මේ දිනවල වැඩිදුර එළවළු පළතුරු ආහාරයට ගන්න

සිරුරේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කිරීම පිළිබඳව අද වන විට වැඩි කතාබහක් කතා බහක් ඇතිවී තිබෙනවා. අප ආහාරයට ගන්නා ඇතැම් එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල මෙම ප්‍රතිශක්තීකරණ හැකියාව ඇත. මේ සඳහා හේතු වනුයේ ආහාරවල අඩංගු Phenol, Flavonoid, Alkaloid, Polysaccharides වැනි සංයෝගයන්ය. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සහ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ යයි. මෙමගින් මූලිකව ශරීරය බෝවන රෝගවලින් ආරක්ෂා කෙරෙයි. මේ ක්ෂුද්‍ර මර්දන හැකියාව නිසා ආහාර මාර්ගයේ ක්ෂුද්‍ර ජීව ආසාදන, පෙනහළුවල ක්ෂුද්‍ර ජීව ආසාදන, සමේ ක්ෂුද්‍ර ජීව ආසාදන සහ වකුගඩුවල ක්ෂුද්‍ර ජීව ආසාදන යනාදී බොහෝ ආසාදන ප්‍රමාණයක් නිවැරදි ආහාර පරිභෝජනය තුළින් මර්දනය කිරීමට හැකි වේ.
උදාහරණයක් ලෙස පොල්වල බැක්ටීරියා නාශක ගුණ, වෛරස මර්දන හැකියාව සහ දිලීර නාශක ගුණ යන සියල්ල ඇත. පොල්වලට Ecoli, Pseudomonas, Staph aureus, Klebsiella වැනි අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමේ හැකියාව ඇත. මෙම බැක්ටීරියා නාශක ගුණයට හේතු වන්නේ පොල්වල අඩංගු Lauric acid ය. මෙම ලෝරික් ඇසිඩ් බැක්ටීරියා සෛලවල ලිපිඩ ස්ථර දියකර හරිමින් බැක්ටීරියා මර්දනය කරයි.
පොල්වල වෛරස නාශක ගුණ ද ඇත. මෙමගින් මර්දනය වන වෛරස වර්ග වනුයේ Cytomegalo virus, Epstan bavirus, Influenza virusය. මෙම වෛරස විනාශ වනුයේ මෙහි අඩංගු Lauric acid නිසාය. මෙහිදී වෛරසවල ඇති ලිපිඩ ස්ථර දිය කරමින් වෛරස විනාශ කරයි.
පොල්තෙල්වල දිලීර නාශක ගුණ ඇත. පොල්තෙල්වලට Aspergillus, Candida albicans වැනි දිලීර වර්ග නිශේධනය කිරීමේ හැකියාව ඇත. මෙයට හේතු වනුයේ ද පොල්තෙල්වල ඇති Lauric acid, Capric acid යන අම්ලය. මෙහි යාන්ත්‍රණය ඉහත පරිදිමය.
එසේම ඉඟුරු, කොත්තමල්ලි වැනි ඖෂධීය ශාක නිසා සෙම, කැස්ස වැනි පෙනහළු රෝග සුව වනුයේ ඒවායේ අඩංගු ස්වභාවික රසායනික සංයෝගවල ඇති ප්‍රබල ක්ෂුද්‍ර ජීව මර්දන හැකියාව නිසාය.
අප පරිභෝජනය කරන එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල බැක්ටීරියා නාශක ගුණ ඇත. සමහර එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල වෛරස මර්දන හැකියාව සහ දිලීර නාශක ගුණ ඇත. සියල්ල එක්ව ගත් කල ක්ෂුද්‍ර මර්දන හැකියාව ලෙස අර්ථකථනය කළ හැක. මෙම ක්ෂුද්‍ර මර්දන හැකියාව ශාකයකින් ශාකයකට වෙනස් වේ. සාමාන්‍ය ආහාරයකට වඩා ඖෂධීය ශාකවල මෙම හැකියාව ප්‍රබලය. මේ නිසා මේ දිනවල ඔබත් වැඩිපුර ස්වභාවික එළවළු පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගෙන ඔබේ සිරුරේ ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කර ගන්න.
by Dilki Shamani
Photo source : Internet
643 Views
Comments