වෙනස් වෙන්න බිය දරුවන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

වෙනස් වෙන්න බිය දරුවන්

වෙනස් වෙන්න බිය දරුවන්

ජීවිතයේ හා පරිසරයේ වෙනස්කම් වලට මුහුණදීමේදී දරුවන්ට ඇතිවෙන ගැටළු පිළිබඳව මේ ලිපියේ දැක්වෙනවා.
දරුවන්ගේ වර්ධනය හා එම වර්ධනය නව තත්වයන්ට මුහුණදීමේ හැකියාවට බලපාන්නේ කෙසේද යන කරුණ ගැන ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ගැටළු විසඳීම, මතකය, තීරණගැනීම, භාෂාව, හැඟීම් පාලනය, හා සමාජයේ හැසිරීම වැනි දේවල් පාලනය කරන්නේ මොළයේ ලලාට ඛණ්ඩිකාව යන කොටසයි. වයස 25හ වනතුරුම මේ කොටස වර්ධනය වෙනවා. ඉතින් දරුවන්ගේ ලලාට ඛණ්ඩිකාව තවමත් වැඩී නැති නිසා තමයි ඔවුන් වෙනස්කම් හමුවේ තැතිගන්නේ. වැඩිවියට පත්වූ දරුවන්ගේ ලලාට ඛණ්ඩිකාව තරමක් දුරට හෝ වැඩී ඇති නිසා, ඔවුන්ට වෙනස්කම් වලට මුහුණදීමේ හොඳ හැකියාවක් තියෙනවා. කුඩා දරුවන් තැතිගැනීමට ලක්වීම සාමාන්‍ය දෙයක් බව වටහා ගන්න.
දරුවන් වැඩි වශයෙන්ම තැතිගන්නේ නව දෙයක් ඔවුනට මුණගැසුණු විටයි. එම අලුත් දෙය ඕනෑම තත්වයක් හෝ ඕනෑම නව අත්දැකීමක් වෙන්න පුළුවන්. අපේක්ෂා කල යුතු දේ දරුවන් හරිහැටි දන්නේ නැති නිසා ඔවුන් පීඩනයට ලක්වෙනවා. මේ අපහසුකාරී අපේක්ෂණය සැබෑ සිදුවීමට වඩා කලබලය ඇතිකරනවා.
තැතිගැනීම දරුවාගෙන් දරුවාට වෙනස්වෙනවා. නමුත් ඔවුන්ගේ හැසිරීම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.
1. නිශ්ක්‍රීය ප්‍රතිරෝධන
2. කලහකාරී ප්‍රතිරෝධය
කලහකාරී ප්‍රතිරෝධය යනු, කෑගැසීම, අඩි පොලේ ගැසීම, හා ගැසීම වැනි හැසිරීම්. නිශ්ක්‍රීය ප්‍රතිරෝධය එතරම් දරුණු නෑ කියා ඔබට සිතුනත්, එයත් පාලනය කිරීම අපහසු තත්වයක්. නිශ්ක්‍රීය ප්‍රතිරෝධනයේදී යම් තැනනකට යාම හෝ, යම් ක්‍රියාකාරකමට සහභාගීවීම, හා සන්නිවේධනය කිරීම ප්‍රතික්ෂේප කරයි. හුදකලාවීමත් මෙහි ලක්ෂණයක්.
නව අවස්තාවට මුහුණදීම සඳහා තමා සතුව දැණුම හා සමාර්ථයන් නැති බව ගොඩක් දරුවන් සිතනවා. මේ බිය නිසාම දරුවන් වෙනසට ප්‍රතිරෝධය දක්වනවා. අපහසුතාවට පත්වීම හා අපොහොසත්වීමට බිය නිසා තමයි දරුවන් බලවත් මානසික ප්‍රතිචාරයන් දක්වන්නේ. නමුත් නිසි ආකාරව වර්ධනය නොවුණු භාෂා හා අවබෝධතා කුසලතා නිසා ඔවුන්ට ඒ වෙනස හරි ආකාරව තේරෙන්නේ නෑ. මෙවැනි අවස්ථා වලදී දින චර්යාවක් ඇතිකිරීම මඟින් දරුවන්ට යම් පහසුවක් දැනෙනවා. ඔවුන්ට සුරක්ෂිත බවක් හා පාලනය කළ හැකි බවක් දැනෙනවා. එම දින චර්යාව දරුවන්ට පහසු නම්, එය එකවර වෙනස් කරන්න යන්න එපා, ඉන් දරුවන් අවුල් සහගත තත්වයට පත්වෙනවා.

 

 

 


දරුවන්ගේ මේ බිය සම්පූර්ණයෙන්ම තුරන් කරන්න බැරි වුණත්, ඉදිරියේදී ඇතිවෙන වෙනසට දරුවන් කල් තියාම සූදානම් කරන්න පුළුවන්. ඔබ ඔවුන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ කුමක්දැයි ඔවුනට පහදා දෙන්න. බලාපොරොත්තු නොවුණු දේවල් සඳහා දරුවන්ට සාර්තකව මුහුණදීමට ඔවුන්ව පෙර සිටිම පුහුණු කරන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

475 Views

Comments

arrow-up