හානි වී ඇති කෙස් කළඹ සවිමත් කර ගන්නේ මෙහෙමයි

වර්තමානයේ බොහෝමයක් කාන්තාවන්ට පවතින ගැටළුවකි හිසකෙස් හානි වීම. කිසිදු හානියකින් තොර ශක්තිමත් දිගුවන් කෙස් කළඹක් ඇත්තෙන්ම කාන්තාවකට ආභරණයක් වැනිය. එමනිසාවෙන් කෙස් කළඹක් හානි වීමෙන් තොරව ආරක්ෂා කරගැනීමට කාන්තාවන් විසින් නිරන්තරයෙන් උත්සාහ ගත යුතුයි.
තමාගේ හිසකේ පළුදු වී ඇත්නම් ඇත්තෙන්ම එය කාන්තාවකට කනස්සල්ලක් ඇති කරන්නකි. එවැනි හිසකෙස් සදහා සුවිශේෂී ප්‍රතිකර්ම අත්‍යවශ්‍ය වන බව ඔබ දන්නවාද. ඔබටත් ඇත්තේ උෂ්ණත්වය නිසා පහසුවෙන් කැඩෙන, කෙස් අග පැලී ඇති වියළි කෙස් කලඹක් නම් නිසි කෙස් ආරක්ෂක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඔබ දැනුවත් විය යුතුමයි. නිරෝගීමත් පෙනුමකින් යුත් සැහැල්ලු කෙස්කළඹක් සැමගේ අපේක්ෂාවයි. ඔබටත් ඇත්තේ පලුදු වූ කෙස් කළඹක් නම් ඔබේ හිසකෙස් වල ස්වභාවය අනුව නියම කරන ලද ෂැම්පු, කන්ඩිෂනර් සහ හෙයාර් සීරම් වෙත යොමුවීම වැදගත්. ෂැම්පු භාවිතයේදී තෙතමනය සහිත හිසකෙස් මත සම්බාහනය කර සෝදා හැරිය යුතුය. conditioner හිසකෙස් මත පමණක් ගෑවෙන සේ භාවිතා කළ යුතුයි. එය හිසකෙස් මත ආලේපකර විනාඩි තුනකට පසුව නැවත සෝදා හැරිය යුතුයි. Serum සතියකට වරක් සේදීමෙන් අනතුරුව වියළුණු හිසකෙස් මත ගෙවිය යුතු වේ. උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ඔබේ සමට සුවපහසුවක් දැනුනද විශේෂයෙන්ම පලුදු වූ හිසකෙස් සහිත අයගේ කෙස් කළඹට මෙමඟින් බලපෑම් ඇතිවිය හැකියි. අධි උණුසුම් ජලය මගින් සමේ අනවශ්‍ය මේද ස්ථර ඉවත් වේ. මෙමගින් සමේ වියළි බවක් ඇති වන නිසා ස්නානය කරන විටදී උණුසුම් ජලය මගින් හිසකෙස් සෝදා හැරීමෙන් වැළකිය යුතුයි. ඔබ දැනට හිසකෙස් සේදීමේදී සත්කාරයක් වශයෙන් කන්ඩිෂනර් වර්ගයක් භාවිතා නොකරන්නේ නම් අදම එය ආරම්භ කරන්න. යෝග්‍ය කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීමේදී එය හිසකෙස් අභ්‍යන්තරයේ සිට අග දක්වා යථා තත්ත්වයට පත්කරයි. කාන්තාවන් විසින් අනිවාර්යෙන්ම හිසකෙස් සේදීමට පෙර හිසකෙස් පීරා ගත යුතුයි.
ඔබට හිසකෙස් සේදීමෙන් පසු පීරීමට අවශ්‍ය නම් පීරීමට පෙර හිසකෙස් හොඳින් පිස දැමිය යුතුයි. තෙත පනාවකින් හෝ පලල් කෙඳි සහිත පනාවක් භාවිතා කිරීමට මෙහිදී වගබලාගන්න. එමගින් හිසකෙස් වලට මෘදු ස්පර්ශයක් ලැබේ. ඔබ ස්නානය කිරීමෙන් පසු තුවායකින් හිස පිස නොදමා ඒ සඳහා කපු ටී ෂර්ට් එකක් භාවිතා කරන්න. Dryers, Curling wands, falt irons වැනි උපකරණ ඉතා උණුසුම් විය හැකිය. එය හිසකෙස් සදහා ඉතා හානිකර බැවින් උණුසුම අවම කර ඒවා භාවිතා කිරීම හිසකෙස් සදහා වඩාත් යෝග්‍යයි. ඔබේ කෙස් කළඹ හානි වී ඇත්නම් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට ඔබට යම්කිසි කාලයක් ගතවේවි. නමුත් එම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට නැවතත් කලින් තිබුණාටත් වඩා ආකර්ෂණීය කෙස් කළඹක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
628 Views
Comments