ඇස් කණ්නාඩි පැළඳීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
14

ඇස් කණ්නාඩි පැළඳීම

ඇස් කණ්නාඩි පැළඳීම

ඇස් කණ්නාඩි පලදින්නේ අක්ෂි ආබාධයක් ඇතිවූ විටකයි. එය විලාසිතාවකට පලඳින්නේ නැහැ. මෙසේ හැදෙන අක්ෂි ආබාධ දුර දෘෂ්ටිකත්වය අවිදුර දෘෂ්ටිකත්වය විෂම දෘශ්‍යතාවය ලෙස වර්ග කළ හැකි වෙනවා.

වයස අවුරුදු 40 වූ බොහෝ දෙනාට ඇසේ පේශි දුබලතාවයක් ඇති වීමෙන් ළඟ පෙනීම අඩු වෙනවා. එවිට කියැවීම අපහසු නිසා කණ්ණාඩි දැමීම සිදු වෙනවා. ඒ වයසේ පුද්ගලයන් සඳහා උපැස් පැලදීම අවශ්‍ය වෙනවා. කණ්නාඩි පළඳින අයට එය අලුත් කර ගැනීම සඳහා කාලයක් නැහැ. උදාහරණයක් වශයෙන් කියවීමට ගන්නා කන්නාඩියකින් පසුව පෙනීම අපහසු නම් එය වෛද්‍ය උපදෙස් මත වෙනස් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයස අවුරුදු එකකට දෙකකට වරක් එසේ අලුත් කර ගැනීම සුදුසු වෙනවා.

කුඩා දරුවන්ගේ පෙනීමේ ගැටලු තිබෙනවා නම් එය මුල් කාලයේදීම හඳුනා ගැනීම වැදගත් වෙනවා. මුල් කාලයේදී හඳුනා නොගතහොත් වයසට යන විට පෙනීම අඩු වෙන්න පුළුවන්. එය දරුවාගේ අධ්‍යාපන කුසලතාවය අඩු වෙන්නත් හේතු වෙනවා. විශේෂයෙන්ම දරුවන් රූපවාහිනිය නැරඹීමට ළඟට යන්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. එය දුර නොපෙනීම නිසා සිදුවන්නක්. එසේම කුඩා දරුවන්ට පොත් කියවන විට ඉතාම ලඟ බලන්නේ නම් හෝ පන්ති කාමරය පිටුපස සිටින විට ගුරුතුමා ලියන දේ නොපෙනේ නම් ඒ නාභිගත වීමේ ආබාධයක් විය හැකියි. එවැනි වෙනස්කම් ඇති විට පමා නොකර දරුවාගේ අක්ෂි පරික්ෂාකර ගැනීම වැදගත් වෙනවා.

 

 

 


තදබල අව් රශ්මියට ඇස හානිකර වෙනවා. ඒ නිසා තද අව්වේ යන අය කණ්ණාඩියක් පැලඳීම ඉතාම සුදුසු වෙනවා. ප්‍රමිතියෙන් යුතු අව් කණ්ණාඩි තෝරා ගැනීම මෙහිදී වැදගත් වෙනවා. ඇසට එන හානිකර පාරජම්බුල කිරණ ආරක්ෂා වීම සඳහා ඒ ශක්තිය සහිත කණ්ණාඩි පැළඳීම ඉතාම වැදගත් වෙනවා. විලාසිතාව පිණිස ප්‍රමිතියෙන් තොර මතුපිට අලංකාර සහිත අව් කණ්ණාඩි පැලඳීමෙන් ඇසට හානි සිදු වෙන්න පුළුවන්. යම් රෝගයකට පෙනීම ගැටළු සඳහා කන්නාඩි පැලදීම විවිධාකාරයට දැකගන්න පුළුවන්. එනම් සිවිකාච පැළඳීම උදාහරණයක් වෙනවා. කණ්නාඩි පැලදීමට අකමැති අයට එය ලබාගන්න පුළුවන්. එසේ සිවිකාච පැළඳීම ඉතා ක්‍රමානුකූලව පැළඳීය යුතු අතර සෞඛ්‍ය සම්පන්න විය යුතු අතර ඉන් ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කුඩා දරුවන්ට කණ්නාඩි දැමීමට අවශ්‍ය විට ඒ සඳහා පළඳින කණ්නාඩි වඩාත් සුදුසු වෙනවා. ඔබත් ඇස් කණ්නාඩි හා අව් කණ්නාඩි පැළඳීමේදී මේ ගැන දැනුවත් වෙන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

2639 Views

Comments

arrow-up