ධතිය කාර්යක්ෂම කරන අතර එයද ප්රතිඔක්සිහාරකයක් ලෙස ක්‍රියා කරන්නේය. එසේම ප්‍රති වෛරස සහ බැක්ටීරියා කාරකයක් ලෙස ක්‍රියාකරයි.
මී පැණි අතීතයේ සිටම හොඳ පෝෂකයක් ලෙස හඳුනාගන තිබේ. බැක්ටීරියා නාශකයක් වන එය තුළ පෝෂක ද්‍රව්‍ය ගොන්නක් අඩංගුය. ඒවා අතර කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තඹ, මැංගනීස්, සෙලෙනියම් සහ ෆ්ලෝරයිඩ් අඩංගුය. මේවා ප්‍රතිඔක්සිහාරක ද්‍රව්‍ය ලෙස ක්‍රියාත්මක වන අතරම ඒ නිසා සිරුරු ගත නිදහස විෂ ද්‍රව්‍ය අවශෝෂණය කරයි. එසේම පටක වර්ධනයටද උපකාර වෙයි.
බොහෝමයක් බටහිර කැස්ස පැණි තුළ පැරසිටමෝල් අඩංගු බව පෙන්වා දෙන වෛද්‍යවරයා කැස්ස පැණි දිගින් දිගටම භාවිතය මගින් ඉතා පහසුවෙන් පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලෙස ශරීරගත වීමට හැකි බව පෙන්වා දෙයි. එය සිරුරට අහිතකර ප්‍රතිපල අත්කරදෙයි. ඇඹුල් දොඩම්, දොඩම් හෝ දෙහි ඇඹුලට මී පැණි යොදා සාදාගන්නා පැණිය කැස්ස නිට්ටාවට සුව කරන අතර අහිතකර අතුරු ආබාධ රහිතව ගුණාත්මක ප්‍රතිඵල පමණක් ලබාදෙන අතර මේ පැරුණි කැස්ස පැණිය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය සමස්ථයක් ලෙස සිරුරට සුවදායී වන අතර පෝෂණයක්ද සපයන ද්‍රව්‍යයන්ය. එබැවින් අපට නිතර පහසුවෙන් සොයාගත හැකි මේ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කරන පැණි ඔබත් කුඩා දරුවන්ට කැස්ස වැළඳුන අවස්ථා වලදී භාවිතා කරන්න. එය ඉතා සාර්ථක බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
by Dilki Shamani
Photo source : Internet
1129 Views
Comments