දරුවන්ට වන්දි ලබා ගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

දරුවන්ට වන්දි ලබා ගැනීම

දරුවන්ට වන්දි ලබා ගැනීම

1999 අංක 37 දරන නඩත්තු පනතේ 2 වගන්තිය දරුවන් සඳහා නඩත්තු ඉලීමේදී අදාල වෙයි. මෙහිදී නඩත්තු ඉල්ලිය හැක්කේ තමාට තමා නඩත්තු කරගත හැකි ළමයෙකු නඩත්තු කිරීමේ යුතුකම දෙමාපියන්ගෙන් කෙනෙකු ප්‍රතිෂ්ප කළවිටදීය. නැතහොත් නොසලකා හැරීය විටදීය. මෙහිදී නඩත්තු කිරීම නොසලකා හැරී හෝ පාර්ශවය විසින් ඔප්පු කළ යුතුය. එලෙස ඔප්පු කළ විට පහත සඳහන් කරුණු සලකා බලා මාසික නඩත්තු දීමනාවක් ගෙවන මෙන් අණ කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.

මව් පියන්ගේ ආදායම
ළමයාගේ වත්කම්
අවස්ථානුගත කරුණු

එම පනත්තේ 2(3) වගන්තිය අනුව තමාට තමාගේ නඩත්තුව කරගත නොහැකි වියපත් දරුවෙකු වෙනුවෙන්ද නඩත්තු ඉල්ලීමක් කළ හැකිය. මෙහිදී වියපත් දරුවකු යනුවෙන් අදහස් කරනු ලබන්නේ වයස අවුරුදු 18ක් ඉක්මවූ දරුවෙකි. රෝගී වීම, තවමත් අධ්‍යාපනය ලබන බව ආදී හේතු එවැනි ඉල්ලීමකදී ඉදිරිපත් කළ හැකිය. පනතේ 2(1) වගන්තිය අනුව තමාට තමාගේ නඩත්තුව කරගත නොහැකි ආබාධිත දරුවෙකු වෙනුවෙන්ද නඩත්තු ඉල්ලීමක් කළ හැකිය. කෙසේ නමුත් විවාහයකින් නුපන් ළමයකු සම්බන්ධයෙන් ඉල්ලීමක් කර ඇති විට ප්‍රබල සාක්ෂි මගින් මවිපියභාවය තහවුරු කරන්නේ නම් මිස එවැනි ආඥාවක් නොකළ යුතු වෙයි.

නඩත්තු පනතේ ඇති පරිදි දරුවෙකුට මවගෙන් හෝ පියාගෙන් නඩත්තු ඉල්ලා ඇති විටක ඉල්ලුම්කරුගේ ඉල්ලීම හෝ අධිකරණයේ මෙහෙයවීම මත අනෙක් පුද්ගලයාද නඩුවට පාර්ශවකරුවකු ලෙස එකතු කළ හැකිය.

පනතේ 22 වන වගන්තිය අනුව ළමයා යනු විවාහයෙන් උපන් හෝ විවාහයකින් නූපන් හෝ දරුකමට හදාගත් හෝ වයස අවුරුදු 18ට නොඑළඹුනු දරුවෙකි.වියපත් දරුවා යනු විවාහයෙන් උපන් හෝ විවාහයකින් නුපන් දරුකමට හදාගත් හෝ වයස අවුරුදු 18ක් හෝ 18ට වැඩි හා 25ට අඩු දරුවෙකි.

 

 

 


ආබාධිත දරුවා යනු යම් දරුවෙකුට ජීවිකාවක් කරගැනීමට මහා ඇයට ප්‍රමාණවත් ලෙස යැපීමට මානසික වශයෙන් ආබාධිත තත්ත්වයට හෝ ඔහුට නොහැකි වන පර්දි ශාක හෝ පත්ව ඇත්තාවූ හෝ එසේ පවන්නාවූ හෝ විවාහයකින් උපන් නැතහොත් විවාහයකින් නූපන් නැතහොත් දරුකමට හෝ වයසක දරුවෙකි. දරුකමට හදාගැනීම ලෙස සලකන්නේ උඩරට නීතිය යටතේ හෝ කුලවද්දාගැනීම් ආඥා පනත යටතේ දරුකමට හදා ගත් දරුවෙකි.

ළමයෙකු හෝ ආබාධිත දරුවෙකු සදහා ළමයා හෝ ආබාධිත දරුවා හෝ ඔවුන්ගේ භාරකාරත්වය දරන කෙනෙකු විසින් හෝ වියපත් දරුවෙකු වෙනුවෙන් ඒ දරුවා විසින් හෝ කවර හෝ තැනැත්තෙකු විසින් හෝ කලත්‍රයෙකු වෙනුවෙන් කලත්‍රයා හෝ කවර හෝ තැනැත්තෙකු විසින් එම නඩත්තු ඉල්ලීම සිදුකළ හැක.

views

1041 Views

Comments

arrow-up