ගබ්සා වීම් වළකගන්න මේ දේවල් හිතන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

ගබ්සා වීම් වළකගන්න මේ දේවල් හිතන්න

ගබ්සා වීම් වළකගන්න මේ දේවල් හිතන්න

දරුවකු පිළිසිඳ ගන්නේත්, වැඩෙන්නේත්, මව් කුස තුළයි. එසේම මවටත්, දරුවන්ටත් අවශ්ය ආදරය, රැකවරණය හා සහයෝගය ලබා දීම තම සැමියා මෙන්ම පවුලේ අනෙකුත් දෙනාගේද වගකීමක් මෙන්ම යුතුකමකි. දරුවකු පිළිසිඳ ගත් බව දැනගත් දින සිටම එම සහයෝගයත්, වෛද්ය සායනයන්ට සහභාගී වීමත් තුළින් මවකුගේ ගබ්සා වීම වළක්වා ගන්න පුළුවන්. සාමාන්යයෙන් ගබ්සාවන් වලට ප්රධානතම ලෙස බලපානු ලබන්නේ ගර්භාෂයේ වූ අසාමාන්ය සැකැස්මක් ඇති විටදීය. එනිසා ගැබ් ගැනීම සිදු වූ මුල් අවදියේදීම නාරි හා ප්රසව වෛද්යවරයාගේ සහය ඇතිව විවිධ වූ පරීක්ෂණයන් තුළින් මෙම ගර්භාෂයේ සැකැස්මෙහි අසාමාන්ය බවක් ඇත්නම් ඒවා හදුනාගත හැකියි.

 

ගබ්සාවක් සිදු වීමට ජානමය ගැටළුද බලපානවා. එනිසා ගර්භණී වූ කාන්තාවක් හා සැමියා දෙදෙනාම රුධිර පරීක්ෂණයකට ලක් කළ යුතු වෙනවා. එක් අයෙකුට හෝ දෙදෙනාටම ජානමය ගැටළු පවතින්නේ නම්, විශේෂඥ සායනික ජානවේදියෙකු කරා යොමු කරවනවා. මෙම ජානවේදීවරයා විසින් ඉදිරි ගැබ් ගැනීම් සඳහා වූ අවශ්ය උපදෙස් නිසියාකාරව ලබා දෙනු ඇත. දරු ගැබට මාස 04 - 06 ක කාලය තුළ ගබ්සාවීමක් හෝ නියමිත වූ මාස ගණනට පෙර දරුවා බිහි කිරීම සිදු කර ඇත්නම් යෝනි පෙදෙසෙහි බැක්ටීරියා ආසාදනයන්ට ලක් වී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සිදුකරන අතරම එවැනි වූ ආසාදනයන් ඇත්නම් සුදුසු වූ ප්රතිජීවක ඖෂධයන් ලබා දීම තුළින්ද ගබ්සා අවදානම අඩු කරනවා. ලේ කැටි ගැසීමේ ගැටළු ඇති අයටත් ගබ්සාවීමේ ඉතා ඉහළ අවදානමක් ඇත. එසේ ඇත්නම් වහා වෛද්ය ප්රතිකාර වලට නිසියාකාරව සහභාගී වීමෙන් නීරෝගී දරු උපතකට හිමිකම් කීමට හැකියාව ඇත. ගැබ් ගෙල දුර්වල නම් එවැනි අයටද ගබ්සාවීමේ ප්රවණතාවය වැඩි වෙනවා. ගැබට හානි සිදුවේද නැත්ද යන්න පරීක්ෂණ මගින් වෛද්යවරයාට දැන ගත හැකි වන අතර එයට සුදුසු වූ ප්රතිකර්මයන් වෛද්යවරයා විසින් සිදු කරනු ලබනවා.

 

 

දරුවකු පිළිසිඳ ගෙන මුල් කාලයේදී ප්රෙජෙස්ටරෝන් හෝ හියුමන් ක්රොනික් ගොනැඩොට්රොෆින් හෝමෝනයන් ලබා දීමෙන් ද ගබ්සා වීමේ අවදානම අඩුවන බව විශ්වාසයක්ද පවතින අතර, තවමත් වෛද්ය විද්යාත්මකව මෙය සනාථ කර නොමැත. දිගින් දිගටම ගබ්සා වීම් වන්නේ නම් , APL ප්රතිදේහයන් එයට වගකිව යුතු වනවා. ඒ සඳහා පෙති හා එන්නත් මගින් වෛද්යවරයා ප්රතිකාර ලබා දෙනවා. ගැබ් ගැනීමකදී දරුවා නීරෝගීව වැඩීමට මෙන්ම විවිධ වූ රෝග වලින් දරුවා බේරාගැනීමට මනා වූ පෝෂණයක් මව ලබා ගත යුතුයි. ඒ සඳහා විවාහ දිවියට එළමි දිනයේ සිටම වෛද්යවරයා හමු වීම, සායනවලට සහභාගී වීම මෙන්ම ෆොලික් අම්ලය එක් කළ මල්ටි විටමින ගැනීමෙන් මවකගේ දරුවාගේ මොළයේ ගෙඩි, ලියුකේමියාව, පිළිකාවන් වැනි අවදානම් හා රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා කරන බව ටොරෙන්ටෝ රෝහල මගින් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති අතර මොළයේ හා කොදු ඇට පෙළේ ගෙඩි ඇතිවීමෙහි අවධානම නැති වනවා. මව්වරුන් තම දරුවා පිළිසිඳ ගත් දින සිටම තම පෝෂණය ගැන සැළකිලිමත් වීමෙන් මෙවැනි ලෙස ගබ්සා වීමේ අවදානම නැතිකරලීමේ හැකියාව ඇත.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

619 Views

Comments

arrow-up