ෆැෂන් කරන්න කලින් මේ ගැනත් හිතන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

ෆැෂන් කරන්න කලින් මේ ගැනත් හිතන්න

ෆැෂන් කරන්න කලින් මේ ගැනත් හිතන්න

අපි කොයි කවුරුත් ලස්සනට අඳින්න,පළඳින්න ගොඩක් කැමතියි. ඒත් සමහර අවස්ථා වලදී අපි අපට නුසුදුසු වන ආකාරයේ විලාසිතාවන් කරනවා. එයින් අපගේ පෞර්ශත්වයට හානියක් වන බව ඔබ දන්නවාද ?

එහෙනම් අද අපි ඔයාලට ෆැෂන් කරන්න කලින් සුදුසු ආකාරයට එය කිරීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් අරගෙන ආවා. බලන්න මේ කරුණු කොයිතරම් දුරට ඔබ අනුගමනය කරනවාද කියා.

> ෆැෂන් භාගෙට කරන්න එපා.

ඇදුමක් පැළඳ සිටියාට පමණක්ම ඔබව ලස්සන කරන්නේ නෑ. කෙස් කළඹ නිසියාකාරව සකස් කර තිබීම, මේකප් ටිකක්, ගැලපෙන සපත්තුද අප අඳින ඇදුම් තරමටම වැදගත් වන බව මතක තබා ගන්න.

> එන එන ෆැෂන් කරන්න යන්න එපා.

ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් මේක. ඔහුට හෝ ඇයට ඒ විලාසිතාව සුදුසු වන්නත් එසේ නොවන්නත් පුළුවන්. ඒත් ට්‍රෙන්ඩ් එකට යන්න කරන්න එපා. ඔබට ගැලපෙන ඒ වගේම ඔබටම ආවේණික වූ ආකාරයට ෆැෂන් කරන්න.

> ෆැෂන් කියන්නේ විනෝදයෙන් කළ යුතු දෙයක්.

ඔබේ හිතේ තියෙන දේ, ඔබට දැනෙන දේ අන් අයට ප්‍රකාශ කරන අපූරු දෙයක්.

> සැමවිටම ඔබට පහසු ඇදුම් පැළදුම් අඳින්න පුරුදු වෙන්න.

තදට ඇදුම් ඇදීම, අනවශ්‍ය පැළදුම්, අපහසුවට දාන සපත්තු අඳින්න එපා. ඔබ අපහසුවෙන් සිටිනා බව අන් අයට හොඳින් පෙනෙන බව මතක තබා ගන්න.

> ඔබගේ අල්මාරියේ ඇදුම් ෆැෂන් කල් පනින්නේ නැති ඇදුම් වලින් පුරවාගන්න.

කාලෙන් කාලෙට එන අළුත් අළුත් විලාසිතාවන් ඉතා ඉක්මනින් යල් පනින බව මතක තබා ගන්න.

> ඔබට වටිනාකමකින් යුතු ඇදුම්, පැළදුම් වලට පමණක් වියදම් කරන්න.

මිල වැඩි අනවශ්‍ය ඇදුම් මිලදී ගන්න එපා.

> ෆැෂන් කරන්න කලින් ඒ ගැන අධ්‍යයනය කරන්න.

වෙළෙඳපොළේ මිල ගණන් අඩු වැඩි වීම, විශේෂයෙන්ම ඔබට සුදුසුද නැත්ද යන්න පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව මිලදී ගන්න. දැක්ක ගමන් ගන්න යන්න එපා.

> ඔබ දැනට අඳින පළඳින දේ ඉවත් කිරීමට පෙර දෙවරක් සිතා බලන්න එය අනවශ්‍යමද කියලා.

නැවතත් එහි වෙනසක් කරමින් අඳින්නට හැකි නම් එසේ කරන්න. නැත්නම් අඳින්නට හැකි අයෙකුට දෙන්න. කෙනෙකුගේ කුණු ගොඩක් තවත් කෙනෙකුට වස්තුවක් විය හැකි අවස්ථා තිබෙන බව මතක තබාගන්න.

> සුදුසු ආකාරයේ යට ඇදුම් අඳින්න.

ඔබ පිටතින් අඳින ඇදුමෙන් යට ඇදුම් විනිවිද පෙනෙන ආකාරයට කිසි දිනෙක අඳින්න එපා. හැකිතාක් එය වැසෙන ආකාරයේ ඇදුම් ඇදීමට හුරු වන්න.

 


> යට ඇදුම් ඕනවාට වඩා හිරටත්, ඕනවාට වඩා බුරුලටත් අඳින්න එපා.

එයින් ඔබට හානියක් මෙන්ම අවලස්සනක්ද ගෙන එනවා.

> සෑම විටම මිලදී ගැනීමට පෙර ෆිටෝන් කරලා බලන්න.

එයින් ඔබට නොගැලපෙනවා නම් එය නොගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. නැත්නම් ගෙදර ගිහින් එපා කියලා හිතුණොත් මාරු කරගන්න යන කාලයත් වැය වූ මුදලත් අපරාදෙ.

> ඕනෑම ඇදුමක පැළදුමක එය නිශ්පාදිත රට, එයින් ඔබට හා පරිසරයට සිදුවන බලපෑම ගැන වඩාත් සැලකිලිමත් වන්න.

හැකිතාක් පරිසරයට හිතකර ඇදුම් පැළදුම් අඳින්න උත්සහ කරන්න.

> ඔබගේ ශරීරයේ හැඩය හා වර්ණය අනුව ඇදුම් තෝරා ගැනීම ඉතාමත්ම වැදගත්.

එය ඔබගේ ශරීරයෙහි හැඩයට හෝ වර්ණයට නොගැලපේ නම් ඔබව එය ඇඳිමෙන් අවලස්සනට පෙනේ.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

694 Views

Comments

arrow-up