නිවසේ පැල්ලම් පහසුවෙන් ඉවත් කරමු
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

නිවසේ පැල්ලම් පහසුවෙන් ඉවත් කරමු

නිවසේ පැල්ලම් පහසුවෙන් ඉවත් කරමු

පුංචි දරුවන් ඉන්න කොට නිවසක භාණ්ඩ වල පැල්ලම් ඇති වෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙයි. ඒ වගේම විවිධ හේතු නිසා නිවසේ තැන තැන පැල්ලම් ඇති වෙනවා. මේ සූදානම් වෙන්නේ ඒ පැල්ලම් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන් ක්‍රම පිළිබඳ ඔබව දැනුවත් කරන්න.

බේකින් සෝඩා

බේකින් සෝඩා නැත්නම් සෝඩියම් බයිකාබනේට් පැල්ලම් පිරිසිදු කරන්න පුළුවන් හොඳම ද්‍රව්‍යයක්. ඊට හේතුව වෙන්නේ බේකින් සෝඩා ජලයේ සමග එකතු වුනාම රළු ස්වභාවයක් ගන්නවා. එවිට ඇඟිල්ල භාවිතා කරලා මිශ්‍රණය පැල්ලම් මත ආලේප කලවිට කරදරයක් නැතුවම පැල්ලම ඉක්මනින් ඔබේ භාණ්ඩ වලින් ඉවත් කරගන්න අවස්ථාව ලැබෙනවා.

මද්‍යසාර

මද්‍යසාර භාවිතා කරලා තීන්ත පැල්ලම් යවන්න පුළුවන් එක හරිම පහසුයි. පුළුන් ගුලියක් අරගෙන මද්‍යසාර වල ගිල්වලා තෙත් කරගෙන පැල්ලම ඉවත් වන තුරු අතුල්ලන්න පුළුවන්. තවදුරටත් අවශ්‍ය නම් අලුත් පුළුල් ගුලියකින් නැවත අතුල්ලා ලී මතුපිටක තියෙන තීන්ත පැල්ලම් ඉවත් කරගන්න පහසුවෙන් හැකියාව ලැබෙනවා.

දන්තාලේප

ඕනෑම මතුපිටක තියෙන පැල්ලමක් ඉවත් කරන්න දන්තාලේප වලටත් පුළුවන් බව ඔබ දන්නවාද? මේ සඳහා බේකින් සෝඩා සහිත දත් බෙහෙත් වර්ගයක් භාවිතා කලොත් තවත් පහසුයි. දත් බෙහෙත් ස්වල්පයක් පැල්ලම මත රඳවලා ටික වේලාවක් තියෙන්න ඇරලා මෘදු රෙදි කඩකින් එය පිස දැමූවොත් ඔබට ඉතාම පහසුවෙන් එයඉවත් කරගන්න පුළුවන්.

ශේවිං ක්‍රීම්

තීන්ත පැල්ලම් ඉවත් කරන්න ශේවිං ක්‍රීම් වුනත් යොදාගන්න පුළුවන්. ශේවිං ක්‍රීම් ස්වල්පයක් අරගෙන තීන්ත පැල්ලම් මත ආලේප කරලා විනාඩි පහළොවක් විතර තියෙන්න ඇරලා තෙත මෘදු රෙදි කඩකින් පිස දැමූ විට තීන්ත පැල්ලම තිබුණු තැනක්වත් හොයා ගන්න බැරිවෙනවා.

 

 

 


සබන් දියර

පැල්ලම් මකන්න සබන් දියර නම් ඉතාම පහසු ද්‍රව්‍යයක් බව බොහෝ දෙනෙක් දන්නවා. මේ නිසා සබන් දියර මේස හැන්දකට උණු වතුර කෝප්පයකට මිශ්‍ර කරලා රෙදි කඩකින් හොඳින් තදින් ඇතිල්ලීමෙන් පැල්ලම් සහිත මතු පිට හොඳින් පහසුවෙන් පිරිසිදු කරගන්න කරගන්න හැකියාව ලැබෙනවා.

නිවසක අපිරිසිදු බව පෙන්නුම් කරන ගෘහ භාණ්ඩ වල තැන වැටිලා තියෙන පැල්ලම් කෑම වැටීම නිසා අපිරිසිදු වෙලා තියෙන පැල්ලම් ඉවත් කරන්න නිවසේදී තියෙන ද්‍රව්‍ය වලින්ම මේ විදිහට පහසුවෙන් ඔබට හැකියාව ලැබේවි. වැඩි වෙහෙසක් ගන්නේ නැතුව ගෙදරදිම හොයාගන්න පුළුවන්. ඒනිසා පැල්ලමක් ඇති වුණු අවස්ථාවන් වලදී ඒවා මේ විදියට පිරිසිදු කරන්න උත්සහ කරගන්න.

 

 

by Dilki shamani

Photo Source: Internet

views

479 Views

Comments

arrow-up