ලිප්ස්ටික් වලින් ඔබ නොදන්නා මේකප්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
30

ලිප්ස්ටික් වලින් ඔබ නොදන්නා මේකප්

ලිප්ස්ටික් වලින් ඔබ නොදන්නා මේකප්

කාන්තාවකගේ තොල් අලංකරණය කිරීමට විවිධ වර්ගයේ ලිප්ස්ටික් ( තොල් ආලේපන ) භාවිතා කරනවා. බාල , මහළු වයස් සීමාවකින් තොරව මෙය භාවිතා කරයි. නිවසින් පිටතට යන , විශේෂ සාදයන්ට හා උත්සව අවස්ථාවන්ට සහභාගී වීම , කාර්යාලයට යන මේ කාන්තාවන් හැම කෙනෙකුම පාහේ අනිවාර්යයෙන්ම ලිප්ස්ටික් භාවිතා කරනවා. ගොඩක් දෙනෙකු වැඩිපුර කැමති රතු පැහැති ලිප්ස්ටික් වලට මන්ද එය ඕනෑම සමේ වර්ණයකට ගැළැපෙන නිසා. ඒත් ඔබ භාවිතා කරන ලිප්ස්ටික් ඉවර වූ පසු , එසේත් නැත්නම් ඔබ භාවිතා නොකරන ලිප්ස්ටික් වලට කරන්නේ කුමක්ද ? ඉවත දැමීම නෙ. ලිප්ස්ටික් ඉවත නොදමා එය ඔබේ අනෙකුත් මේකප් කටයුතු සඳහා යොදා ගත හැකි බව ඔබ දන්නවාද ? ඒ මෙන්න මෙහෙමයි

 

කන්සීලරයක් ලෙස

 

සාමාන්යයෙන් අපි කන්සීලරයක් භාවිතා කරන්නේ සමෙහි ඇති පැල්ලම් , ලප , කැළැල් , කුරුලෑ තාවකාලිකව වසා දැමීම සඳහයි. විශේෂයෙන්ම ඇස් යට කළු වීමද නැති කරලීමට හැකියි. මුලින්ම අවශ්ය ස්ථානවල ලිප්ස්ටික් ස්වල්පයක් තවරා කන්සීලර් බ්රෂ් එකෙන්ම පතුරුවා හැර එයට උඩින් කන්සීලර් ස්වල්පයක් තවරන්න. එයින් ඉතා ඉක්මනින් ලප කැළැල් මැකී යයි. එහෙත් වැඩිපුර ලිප්ස්ටික් තවරා නොගැනීමට වග බලා ගන්න. එසේ වුවහොත් වැඩිපුර ලිප්ස්ටික් ටික කන්සීලරයෙන් වසා ගැනීම අපහසු වේවි.

 

 

ලිප් බාම් එකක් ලෙස

 

කුඩා භාජනයකට කොකෝවා බටර් ස්වල්පයක් දමා එයටම ලිප්ස්ටික් ස්වල්පයක් සූරා දමා මිශ්ර කර රත්කරගන්න. හොඳින් නිවෙන්නට හරින්න. දැන් මෙය ලිප් බාම් එකක් ලෙස යොදා ගත හැකියි.

 

අළුත්ම ලිප්ස්ටික් වර්ණ

 

එකම වර්ගයේ ලිප්ස්ටික් ගාලම එපා වෙලාද ? එහෙනම් ඔබ අයින් කරපු ලිප්ස්ටික් කිහිපයක් ගන්න. එය ලිප් බ්රෂ් එකකින් මිශ්ර කරමින් තොල් වල ආලෙප කරන්න. නව වර්ණ සකසා ගන්න. සෑම විටම මැට් ලිප්ස්ටික් මේ සඳහා යොදා ගන්න. දීප්තිමත් බව වැඩි ලිප්ස්ටික් වලට වඩා මැට් ලිප්ස්ටික් ඔබගේ දෙතොල් හැඩ කරයි.

 

බ්ලෂ් එකක් ලෙස

 

සාමාන්යයෙන් අප කම්මුල් දෙක පැහැ ගැන්වීමට බ්ලෂ් යොදාගන්නවා. ඔබගේ ලිප්ස්ටික් වර්ග මේ සඳහා යොදා ගත හැකියි. ඕනෑම සමකට සුදුසු වන නිසා ගැටළුවක් ඇති නොවේ. ලිප්ස්ටික් ටිකක් ඇගිලි තුඩු වලට ගෙන කම්මුල් වල ආලේප කර බ්ලෂ් බ්රෂ් එකකින් විසුරුවා හරින්න. උඩි කන්සීලර් ඉතා යාන්තමින් ආලේප කරන්න.

 

 

අයි ෂැඩෝ

 

බ්ලෂ් එක මෙන්ම අයිෂැඩෝ වලටත් ඔබගේ ලිප්ස්ටික් යොදා ගත හැකියි. එක් ඇගිල්ලකට ලිප්ස්ටික් ස්වල්පයක් ගෙන ඇස් වසා පියන මත තවරන්න. ඇසේ සම සංවේදී වන බැවින් ආලේපන ගැල්වීමේදී තද කර ඇදීමක් නොකළ යුතු අතර යන්තමින් එය තවරා ගත යුතුයි. මේ මේකප් ක්රම ඔබට හදිසි අවස්ථාවකදී ප්රයෝජනයට ගත හැකි වන ආකාරයට සකස් කරගත හැකියි. ලිප්ස්ටික් වලින් කරන්න පුළුවන් දේවල් ඔබත් අත් හදා බලන්න.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

1575 Views

Comments

arrow-up