ඩයලයිසිස් ප්‍රතිකාර ගැන දන්නවාද

වකුගඩු බද්ද කිරීමේ තත්ත්වයෙන් පෙළෙන එහෙත් ඒ සඳහා වකුගඩුවක් සොයාගත නොහැකි අයෙකුට ලබා දෙන ඊලග සුදුසුම ප්‍රතිකාරය ඩයලයිසිස් නම් වෙනවා. සිරුරේ ඇති රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාරයක් ලෙස මෙය හඳුන්වනවා. මේ ප්‍රතිකාරයේ ආකාර දෙකක් තියෙනවා.
රුධිර කාන්දුකරණය සහ පිරිතාන කාන්දුකරණය ඒ අතර වෙනවා. රුධිර කාන්දුකරණය නම් ක්‍රමයේදී රෝගියාගේ රුධිරය පිටතට ගෙන යන්ත්‍රයක් මගින් යාන්ත්‍රිකව පිරිසිදු කරදීම සිදුකරනවා. පිරිතාන ක්‍රමයේදී රෝගියාගේ උදරයට රුධිරය පිරිසිදු කරන දියරයක් දමා සුළු වේලාවකින් එය ඉවත් කිරීම මගින් රුධිරය පිරිසිදු කරනවා. මෙම ක්‍රමයෙන් රුධිරය පිරිසුදු කරදීම බද්ධ කිරීම මෙන් නොව තාවකාලිකව සුව ගෙන දෙන ප්‍රතිකර්මයක් පමණයි. කාලෙන් කාලයට වෛද්‍ය උපදෙස් මත රෝහලට පැමිණ රෝහල්ගතවී මෙම පිරිසිදු කරගැනීමට භාජනය වීමෙන් රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගෙන යාමට තාවකාලික නිරෝගී බවක් පමණක් ලැබෙනවා.
එහෙත් මෙම ප්‍රතිකාරය ලබාගන්නා රෝගියෙකුට සතියකට දින තුනකටවත් රුධිරය පිරිසුදු කිරීමට භාජනය කළ යුතු වෙනවා. අපේ රටේ බහුලව භාවිතා වන්නේ රුධිර කාන්දුකරණ ක්‍රමයයි. එහිදී රෝගියා රෝහලට පැමිණ පැය දෙක තුනක් ඇතුළත රුධිරය පිරිසුදු කරගැනීමට භාජනය කරනවා. මෙම දෙවැනි ක්‍රමය ඉතාම පහසු ක්‍රමයක් වුනත් අපේ රටේ මෙම ක්‍රමයෙන් රුධිරය පිරිසිදු කරන්නේ ඉතාම අල්ප වශයෙන්. දියුණු රටවල එම ක්‍රමය වැඩි වශයෙන් භාවිතා කරනවා. වකුගඩු දෙකම අක්‍රීය මට්ටමෙන් පවතින අයෙකුට රුධිරය පිරිසිදු කර ගනිමින් නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට නොහැක. වකුගඩුවෙන් නිපදවන් නිපදවෙන හෝමෝන කැල්සියම් පොස්පරස් ආදියත් කෘත්‍රිමව ලබාදිය යුතු වෙනවා. ඒ නිසා වකුගඩු ඉතාම අක්‍රීයව සිටින රෝගියකුට කළයුතු සුදුසුම ප්‍රතිකාරය වන්නේ වකුගඩු බද්ධ කිරීමයි.
වකුගඩුවක් බද්ධ කිරීම පහසු කාර්යයක් නොවේ. රෝගියාට ගැලපෙන එසේම පරිත්‍යාග කරන්න සොයාගැනීම පහසු වන්නේ නෑ. එපමනක් නොව සාර්ථක බද්ධයක් සිදු කරන්න නම් තම ලේ ඥාතියකුගෙන් එය ලැබිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් පාලනය නොකර අධි රුධිර පීඩනයට ගොදුරුව දිගු කාලයක් සිටීමෙන් වකුගඩු අක්‍රිය තත්වයට පත්වෙනවා. එහෙත් එය හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් දිගටම අක්‍රීය වන තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දිගු කාලයක් තිස්සේ වකුගඩු අක්‍රිය වීමට භාජනය වූ පුද්ගලයකුට එය බරපතළ තත්ත්වයට ඒමට පෙර හඳුනා ගතහොත් ඒ සඳහා නිසි ප්‍රතිකාර කර එම තත්ත්වය පාලනය කර බද්ධ කිරීම් වැනි බරපතළ තත්ත්වයන් වළක්වා ගත හැකි වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1917 Views
Comments