මේෂ ලග්නය හිමි ඔබ කෙබදු පුද්ගලයෙකුද?

මේෂ ලග්නය පාලනය කරනු ලබන්නේ අඟහරු ග්‍රහයා විසිනි. පුරාවෘත්තවලට අනුව අඟහරු ග්‍රහයා යුද්ධයේ හා ආක්‍රමණයේ දෙවියා ලෙස හැදින්විය.
නොඉවසිලිමත්ව හා තරඟකාරී ස්වරූපයක්, බොහෝ මේෂ ලග්න හිමියන් තුළ පිහිටයි. තම මිථ්‍යා පාලකයාගේ සටන් ස්වභාවය ඔස්සේම ගමන් කිරීමට ඔවුන් උත්සාහ දරන බවක් පෙන්නුම් කරයි.
ඔබ වීරයෙකු වීමට හෝ එවැනි අයෙකු විසින් ඔබව අතහැර දමනවාට ඔබ බොහෝ සෙයින් ප්‍රිය කරයි. රාශි චක්‍රයේ පළමු රාශිය ලෙස, ඔබ උපත ලැබුවේ අංක එකේ ස්ථානයටයි.
ඔබ සියල්ලන්ගේම අවධානය දිනාගැනීමට මෙන්ම ඔබේ විශ්වාසයෙන් සෑම කෙනෙකුටම විනෝදාස්වාදයක් ලබා දීමට හැකි දිදුළන තනි තාරකාවකි. ඔව්, ඔබ බොහෝ සෙයින් නොඉවසිලිමත්ව කටයුතු කළ හැකිය, ටිකක් පමණ හිතුවක්කාරද විය හැකිය, විශේෂයෙන් ඔබට ඔබගේ මාර්ගය, ඔබට අවශ්‍ය දේ ඒ ආකාරයෙන්ම නොලැබෙන විට...
රාශි චක්‍රයේ “බබා” ලෙස මේෂ හැදින්වූවාට වරදක් නැත, ඔබ ඔබට වැඩි අවධානයක් බලාපොරොත්තු වන අතර, ඔබට එය නොලැබෙන විට මේෂ ඔබ තරමක් දුරට හිතුවක්කාර ගති පැවතුම් ඇති කරගන්නවා. කෙටියෙන්ම පැවසුවොත් ඕනෑකරන දෙයක් ඇත්නම් එය ඕනෑමයි.
ඔබ යම් දෙයකදි නැවත ආපසු හැරෙන්නේ බොහොම කලාතුරකිනි. එසේ නොවෙන්නේ නම් ඔබ නිසැකයෙන් එය අවසානයටම කරගෙන යන අයෙකි. ඔබ ඔබගේ මිතුරන් නවතම ත්‍රාසජනක ක්‍රියාවලියන්ට මඟ පෙන්වන විට, ඔවුන් ඔබව අනුගමනය කිරීමටද කැමතියි.
සෑම විටම ඔබම නොව අනෙක් අයටත් ලොක්කා වීමට ඉඩ දීමට වග බලා ගන්න, නැතහොත් ඔබට සතුරන් වැඩි වීමේ ප්‍රවණතාවය ඇත. ඔබේ තරඟකාරී ඉරියව්ව හා හැගීම වටිනාම ඉලක්කයක් වෙත යොමු කරන්න, එවිට ඔබට ඉහළට ඒමේ හැකියාව ඇත!
by Kaushalya De Silva
Photo Source: Internet
887 Views
Comments